අද : 2010/09/05   ඉරිදා  | රාහු කාළය  4.30 සි‍ට 6.00 දක්වා  | මරු සි‍ටින දිශාව  උතුර
|     |
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
Video සින්දුව
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.  හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
free counters
 

“සුවඳ දැනුණා ජීවිතේ”

ජීවිතයේ සියලු සැප අත්හැර ජීවිතයෙන් පලා යෑමට හිත හදාගත් ආවේගශීලී තරුණයෙක්, අයෙශ්මන්ත... ආදරයේ අමිහිරි අද්දැකීමකට මුහුන දීමට ඇති බව නොදන්නා දඟකාර කෙලිලොල් යව්වනියක්, රශ්මි.

අයෙශ්මන්තගේ ජීවිතයේ නිවීයමින් තිබෙන බලාපොරොත්තු යලි දල්වාලන රශ්මි,

නොසිතූ ලෙස... දුර්වල ආදරවන්තයෙකුටත්, දෙමාපියන් ගේ යෝජනාවකටත් මැදිව අසරණ වන අවස්ථාවක උපකාර කිරීමට ඉදිරිපත් වන අයෙශ්මන්ත,

මේ දෙදෙනා අතර දෙදෙනාටම හොර රහසේ ගොඩනැගෙන ආදරය... සමීපබව...

බිඳවැටුනු ආදර මන්දිර අතහැර ‍මේ දෙදෙනා එක්ව අලුතින් ගොඩ නඟන සිහින මන්දිරය...

දෙමාපියන් විටෙක අසරණව... තවත් විටෙක එරෙහිව... සැඟවුනු ආශිර්වාදයත් සමග එල්ලකරන බලපෑම්...

මේ සියල්ල අභිබවා ජීවිතයේ සැබෑ සුවඳ... ආදරය ජයගන්නා ආකාරය

මෙම චිත්‍රපටය තුල මනා ලෙස ගෙනහැර දැක්වීමට මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක මෙන්ම තිර රචක හා නිපාදක ද වන ධම්මික සිරිවර්ධන සමත්ව ඇත.

මෙම චිත්‍රපටය සඳහා සුරූපී නිලි පූජා උමාශංකර්, රොෂාන් රනවණ, ශ්‍රීමාල් වෙඩිසිංහ, මොරීන් චාරුනි, රමණී සිරිවර්ධන, රෙක්ස් කොඩිප්පිලි, ජනක් ප්‍රේමලාල්, පුබුදු චතුරංග, ගයාත්‍රි ඩයස්, දයාදේව එදිරිසිංහ ඇතුලු තවත් ජනප්‍රිය නලුනිලියන් රැසකගේ රංගන දායකත්වයෙන් මෙම චිත්‍රපටය වර්ණවත් වී ඇත.

ඉකුත් 11 වන දින වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ඇතුලු දිවයිනේ විවිධ පළාත් වල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරඹූ “සුවඳ දැනුණා ජීවිතේ” අති සාර්ථක අන්දමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වෙයි. පවුලේ සැමට එක්ව එකහා රස විඳිය හැකි චිත්‍රපටියකි.

විශේෂ ස්තූතිය: පූජා උමාශන්කර් මෙනවිය, ජයරත්න ගලගෙදර මහතා - ඊ.ඒ.පී. ෆිල්ම්ස්, ඩිලාන් රාජපක්ෂ මහතා - ඔගිල්වි ඇක්ෂන්, මහේෂ් මහතා  - ඔගිල්වි ඇක්ෂන්.

 

 
 
 
 
 
 
 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
ශ්‍රී ‍ලංකාවේ වේලාව
 
 
නිකම‍ට බලන්න
 
H1N1 – Immediate treatment for pregnant women. www.flu.gov