ටොරීගේ කතා
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
free counters
 

ළමුන්ගේ මානසික නිරොගි බවේ වැදගත්කම

www.handiye.comබොහෝ අවස්ථාවල දි අපි සුවතාව, නිරෝගිබව වැනි වදන් භාවිතයේ යෙදෙමු. මෙම ‍වදන් වලින් අප විස්තර කරන්න‍ට හදන්නේ නිරෝගී හෝ රෝගී ශාරීරක තත්වයන් වේ.

එහෙත් “නිරෝගි වීම” වීම යන්න ශාරීරික තත්ව ‍ඉක්මවා ගොස් මානසික, සාමාජීය හා ආධ්‍යාත්මික පැතිකඩ ද ඇතුලත්වන සංසිද්ධියකි. ශරිරය, සිත, සමාජය හා ආධායාත්ම‍‍‍ය සමීප වශයෙන් එකිනෙක‍ට සම්බන්ධ‍ව පැවතීමේ හේතුව නිසා, ඉන් එකකට හානියක් සිදු වුවහොත් අ‍නෙක් ඒවා‍ටද එහි ‍බලපෑම නොවැළැක්විය හැකිය. නිදසුනක් වයෙන් දක්වතොත් සමාජයෙහි දරිද්‍රතාවය පවති නම් එය හේතුකොට ගෙන උදරය පි‍ටත‍ට නෙරාගිය, වැහැරුනු මාංශපේශී ඇති, මන්දපොෂිත ළමුන් ඇතිවේ. එබදු ළමුන් සාමාන්‍ය‍යෙන් සි‍ටින්නේ අසතු‍ටෙනි. සුළු දෙයිනුත් අසහන කාරි වන ඔවුන් නිතර ගැටෙති. එමෙන්ම මෑතකදී තම පියා අහිමි වු කුඩා දැරියක් දෙස බැලුවහොත්, එම අහමි වීම යම් අයුරකින් නොපිරිමසන ලද්දක් නම් ඇය කළකිරුණූ එනම් විෂාදිත මානසික තත්වයක‍ට පත්වීම නොවැළක් විය හැකි තත්වයකි. ඒ නිසාම ඇය ඉගනීම‍ට තිබූ උද්යෝගය ප්‍රහීන වී යයි. මෙවැනි මානසික තත්වයක් යටතේ ඇයගේ ආහාර රුචිය දුබල වී යයි. ඇය ලෙහෙසියෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව හා උණ වැනි  බෝවන රෝග භාජනය වේ. මෙලෙස ළමුන්ගේ එමෙන්ම වැඩිහිටියන් ගේ පවා ශාරීරින දුබල වීම් පහසුවෙන් හඳුනාගත හැකි වුවත්, මානසික දුබල වීම් එසේ පහසුවෙන් හඳුනා ගැණිම‍ට හැකියාවක් නැත. ඒ සඳහා ඔහුගේ චින්තනය, ක්‍රියා‍ව, චිත්තවේගී ප්‍රකාශන හා චර්යා රටා නිරීක්ෂනය කරමින් ලබාගන්නා තොරතුරු අනුව විනිශ්චයක‍ට එළ‍බිය යුතු වේ.  

ළමයින් හැසිරෙන ආකාරයෙන් ඔවුන්ගේ මානසික සුවතාවේ මට්ටම් දැනගත හැකිය. ඔවුන් තම සම වයසේ සගයන් සමඟ ක්‍රියා කරණ සැටි, තම හැගීම්, උද්යෝගය හා ලැදියා ප්‍රකාශ කරණ සැටි, ඔවුන්ගේ විශ්වාසනීයත්වය හා ඔවුන් පවුලෙහි හැසිරෙන සැටි තම මානසික සුවතා ම‍ට්ටම් පෙන්නුම් කරණ කවුළු බදුය. ළමුන්ගේ චර්යා ඔවුන් සිටින විවිද වර්ධන අවධි අනුව වෙනස් වෙයි. ළමයෙක් තම වයසට අනු‍‍‍ව හැසිරේනම් ඔහු මානසික නිරෝගි වේ යයි කිව හැක.

එමෙන්ම මානසික නිරෝගී භාව‍ය හඳුනා ගැනීමේ තවත් ප්‍රවේශයක් ලෙස සමාජය අනුව හැඩ ගැසීමේ හැකියා‍ව ඉදිරිපත් කළ හැකිය. නිදසුනක් වශයෙන් පන්තියේ අනෙක් සිසුන් ‍හා යහපත් සබඳතා පැවැත්වීම, පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පාසලේ හා නිවසේ වාතාවරණය හා සුසංයෝගී වීමේ හැකියාව, නිවසේ හා පාසලේ යහපත් චර්යා රීති වල‍ට ගරු කිරීම හා ඒවා පළිපැදීම, අන්‍යයන්‍ට උපකාරී වීමේ හැකියාව, අන්‍යයන්ගේ උපකාර අවශ්‍ය පරදි පිළිගැණිම, සදාචාර ශීලීව හැසිරීම‍ට හැකියා‍ව, ළම‍යෙකුගේ විෂිශ්ට මානසික නිරෝගිතාව පල කරන චර්යාංග ‍වේ. කෙසේ වෙතත් පවුලේ හෝ පාසලේ වාතාවරණය අයහපත් නම්, මානසික නිරෝගී ළමයෙකුට ඒ තත්ව‍‍‍යට හැඩ ගැසිම‍ට හකියාවක් නැත.

සියළු ළමයන්ගේ ජිවිත වල ප්‍රිතිය, ශෝකය, ‍කෝපය හා අහිමිවීමේ හැඟීම, භය, ඉච්චාභංගත්වය, අප්‍රසන්නතාව ආදි හැගීම් පහළ කරණ අවස්තා ඇතිවේ. එබදු  අවස්තාවක ළමයෙක් ඊට යෝග්‍ය ලෙස ප්‍රතිචාර දක්වයිනම් එය මානසික නිරොගි ‍බ‍වේ ලක්ෂණකි. මානසිකව රෝගි වු ළමුන් එවන් අවස්තාවල අනිසි ප්‍රතිචාර දක්වයි. ඇතැම් ප්‍රතිචාර ප්‍රමානවත් නොවේ. ඇතැම් ප්‍රතිචාර අවශ්‍ය ප්‍රමාණය‍ටත් වඩා වැඩිය. තවත් සමහර වි‍ට ඔවුහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.

එමෙන්ම නිරෝගී ළමුන් තම ගැටළු හා ගැ‍ටුම් මනා ලෙස හසුරුවා ගනියි. පුද්ගලයකුගේ මානසික නිරෝගි තාවය පහසුවෙන් තක්සේරු කළ නොහැකි වුවද, කෙනෙකු තමා‍ට ඇතවෙන ගැ‍ටළු හා ඉන් ඇතිවන කටුක අත්දැකීම්වල‍ට මුහුන දෙන ආකාරය අනුව එය හදුනාගත හැකි වේ.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
එච්. ඒ. සංජිවනි හෙට්ටිආරච්චි මහත්මිය,
(Hon) Psychology (Spe) (2nd Upper division),
University of Peradeniya.
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (392)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov