ඔබත් දරු ඵල ලබන්නට නම්
[හන්දියේ සුව වීදිය -2010/07/19]
අද
අපේ රටේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින තත්වයක් වන දරුඵල නොමැති
අවස්ථාව වෛද්‍යවරු වශයෙන් දැඩි අවධානයක් යොමු කල යුතු ව ඇත. විශේෂයෙන්
කාන්තා රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන අපහට අනෙකුත් රෝගවලට ප්‍රතිකාර
ලබාගැනීම සඳහා පැමිණෙන අයට වඩා මෙම තත්වයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම
දිනෙන් දින වර්ධනය වන බව පෙනී යයි.
වසර 10 ක කාලයක් වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ බදදා දිනවල දී දරුඵල
අහිමි යුවළවල් සඳහා පවත්වා ගෙන යනු ලබන සායනයට සහභාගි වන යුවළවල්
පිළිබඳව විමර්ශනාත්මක ව අධ්‍යනය කිරීමේ දී හැඟී යන්නේ මෙම තත්වයට හේතු
ලෙස විශේෂයෙන් ආහාර රටාව බලපාන බවයි. මෙම නිසා පළමු ලිපි වලින් ආහාර
රටාව පිළිබඳ ව දැනුවත් කිරීම සිදු කර ඇත. එසේම මෙම තත්වයට බලපාන
අනෙකුත් කරුණු වලින් සමහරක් නම් කාන්තා අධ්‍යාපනය හා රැකියාව,
නොසන්සුන් බව, අධික චින්තාව (කල්පනාකිරීම) යන මේවායි. ආහාර රටාව නිසා
ඇතිවෙන රෝග පිළිබඳ මීට ඉහත ලිපිවලින් පෙන්වා දී ඇත. එසේම දැනට පවතින
අධ්‍යාපන ක්‍රමය ද දරුවන් හට විශේෂයෙන් ගැහැණු දරුවන්‍ගේ හෝමෝන ක්‍රියාවලිය
කෙරෙහි බලපාන බවත් පැහැදිලි වේ.
දරුවන්ට පාසලට අමතරව අමතර පන්ති නිසා ද කුඩාකල සිට ම මනස වෙහෙසවීම
අනවශ්‍ය ලෙස සිදුවේ. මේ සිදුවීම් නිසා මස්තිෂ්කයෙන් පාලනය වන හෝමෝන වල
ක්‍රියාවන්ද වෙනස් වී ආර්ථවයේ වෙනස්කම් ඇතිවේ. මෙම අධ්‍යාපන තරඟය
අවසන් වන විට කාන්තාවන්ගේ විවාහයට සුදුසු වයසද ඉක්මවා ගොසිනි.
ආයුර්වේදයේ කාන්තාවකට විවාහය සඳහා සුදුසු වයස ද, ගැබ් දැරීම සඳහා
සුදුසු වයස ද වෙන් වශවෙන් දක්වා ඇත්තේ වයස දරුඵල කෙරෙහි ඍජුවම බලපාන
බැවිනි.
මෙම රටාව අනුව සරු කාලය ඉක්මවා විවාහ වන කාන්තාව විවාහ වු වහාම නොලද
විට විවාහ වී මාස 03ක් වත් ගතවීමට පෙර සිටම ප්‍රතිකාර සඳහා යොමුවේ.
සාමාන්‍යය වශයෙන් විවාහ වී වසර 02 වත් යන තෙක් සාමාන්‍ය විවාහ
ජීවිතයක් ගත කරන අවස්ථාවල දී දරුඵල නොලැබීම මද සරු භාවය ලෙස හඳුන්වයි.
නමුත් කාන්තාවන්ගේ වයස නිසා මෙම කාලය නොබලාම ප්‍රතිකාර ආරම්භ කිරීමද අද
දක්නට ලැබෙන නරක තත්වයකි. අඩුම තරමේ වසරක්වත් මේ පිළිබඳව සැළකිලිමත් වී
ඉන්පසු ප්‍රතිකාර ලබාගැනීම සඳහා යෝග්‍ය බව මගේ හැඟීමයි.
එසේම මේ සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ දී අනවශ්‍ය ලෙස අයකිරීම් කරනු ලබන
ස්ථාන කරා ගොස් තම දේපළ පවා අහිමි කර ගන්නා යුවළවල් අද සමාජයේ බොහෝ
වෙති. බටහිර හෝ ආයුර්වේද ප්‍රතිකාර පමනක් නොව කිසිම පදනමක් නැති
ශාස්ත්‍රක්‍රම සඳහා අධිකව වැයකර ප්‍රතිකාර කිරීමට පෙළබීම අද සමාජයේ
පවතින දුර්වලකමකි. විශේෂයෙන් ශාස්ත්‍ර සහ දෙවියන් කෙරෙහි විශ්වාසය තබන
පුද්ගලයින් ඖෂධ සඳහා වියදම් කරන මුදල මෙන් කිහිපගුණයක් සාස්තර හා
භාර-හාර සඳහා වියදම් කරති.
දරුඵල පමාවන යුවලවල් සඳහා නොම්ලේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය
හැකි අතර ඒ පිළිබඳව වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල වෙත දැන්වීමෙන් ඒ
සඳහා සහභාගී විය හැක. එසේම වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ බදාදා දිනවල
දී පවත්වනු ලබන සායනය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන යුවලවල්වලින් මසකට
75% කට පමණ සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවත් මේ මගින් ප්‍රතිකාර ලබාගැනීමට
පැමිණෙන අයට ඹෞශධ හා සේවා සඳහා වියදම් කිරීමට සිදුවන්නේ ඉතාම සුළු
මුදලක් (රු. 500කටත් අඩු) බවත් දන්වනු කැමැත්තෙමි.
අද ලංකාවේ රෝහල් අතර විශේෂ සේවාවක් ලබා දෙන මෙම බදාදා දින සායනය,
සහභාගි වන යුවලවල් සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම පද්ධතියක් යටතේ ප්‍රතිකාර
කරනු ලබයි. ඉතා විශාල ලෙස මුදල් හා කාලය අපතේ නොයවා රජයේ රෝහලකින්
විශේෂඥ වෛද්‍ය වරුන් විසින් දැඩි වගකීමකින් යුතුව ප්‍රතිකාර කරණු ලබන
මෙම සායනයෙන් උපරීම ඵල ලබාගන්නා ලෙස ඔබට දන්වා සිටිමි. තවද ඔබ දන්නා
හඳුනන අය මෙම තත්වයෙන් පීඩා විදී නම් මෙම සායනය ගැන ඔවුන් දැනුවත් කරන
මෙන් ඉල්ලා සිටිමි.

|