ටොරීගේ කතා
 
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
free counters
 

රක්ත හීනතාවයට බලපාන රක්ත ප්‍රදරය.

දැරියක් වැඩිවියට පත්වීමෙන් පසු සෑම දින 28කට වරක්ම ආර්තවය ඇතිවීම සාමාන්‍ය සිදුවීමක් වනවා සේම ඒ හේතුවෙන්ම කාන්තාවන්ටම විශේෂිත වු රෝග රාශියකින් පීඩා විදීම‍ට ඔවුන්ට සිදුවේ. මෙලෙස දින 28 කට වරක් ක්‍රමවත්ව ඇතිවීමත් ගැටලු රහිතව නියමිත වර්ණයෙන් යුක්තව නියමිත රුධිර ප්‍රමාණය පිටවීමත් ‍නිරෝගී පැවැත්මට ඉතාම වැදගත්.

ආර්තව අවධියේ දීහෝ වෙනත් අවස්ථාවක දී යෝනිමාර්ගයෙන් අධිකව රුධිරය පිටවීම විවිධ රෝග අවස්ථා කිහිපයක් නිසාම ඇතිවන රෝග ලක්ෂණයන් ලෙස හදුන්වාදිය හැකියි. මෙම තත්වය ආයුර්වේද මතානුකූලව රක්ත ප්‍රදරය ලෙස හැදින්වේ.

මෙම ‍රෝගතත්වයට බලපාන හේතු රාශියක් තිබෙන අතරම අප‍ගේ එදිනෙදා හැසිරීම් රටාවන් සහ පුරුදු නිසාත් මෙවැනි තත්ව ඇතිවීමට අවස්තාවන් සැලසෙනවා. එලෙසම වෙනත් අභයන්තර රෝග තත්වයන් නිසාත් මෙලෙස යෝනිමඟින් සිදුවන රුධිර වහනයන් ඇතිවිය හැක. අධික උශ්ණ ආහාර, ඇඹූල් රස අධික ආහාර නිතර ආහාරයට එක්කර ගැණීම (විනාකිරි, අන්නාසි, ඉස්සන්, දැල්ලන් වැනි) මෙම ‍රෝග තත්වය ඇතිවීමටත් රෝගය උත්සන්න වීම‍ටත් හේතුවක් විය හැකියි. ඊට අමතරව මෙයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ගර්භස්‍රාව එනම් ගබ්සා සිදුවීමයි. මවකට ගබ්සාවත් සිදු‍වීමෙන් අනතුරුව මෙවැනි අධික රුධිර වහනයවන තත්වයන් ඇතිවිය හැකියි.

එලෙසින්ම අධික වෙහෙසකර රැකියා වල නියුතුවීම, ආහාර අඩුවෙන් ගැනීම, සිරුර අධිකව තෙට්ටුවීම, මානසික වශයෙන් ව්‍යාකූලතා නිසාද, අධිකලෙස මෛථුනයේ යෙදීමෙන් ද මෙම රෝග තත්වය ඇතිවිය හැකිය. ගර්භාෂයට ඇතුල් කරණු ලපන උපත් පාලන උපකරණ නිසාත්, මුඛ මාර්ගයෙන් ගණු ලබන උපත් පාලන ඖෂධ නිසාත් මෙලෙස අක්‍රමවත් රධිර වහනයන් සිදුවීමට අවස්ථාව සැලසෙනවා.

මීට අමතරව කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත හෝමෝන වල අසමතුලිතතාවයන්, ගර්භාෂගත අධිවරධනය (Fibroids), ගර්භාශයේ අභ්‍යන්තර තලාව අධිකව ඝනවීම, ගර්භාශගත පිළීකා තත්ව නිසාත්‍, එමෙන්ම අර්ථවහරණය ආසන්න වු කාන්තාවන්ටත් මෙලෙස යෝනිය ම‍‍ඟින් රධිරය පි‍ටවීම සිදුවිය හැකිය.

මෙලෙස සිදුවන අධික රධිර වහනයන් අවස්ථාවන් කිහිපයක් යටතේ දැක්විය හැකිය. මාසික ආර්තවය ඇතිවු විට පිටවන රුධිර ප්‍රමාණය වැධිවිම ඉන් එක් අවසථාවකි. දිනකට සාමානය පිටවිය යුතු රුධිර ප්‍රමාණය 50ml පමණ වන අතර දිනකට පිටවන රුධිර ප්‍රමාණය ඊ‍ට වඩා වැඩිවන අවස්තා ලෙස හැදින්විය හැකියි. මෙලෙස පිටවන රධිර ප්‍රමාණය දල වශයෙන් මැන බැලී‍ම‍ට ඔබට හැකිවන්නේ එක් දිනක් තුල ඔබ භාවිතා කරන සනීපාරක්ෂක තුවා සංඛ්‍යාව මත. දිනකට සනීපාරක්ෂක තුවා 3-4 ට ‍වඩා භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු වීම අත්‍යාවශ්‍යයි.

ආර්තවය පවතින කාලය එනම් දිනගණන වැඩිවීමත් රධිරය වැඩිපුර පිටවන එක් අවස්තාවකි. ආර්තව කාල සීමාව දින 4-5 ඉක්මවා යනවා නම් එයත් සැලකිලිමත් විය යුතු අවස්ථාවක් ලෙසින් හඳුන්වා දිය හැකියි. එමෙන්ම දින 28ක් වන ආර්තව චක්‍රය ඇතුලත දී ඔසප් වීම වාර කිහිපයක් ඇතිවනවානම් එම තත්වයන් පවතින රෝගි තත්වයකදි ඇතිවන රෝග ලක්ෂණයක් විය හැකියි.

මෙලෙස දිගුකාලීනව අධිකවත්, අක්‍රමවත් රුධිරය පි‍ටවීම සිදුවීම හේතුවෙන් විවිධ රෝගලක්ෂණ ද ඇතිවේ. ඒ අතුරින් ඉතා හානිකර තත්වය වන්නේ රත්තහීනතාවය ඇතිවීමයි. දිගුකාලීනව අධිකව රුධිරවහනය වීම‍ හේතුවෙන් රුධිරගත හිමෝග්ලෝබීන් ප්‍රමාණය අඩු‍වී රත්තහීනතා ලක්ෂණ ඇතිවේ. එනිසා සිරුරේ අප්‍රාණීක බව, ක්ලාන්තය ප්‍රධානවශයෙන් දැකිය හැකිය. මීට අමතරව උදරය අතින් තෙරපූවි‍ට ඇතිවන වේදනාව, උදරය පුරවාදමා ඇතිබව, සිරුරේ වේදනාව, මානදික වශයෙන් තදබල ව්‍යාකූල බවක් ඇතිවීම, අසහනකාරීබව ආදිය පොදු ලක්ෂණ ලෙස හඳුන්වා දීමට පුළුවන්.

මෙවැනි අතිආර්තව තත්වයට ඔබත් මුහුණ දී සිටිනවා නම් පළමුව ඔබගේ එදිනෙදා හැසිරීම් රටාවන් සහ අහාරපාන වල‍ට අවධානය යොමුකිරීමෙන් මෙම තත්වයෙන් වැලකීමට උක්සහ කළ හැක. ප්‍රජණන ඉන්ද්‍රිය ආශ්‍රිත වෙනත් රෝග තත්වයන් නොමැති නම් එමගින් යම් සහනයක් ලබාගැනීමට ඔබට නිසැකවම හැකිවේවි.

එළකිරි, තෝරමාළු, හාල් මැස්සන්, කොළ කැඳ වරග, පළා වර්ග, උෂ්ණාධික නොවන පළතුරු වරග, පළතුරු යුෂ, සුප් වර්ග, ආදිය ආර්තව කාලයේ ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. මීට අමතරව දිනකට ලීටර් 3 ත් 5 ත් අතර පමණවත් පිරිසුදු ජලය පානය කිරීමත් අත්‍යාවශ්‍ය ‍වන‍වා. අධික වෙහෙස ගෙනදෙන ක‍ටයුතුවල යෙදීමෙන් වැළකී විවේකීව සිටීමත් ඉතා වැදගත්.

අන්නාසි, අච්චාරු, තක්කාලි, සෝස් වර්ග, බලමාළු, බල කරවල, සැමන් ආදී උශ්ණාධික ආහාර වලින් වැලකීම අත්‍යාවශ්‍ය වනවා මෙන්ම දිවීම, පැනීම, සහ අධික වෙහෙස කර ක‍ටයුතු වලින් මෙන්ම ගැස්සීම් සහිත වාහන වල දුර ගමන් යාමෙන් ද රුධිර වහනය වැඩිවිය හැකියි.

කෙසේ නමුත් දිගුකාලීනව මෙලෙස යෝනිමාර්ගයෙන් අධිකව රුධිරය පිටවන ත්තවයක‍ට ඔබත් මුහුණ දී සි‍ටිනවා නම් ඉතාම වැදගත් වන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔබ යොමුවීමයි. එයට හේතුව ප්‍රජනන ඉන්ද්‍රිය ගත රෝග රැසක රෝග ලක්ෂණයක් ලෙස මෙම තත්වය ඇතිවීමට ඉඩ ප්‍රස්ථා ඇතිබැවින් එවැනි රෝග කල්තබා හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වීමයි.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
 වෛද්‍ය ප්‍රදර්ශක ජේ. එම්. ඒ. ජයසුන්දර,
‍ස්ත්‍රිරෝග අධ‍්‍යයනාංශය,
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය,
කැළණිය විශ්ව විද්‍යාලය.
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (167)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov