කෂාය සැකසීමේදී අනුගමනය කළ යුතු කරුණු.
[හන්දියේ සුව වීදිය -2010/03/22]
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී හා දේශිය වෛද්‍ය ක්‍රමයේ දී රෝග සුවකිරීම
සඳහා ඖෂධ සංස්කරණය (සැකසීම) සිදුකරන ප්‍රධාන ක්‍රම ලෙස කෂාය, ක්වාථ,
චූර්ණී, පාණ්ඨ, ගුලි, කල්ක, අවලේහ, ඝෘත, අර්ෂ්ඨ, ආසව, පැණි, අර්ක, භස්න
වර්ග යනාදිය මූලිකව නම්කළ හැකිය. වර්ථමාන සමාජය තුළ මෙම ඖෂධ සංස්කරණ
ක්‍රම පිළිබඳ හා ඒවා භාවිතා කිරීම පිළිබඳ පවතින දැනුවත් භාවය අඩු
වීමෙන් මෙම වෛද්‍ය ක්‍රමයෙන් ලබාගත හැකි මහඟු ඵල ප්‍රවෝජන යම්තාක්
දුරට දුශ්කරවී තිබේ. මෙම ලිපියේ අරමුණ රෝග සුවකර ගැනීමේදී ඖෂධ වල ගුණ
උපරිමව ලබා ගැනීමට ඖෂධ සංස්කරණ ක්‍රම පිළිබඳ ඔබව දැනුවත් කිරීමයි.
කෂාය
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී දිවට දැනෙන රස වර්ග හයක් (06) පවත්න බව
දැක්වේ.

මෙම රස හය නම් කරෙන අතර එය “ෂඩ් රස” ලෙස හඳුන්නවයි. මෙම ෂඩ් රස
අතුරින් ලවන රස හැර සෙසු රස පහම(05) අයත් යන අදහස අනුව “කෂාය” යන වචනය
යෙදේ. වනෞෂධ බොහෝමයක් ලවන රස හැර රස පහෙන්ම යුක්ත වේ.
මේ නිසා වනෞෂධ උපයෝගී කොටගෙන සකසන ඖෂධීය ද්‍රව්‍ය කෂාය නමින් හඳුන්වයි.
ඖශධීය ශාක වල කොළ, පොතු, මුල්, ගෙඩි, ඇට, මල් යනාදිය අමුවෙන් හෝ වියලි
වශයෙන් යොදාගෙන කෂාය සකස් කරගනී.
කෂාය සකස් කර ගැනීමේ දී සාම්ප්‍රදායික ලෙසම එම ද්‍රව්‍ය වල බර ප්‍රමාණ
දක්වන්නේ කලං, මංචඩි(මදටිය) මිනුම් ක්‍රමය අනුවයි.
මංචාඩි 20 (මදටිය ඇට 20ක බර) = කලං 01 යි = 5g (ග්රෑම්)
වැඩිහිටියන් සඳහා කෂාය සැකසීමේදී කෂාය ද්‍රව්‍ය වල මුළු බර කලං දොළොසක්
(12) වන ලෙස ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. විශේෂ අවස්තා වලදී කලං
විසිහතරක් (24) වන ලෙසත්, කලං තිස් හයක් (36) වන ලෙසත් ගෙන කෂාය සකස්
කර ගන්නා අවස්තා පවතී. එම නිසා කලං (12) දොළසක් ප්‍රමාණය = 60 g
(ග්රෑම්) ක් වන බැවින් කලං 12 කින් යුත් කෂායක බර ප්‍රමාණය 60 g
(ග්රෑම්) විය යුතුය.
නමුත් කුඩා ළමුන් සඳහා (වයස අවු 12ට අඩු) කෂාය සකස් කර ගැනීමේ දී කෂාය
ද්‍රව්‍ය වල මුළු බර කලං 06 වනසේ ගැනීම සුදුසුයි.
වැඩි වශයෙන් වියලි ද්‍රව්‍ය යොදාගෙන කෂාය සැකසීම සිදු වුවද අමු
ද්‍රව්‍ය වලින් කෂාය සකස් කර ගැනීමට අවැසි වන්නා වු විටෙක කෂාය යෝගයෙහි
දක්වා ඇති බර ප්‍රමානය (මාත්‍රාව) මෙන් දෙගුණයක බර ප්‍රමාණයක් යොදාගෙන
කෂාය ද්‍රව්‍ය මුළු බර ගැණිම අවශ්‍ය වනවා.
උදාහරණයක් වශයෙන් ද්‍රව්‍ය 6 කින් යුත් කෂාය යෝගයක එක් ද්‍රව්‍යකින්
කලං 02 ක ප්‍රමාණයක් ගතයුතු වන අතර එම ද්‍රව්‍ය අමුවෙන් යොදාගන්නේ නම්
කලං 04 ක ප්‍රමාණයක් ගැණිම අවශයි.
කෂාය සාදා ගැණිමේ දී ඊට ජලය එක්කර ගැනීම සඳහාත් විශේෂ නීති අනුගමනය කළ
යුතු වේ. කළං දොළහක(12) කෂාය සඳහා වතුර අඩු කොප්ප අටක් (08) එක්කොට එය
එක් අඬුකොප්පයක ප්‍රමාණයට සිඳවිය යුතුය. අඬුකොප්පයක ප්‍රමාණයට “පතක්”
යනුවෙන් හැදින්වීම නිසා මෙම කෂාය සිදවීම පත අට(08) --> එකට (01) සිදවීම
ලෙස ව්‍යවහාර වේ. මෙසේ සිදුවා පෙරාගත් කෂාය වතුර පතක ප්‍රමාණය පත භාගය
(1/2) බැගින් උදේ හවස රෝගියාට දීමට වෛද්‍ය වරුන් නියම කෙරේ.
කුඩා දරුවන් සඳහා කිරාගත් කෂාය ද්‍රව්‍ය කලං 06ක ප්‍රමානයට වතුර එක්කළ
යුත්තේ පත හතර (අඬුකෝප්ප 04) ක ප්‍රමාණයකි. එම කෂාය පත හතර (04) --> පත
භාගයකට (1/2) ක් වන තෙක් සිඳුවා පෙරා ගැනීම අවශයයි. එම පත භාගය (1/2)
කොටස් දෙදකට වෙන් කර පත ¼ ( කාලක් ) බැගින් උදේ හවස පෙවීම කළ යුතුය.
විශේෂයෙන් දරුවන්ට කෂාය පෙවීම තරමක් දුෂ්කර වන නිසා වරින් වර ටික ටික
පෙවීම සිදුකළ හැකිය.
මේ ආකාරයට සාමාන්‍යයෙන් කෂායක් උදේ හා සවස රොගීන්ට දීම නියම කළත් ඇතැම්
විශේෂ රොගීන් සඳහා විශේෂ රොගාවස්ථා වලදී කලං 24ක් යොදා සකස් කරන කෂාය
වතුර පත දහසයක් (16) ක් දමා පත දෙකට (02) ට සිඳුවා පෙරා එම කෂාය පත දෙක
(02) කොටස් තුනකට (03) කට වෙන් කොට උදේ, සවස, රාත්‍රි වශයෙන් රෝගියාට
බීමට නියම කෙරේ.
කුමනාකාරයට කෂාය සකසා ගත්තද විශේෂයෙන් අනුගමනය කළ යුතු කරණු කිහිපයක්
සඳහා ඔබගේ අවධානය යොමු කිරීම අවශයයි.
-
කෂාය සිඳුවීම සඳහා මැටි මුට්ටියක් භාවිතා කළ
යුතුය. එම මුට්ටියේ කට එතරම් පළල් නොවු එකක් වීම වඩාත් යෝග්‍ය වේ.
-
කෂාය සිඳුවීම කරණ අවස්තාවේ මුට්ටියේ කට වැසීමත්
අවශ්‍ය නොවේ.
-
කෂාය සිඳුවීම සඳහා දර භාවිතා කර මඳ ගින්නේ කළ
හැකිනම් එම කෂායේ උපරීම ගුණය ලබාගැනීමට හැකිවේ. මේ නිසා වැඩි
උෂ්ණත්වයක් ලබාදෙන දර වර්ග කෂාය සිදුවීම සඳහා යොදා ගැනීමන් වැළකිය
යුතුය.
-
කෂාය නියම ප්‍රමාණයට සිඳුන පසු එම ද්‍රව කොටස
පෙරා මුට්ටියෙන් ඉවත් කර තැබිය යුතුය.
-
රෝගියාට කෂාය බීමට දෙන අවස්තාවේදී ඊට අනුපාන
එක්කර දීම අවශයයි. මෙම අනුපාන ලෙස සීනි, මී පැණී, ගිතෙල්, තලතෙල්,
එඬරුතෙල්, සැඳෙ ලුණු, යවකාර ලුණු, පෙරුංකායම්, බෙහෙත් ලාකඩ,
කයිප්පු යනාදී විවධ ද්‍රව්‍යන් එක් කිරීමට ඒ ඒ රොගතත්වය අනුව තීරණය
කෙරේ.
කෂායක් සකසා ගැණිමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා විධීන් මෙන්ම අනුපාන
යෙදීමේ විශේෂ වැදගත් කමක් ද තිබේ. අනුපාන වල එම විශේෂ වැදගත් කම හා
කෂාය ප්‍රභේද පිළිබඳව ඉදිරි ලිපි වලින් බලා පොරොත්තු වන්න.
 
|