දරුඵල අපේක්ෂා කරණ ඔබට
[හන්දියේ සුව වීදිය -2010/03/08]
විවාහයට පත්වීමත් සමඟ එම යුවලගේ ඊළග අපේක්ෂාව දරුවකුයි. එසේ වුවත්
මෑතකාලීන සමාජයේ බහුලවම ඇතිවීගෙන යන තත්වයකි දරුඵල හීනවීම. දරුවන්
බලාපොරොත්තු වන ඔබ දැනසිටිය යුතු කරුණු ගනනාවක් අතුරෙන් ඒ සඳහා
අත්‍යාවශ්‍ය සාධක කීපයක් පිළිබඳව මේ ලිපිය මගිනුත් අනෙකුත් අවශ්‍යතා සහ
අවශ්‍ය සාධක පිළිබඳව ඉදිරියටත් කරුණු ඉදිරිපත් කිරීම කාලෝචිත බව සිතමි.
ආයුර්වේදයේ සඳහන් අන්දමට දරුඵල ඇතිවීමට කරුණු 4 ක් සම්පූර්ණ විය යුතුය
එනම් ඍතු, ක්ෂේක්‍ර, අම්බු සහ බීජ යනු ඒ සතරයි. මෙහි සඳහන් ඍතු යනු
උචිත කාලයයි. මෙයට කාන්තාවගේ වයස ඇගේ සරු කාලයත් සමහර විට අවුරුද්දේ
සරු කාලයත් සැලකීම උචිතය. ආයුර්වේද ග්‍රන්ථ පරිශීලනයේ දී කාන්තා වයස
අවු 16ට වැඩිවිය යුතු බවත් අවු 40 ට අඩුව සිටීමත් වැදගත් බව විශේෂයෙන්
වයස 35 යන තෙක් සුදුසුම කාලය වශයෙන් හදුන්වා දී තිබුනත් වර්තමානයේ
පවතින විවාහ සිදුවීමේ ප්‍රමාද නිසා වයස 40 දක්වා බලාපොත්තු තැබිය
හැකිවේ. එසේ වුවත් ඒ කාලයේ දී ප්‍රථිකාර ලබාදී වාත කෝප තත්වය අඩුකර
පිළිසිඳගැණිමක් සඳහා උදව් කළ යුතුවේ. ආර්තවය ක්‍රමවත් ව සිදුවන අයගේ
(දින 28 කට වරක්) සරු කාලය ඔසප් වීම ආරම්භ වු දිනයේ සිට දින 12-15 අතර
වුවත් ආර්තවය අක්‍රමවත් වන විට මෙම සරු දිනයන් ද වෙනස් වෙයි. ඒ අනුව
දින ගනන් වෙනස් වන අයගේ සරු කාලයද වෙනස් වන බැවින් ඒ පිළිබඳ සැලකිලි
මත් විය යුතුය. මෙම සරුකාලය තුල කාන්තාවන් ගේ ඩිම්බ නීහරනය සිදුවේ.
ක්ෂේත්‍රය යනුවෙන් සඳහන් කර ඇත්තේ ගර්භාශය පිළිබඳවයි. ඒ අනුව ගර්භාශයේ
විකෘතිතා හෝ දොෂ තත්වයන් ගෙන් තොරව තිබිය යුතුය. කෙතක බීජ වපුරන විට
එය නිසරු කෙතක් නම් එහි බීජ පැල විමක් සිදු නොවන්නා සේ ගර්භාශය නිසරු
තත්වයේ හෝ විකෘති සහිතව පවතීනම් මෙම ගර්භාශයේ ගර්භයක් වර්ධණයට බාධා
පැමිනේ.
අම්බු යනු ගර්භාෂයට ලැබෙන පෝශණයයි. මේ යටතේ හෝමෝන වල
ක්‍රියාකාරීත්වයත් ගර්භාශයේ පෝෂණයත් එය ගර්භයේ වර්ධනයට බලපාන අන්දමත්
මේ මගින් අදහස් වේ.
බීජ යනු ගර්භයක් හටගැණිම සඳහා සම්බණ්ධවන මවගේ සහ පියාගේ ශුක්‍ර සහ
ඩිම්බ වේ. මේවා අවිකෘත හෙවත් දෝශ රහිතව තිබිය යුතුයි. එසේම මේවායේ
ගුණාත්මකව හෝ ප්‍රමාණාත්මකව විකෘති නොතිබිය යුතු බව ආයුර්වේදයේ සඳහන්
වේ. ඒ නිසා විශේෂයෙන් පුරුෂ බීජවල තිබිය යුතු ප්‍රමාණ සහ ඒවායේ ගුණ වල
වෙනස්කම් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කල යුතුය.
කාන්තා බීජ (ඩිමිබ) සම්බණ්ධයෙන් ඒවායේ මේරීම සහ නියමිත කාලයේ දී (සරු
කාලයේ දී) නිර්හරණය (ඩිමිබ කෝෂ වලින් පිටතට පැමිණිම) සිදුවීම
අත්‍යාවශ්‍ය වේ. වර්තමාණයේ මදසරු බවින් පෙලෙන කාන්තාවන්ගේ මෙම ඩිමිබ
මේරීමේ හා ඩිම්බ නීහරණයේ විවිධ වෙනස්කම් පැවතීම නිසා ඔවුන්ට අවැසි දරු
සම්පත නොලැබීයාමේ අවාසනාවන්ත තත්වයට ඔවුන් මුහුන පා සිටිති.
නමුත් විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණ වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය
මඟින් මෙවැනි තත්වයන් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිකාර ක්‍රම මඟින්
දරුවන් ලබාගැනීමේ අවස්තාව උදාකර දිය හැකිය යන පණිවිඩයයි. වැදගත් වන්නේ
වෛද්‍ය නාමයෙන් පෙනීසිටින ව්‍යාජ කූඨ ව්‍යාපාරික වෛද්‍යහොරු ලඟට නොගොස්
මේ සඳහා පිළිගත් දක්ෂ සැබෑ ආයුර්වේද වෛද්‍යවරු වෙත යාමයි.
දහසක් නැවුම් ප්‍රාර්ථනා පොදි බැද යුග දිවියට එළැබී යුවතිපතින්ගේ දරු
සුරතල් බැලීමේ සිහිනය ඉටුකර දීම වෛද්‍ය වරුන් වන අපගේ යුතුකමක් වනවා
සේම එය මාහැඟි පුන්‍යකර්මයක් ද වන්නේය.
දරුඵල නොමැති යුවලවල් සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ දී බදදා
දින පෙව: 9.00 සිට විශේෂ සායනයක් පැවැත්වේ. පලපුරුදු විශේෂක්ඥ වෛද්‍ය
වරියන් විසින් මෙම සායනය පවත්වන අතර ඔබට “පංචකර්ම” වැනි ඉතා වියදම්
අධික ප්‍රතිකාර ක්‍රම ඇතුළු සියලු ප්‍රතිකාර හා සේවා නොමිලේ ම ලබාගත
හැක.
 
|