අක්‍රමවත් ආර්තවය සමඟ ඇතිවන රෝග
[හන්දියේ සුව වීදිය -2009/12/14]
ස්වාභාවිත ආර්‍තවය සිදුවන ආකාරය සහ ආර්‍තව චක්‍රය සම්බන්ධ විවිධ
අසාමාන්‍යතා පිළිබඳවත් ඒ සඳහා බලපාන ආහාර ක්‍රම පිළිබඳවත් ගියවර
සාකච්චා කළෙමු.
එහි
සඳහන් වු අන්දමට ක්‍රමවත්ව සිදුනොවන ආර්‍තවය නිසා ඇතිවන රෝගයකි
ඩිම්බ කෝෂ ග්‍රන්ථි තත්වය. මෙම රෝගය නිසා ක්‍රමානුකූලව ඩිම්බ මේරීම
සිදුනොවන අතර ඩිම්බ කෝෂ වටා ජලය සහිත කෝෂ්ඨ ඇතිවේ. මේ නිසා ක්‍රම
ක්‍රමයෙන් ආර්තවය මසකට වරක් සිදුනොවී මාස 2-3 ක් කල් ගොස් සමහර විට
මාස 6 - අවුරුද්දක් දක්වා වුවද කල්ගත වීමට පුළුවන. මෙවන් රෝගයක් බරපතල
වන්නේ ආර්‍තවයේ ක්‍රමාණුකූල බව නැතිව ගියපසු ඒ පිළිබඳව සැලකිලිමත්
නොවීමයි. නමුත් මුලදි රෝගය ගැන නොසැලකිළිමත් වීම රෝගය නිසා ඇතිවන අතුරු
උපද්‍රව වලට ගොදුරු වීමටත් විශේෂයෙන් දරුඵල නොමැති තත්වයක්
ඇතිවීමටත් බලපාන අවස්ථාවකි. මෙම රෝගය පිළිබඳ නොසැලකිළිමත් වීමෙන්
අධික තරබාරු බව, දිය වැඩියාව, කාන්තාවන්ගේ රැවුල ඇතිවීම සහ අනවශ්‍ය
රෝම ඇතිවීම, ගෙල කිහිළි ඉකිළි ප්‍රදේශ අධිකව කළුපැහැ වී පසුව සිරුරම
කළුපැහැ තත්වය වර්ධනය වීම වැනි සුව කිරීමට අපහසු උපද්‍රව අවස්තා
ඇතිවීමට පුළුවන. රෝගයට ප්‍රතිකාර කර එම තත්වය මුලදීම මඟහරවා නොගතහොත්
මේ තත්වය සඳහා වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් ද නොමැති බවත් දැනගත යුතුය.
මෙම රෝගයේ මූලික අවස්ථාවේදීම සැලකිළිමත් වුවහොත් ඒ සඳහා ආයුර්වේද
ප්‍රතිකාර ලබාගත හැකි වුවත් මෙවන් තත්වයකට ආයුර්වේද ප්‍රකිකාර
ලබාගන්නා විටත් මෙම අවස්ථාවන් පිළිබඳව මනා දැනීමක් ඇති වෛද්‍යවරයෙක්
හමුවීම වැදගත් වේ.
මීට අමතරව හෝමෝන ක්‍රියාවලියේ වෙනස්කම් නිසා ඇතිවන අනාර්‍ථවය හෙවත්
ආර්‍තවය ආකාලයේ දී නතර වීම, ආර්‍තවය ඇතිවු පසු නතර නොවිම වැනි
අවස්ථාවන් ගැනත් සැලකිළිමත් වී ප්‍රතිකාර ලබාගත යුතුය.
ආර්‍තවය ඇති වු පසු ස්වල්ප ලෙස බැහැර වී පසුව ස්‍රාවය ආධිකව නතර නොවීම
ඉහතින් සඳහන් කළ ඩිම්බ කෝෂ ග්‍රන්ථි රෝගය නිසාද ඇතිවීමට හැකි
තත්වයකි. එවන් කාන්තාවන් හට ආර්‍තවය ඇතිවීමටත් ආර්‍තවය නතරවීමටත්
ප්‍රතිකාර ලබාගත යුතු වුවත් ක්‍රමාණූකූලව කරන ප්‍රතිකාරයකින් මෙම
අවස්ථාවන් යථා තත්වයට පත්කර ගත හැකි වේ.
මෙම තත්වයන්ට අමතරව විවිධ හේතු නිසා කාන්තාවන් හට ආර්‍තවය මසකට දෙවරක්
ඇතිවීමට හෝ ආර්‍තවය දින 20 ක් 30 ක් හෝ ඊටත් වඩා කාලයක් පැවතීමට
සිදුවිය හැකි වේ. අප රටේ බොහෝ කාන්තාවන් මෙම රෝග පිළිබඳව ප්‍රකාශ
කිරීමට අකමැති අතර මෙම තත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමද අතපසු
කරති. ඒ හේතු වෙන් ඔවුනට රක්තහීනතා තත්වයන්ට ගොදුරු වීම හෝ වෙනත්
උපද්‍රව තත්වයන්ට ගොදුරු වීමට පුළුවන. මෙවන් අවස්ථා විශේෂයෙන්
වැඩිවියට පැමිණීමත් සමඟම
ආර්තවය ඇතිවන මාසවල දී ගැහැණු ළමුන්ටත් ආර්‍තවය නතර වීම සිදුවන වයස්වල
කාන්තාවන් සුලභව ඇතිවිය හැකි රෝගාවස්ථාවකි. වැඩිවියට පත් වු ආසන්නයේ
දීම ආර්‍තව චක්‍රය සාමාන්‍ය තත්වයකට පත්කර ගත යුතු අතර විශේෂයෙන් එම
අවස්ථාවල දී ආහාර පාන පිළිබඳව සැලකිලිමත් විය යුතුය. වැල්වල සෑදෙන ඵල
වර්ග මේ කාලයේ දී විශේෂ වන අතර රක්තහීනතාවය මඟ හරවා ගැණිම සඳහා සුදුසු
වන ආහාර පාන වර්ග ගැණිම වඩාත් යෝග්‍ය වේ. මෙම දරුවන් සඳහා රෝස මල්, රත්
මල් හෝ වඳමල් වලින් සකසාගත් පානවර්ග සකසා දීම හෝ මේවායින් සම්බෝල
සකස්කර දීම වඩාත් ගුණදායකයි.
මෙවැනි රෝග අවස්ථා වලදී අධිරුධිර පීඩනය පවතීද යන්න පිළිබඳවත්, ගර්භාශගත
අර්බුද තිබේ ද යන්න පිළිබඳවත් ප්‍රවේණිගතව ඇතිවන රත්පිත් රෝගාවස්ථා
පවතී ද යන්න පළිබඳවත් වැඩිදුරටත් සොයා බැලීම අවශ්‍ය වනවා.
විශේෂයෙන් අර්‍තවය නතර වන වයසේ සිටින කාන්තාවන්ගේ මෙවැනි අධික රත්ත
ස්‍රාවයක් පවතින විට ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ඉතාම
වැදගත්. ඇතැම් විට ගර්භාශගත පිළිකා තත්වයන් වලදී මෙවැනි අධිකව රක්තය
බැහැර විය හැකිය.
ආර්‍තව චක්‍රය අක්‍රමවත්ව ඇති කාන්තාවනි, මෙය ඉතා ඉක්මණින් ක්‍රමවත්
කරගත යුතු තත්වයක් බව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබා ගැණිමට
යොමුවීම අවශ්‍යයි.
 
|