ආර්ථව චක්‍රය සමඟ සම්බන්ධ වු විවිධ අසමානතා
[හන්දියේ සුව වීදිය -2009/11/09]
ගැහැණු
දරුවෙකුගේ වැඩිවිය පැමිණිමෙන් පසුව ආර්තවාභාවය (ආර්ථවය නැවතීම) සිදුවන
තෙක්ම මසකට වරක් දික 03ක් 05ක් හෝ 07ක් යන දින ගනන් වලින් යුක්තව
ක්‍රමානුකූලව ආර්ථවය සිදුවීම සාමාන්‍යයෙන් සිදුවිය යුක්තකි. එසේ වුවත්
වර්තමාන සමාජයේ බොහෝ දූවරුනට මෙම ක්‍රමානුකූල ආර්ථව චක්‍රය පිළිබඳ
වැටහීමක් නැත. සමහර දරුවනට තම ආර්ථව ස්‍රාවය දිනකට පමක් සීමාවන අතර
තවත් සමහර දූවරුන්ගේ ආර්ථවය වැඩි දිනගණනක් පැවතීමෙන් අධිකව රුධිරය
බැහැර වීම සිදුවෙයි. ඇතැම් අයට දින 28 කට වරක් ක්‍රමවත් ආර්ථව චක්‍රයක්
පැවතුන ද සමහර දූවරුන්ගේ ආර්ථවය සිදුවන්නේ 1 ½ කට 2 කට වරක් හෝ මාස
6කට වරක් වශයෙනි. මෙපරිද්දෙන් ආර්ථවය අක්‍රමත් වන දූවරුන්ගේ බර (ශරීර
ස්කන්ධය) ක්‍රමක්ක්‍රමයෙන් වැඩිවිය හැකි අතර ගෙල ප්‍රදේශයේ කළු පැහැ
වීමද දක්නට ලැබේ. මෙම තත්වය වර්තමානයේ දක්නට ලැබෙන සුලභ තත්වයක්
ලෙස හැදින්‍වීමට පුළුවන. ශාරීරික ව්‍යායාම් නිසිලෙස නොලැබෙන හා
ගෙදරදොරේ කටයුතු සඳහාවත් වෙහෙස මහන්සි නොවී සිටින දූවරුන් අතර මෙම
තත්වය බහුලව දක්නට ලැබේ. තව සමහර දූවරුන්ට ආර්ථවය කොහෙත්ම සිදු නොවන
තත්වයක් දක්නට ඇති අතර සමහර ප්‍රථීකාර ක්‍රම වලදී ( ආයුර්වේද නොවන)
මෙම තත්වය ගණන් නොගත යුතු ලෙස හදුන්වන නිසා මෙසේ ආර්ථවයේ ඇතිවන වෙනස්
වීම් කෙරෙහි අවධානයක් යොමු නොකරයි. ඒ හේතුවෙන් විවාහ වීමෙන් පසුව
දරුඵල නොමැති වීම නිසා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරණලද යුවලවල්
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනීමේදී අපට හමුවෙයි. එනිසා ආර්ථව චක්‍රය
සම්බන්ධ අක්‍රමිකතා සුළුකොට නොතකා තුරුණු වියේදීම ඒ සඳහා ඉක්මන්
ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
ආර්ථව දෝශ සඳහා ආහාර රටාව හේතුවන බව අප පෙර සඳහන් කලෙමු. එසේම වියළි
කාලගුණයක් පවතින කාලයේදී උෂ්ණවිර්‍ය්‍ය ආහාර බහුලව භවිතා කිරීමෙන්ද
පිත් කොපකරවන ආහාර නිතර ගැණිමෙන්ද උදාහරණ ලෙස සොස් වර්ග, ඉස්සන්,
දැල්ලන් වැනි ආහාර හා රසකාරක භාවිතය, තක්කාලි, අන්නාසි සහ දුරුමිරිස්
අධිකව යෙදූ ආහාර භාවිතය යන මේවායින් සිරුරේ පිත කොපකරන අතර එමගින්
අධිකව ආර්ථව ස්‍රාවය සිදුවීම හෝ දිගු කාලයක් ස්‍රාව පැවතීම හෝ සිදුවිය
හැක. මේ සඳහා හෝමෝන භාවිතා කිරීමට වඩා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැණිම
යෝග්‍ය බව සඳහන් කළ හැකිය.
තවද සමහර කාන්තාවන්ට ආර්ථවය සෑදීමට ප්‍රතිකාර ලබා දිය යුතු අතර එය
නවත්වා ගැණිමට ද ප්‍රතිකාර ලබාදිය යුතු වේ. එවන් අවස්තා බෙහෝවිටශරීරයේ
පවතින හොමෝන වල වෙනස්කම් නිසා ඇතිවන අතර එවන් තත්ව වලදීත් ආයුර්වේද
ප්‍රතිකාර ක්‍රමයේ ඉතා විශීෂ්ඪ ප්‍රතිකාර ක්‍රම ඇති බවද සඳහන් කළ
යුතුය. මෙවන් වෙනස්කම් ඇතිවීමේදී ආහාර පමණක් නොව ව්‍යායාම ගැනද
කාන්කාවන් සැලකිලිමත් විය යුතුය. පුරාණ කාන්තාවන් ගෙදර දොරේ වැඩ කටයුතු
සඳහා වෙහෙස මහන්සි වු අතර පිටි කෙටීම, වී කෙටීම, දර පැලීම ආදී
නොයෙකුත් කටයුතු සඳහා ඇග වෙහෙසවන කාන්තාවන් ගේ ශරීරයේ ක්‍රියාකාරකම්
සාමාන්‍ය අයුරින් සිදුවන අතර හෝමෝන විකෘතිකා ඇතිනොවේ. නමුත් වර්ථමානයේ
මනස පමණක් වෙහෙසවන කාන්තාවන්ගේ හොමොන වෙනස්කම් පැහැදිලිවම බලපාන බව
පෙන්වාදිය හැක.
නූතන උපකරණ නිසා කාන්තාවන්ගේ ගේ දොර වැඩ කටයුතු වලදී ලැබෙන ව්‍යායාම්
අවම වුවත් ඒ සමඟම පැමිනෙන රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මේ
නිසා ආහාර, ව්‍යායාම පමණක් නොව මානසික තත්වය ද කාන්තා රෝග කෙරෙහි
හේතුවන බැවින් මෙම කරුණූ කෙරෙහි දැඩි අවධානයක් යොමුකිරීම
කාන්තාවන්ගේත්, ඒ තුළින් නිරෝගී දරු පරපුරක් හිමි සමාජයක් ගොඩනැගීමේත්
මූලික පියවර වේ. මාසික ආර්ථවය සම්බන්ධ සියළු ගැටළු වලදී ආයුර්වේද
ප්‍රතිකාර ක්‍රමවල විශිෂ්ඪත්වය හා අතුරු ආබාධ ඇති නොවීම නිසා එම
ප්‍රතිකාර පිළිබද ඔබේ අවධානය යොමු කිරීමට වඩාත් යෝග්‍ය වේ.
මෙ වැනමෙ වැනි රෝග තත්වයන් සඳහා දිවයින පුරා ඇති රජයේ ආයුර්වේද රෝහල්
මගින් සුදුකම් ලත් වෛද්‍ය වරුන් විසින් නොමිලේ ප්‍රතිකාර හා ඖශධ
ලබාදෙන අතර, සෑම සතියකම බදාදා සහ බ්‍රරහස්පතින්දා යන දිනයන් හීදී යක්කල
වික්‍රමාරච්චි ආයුර්වේද (ශික්ෂන) රෝහලේ දී විශේෂක්ඥ වෛද්‍ය
සායනයක් පැවැත්වේ.
 
|