ගැහැණු දරුවන් ගේ ආහාර රටාව සකස්විය යුත්තේ කෙසේද?
[හන්දියේ සුව වීදිය -2009/10/01]
මීට
පෙර පැහැදිලි කළ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීම හා ඒ සම්බන්ධ
විවිධ අපහසුතාවයන් ඇතිවිම වළක්වා ගැනීම සඳහා කුඩාවියේ සිටම ගැහැණු
දරුවෙකුගේ ආහාර පාන හා චර්යා රටාව සකස් කර ගත යුතු ආකාරය පිළිබඳව අද
පැහැදිලි කරමු.
මව්වරුනි, තරුණ දියණියන් සිටින ඔබ ඔබගේ දියණියගේ
නීරොගීභාවය රැකගැණිම සඳහා හොද දැණුවත් භාවයකින් සිටිය යුතුය. වර්තමාන
සමාජයේ ආකල්පය වන්නේ පිරිමි දරුවන්ගේ නීරෝගී ශක්ති සම්පන්න බව වර්ධනය
කිරීම සඳහා වැඩි අවධානයක් ලබා දීමත් ගැහැනු දරුවන් මොනයම් හෝ
ආකාරයකින් කුස පුරවා ගැනිමත් යන වැරදි දැකීමයි. මේ දුර්මතය අනාගතයේ
මවක් වීමට සිටින දියණියන්ට සිදුවන ලොකු අවැඩක් බවට පත්ව තිබේ. පිරිමි
දරුවන් වගේම ගැහැණු දරුවන්ගේ ආහාර පාන පිළිබඳ මව්වරුන් වඩා වැඩි අවධානයක්
ලබාදිය යුතුය.
විශේෂයෙන් උදෑසන ආහාරය නොගෙන සිටීමට අද බොහෝ
දරැවන්පුරුදු වී සිටියි. ඒ තත්වය ඉතාම හානිදායකය. නැතහොත් උදෑසන ආහාර
වේලට කිරි වීදුරුවක්, බනිස් ගෙඩියක්, පාන් පෙත්තක් හෝ වෙනයම් කෙටි ආහාරක්
(ෂෝට් ඊට්ස්) ගැණිම විලාසිතාවක් බවට පත්ව තිබීම සැබැවින්ම කණගාටුවට
කරුනකි. මව්වරුනි ඔබේ දියණියගේ උදෑසන ආහාරයට බත් සමඟ එළවළුවක්, පලා
වර්ගයක්, කරවල හෝ කුඩාමාළු හා ඇට වර්ගයක් ලබා දීමට උත්සුක වන්න. අනෙකුත්
කෙටි ආහාර වලින් සිදුවන්නේ පිෂ්ඨය හා තෛල පදාර්ථ සිරුරේ අනවශ්‍ය පරිදි
ඉහලයාම නිසා දවසින් දවස දරුවා තරබාරු වීමට පත්වීමයි. දිනපතා ගන්නා තේ
වීදුරුව වෙනුවට බෙලි මල් ටිකක්, රත්මල් ටිකක්, වද මල් ටිකක්,
උපයෝගිකරගෙන සාදාගන්නා ඖෂධීය පානයක් හෝ නෙල්ලි යුෂ, දොඩම් යුෂ, ඉරමුසු
තැම්බු වතුර වීදුරුවක් ලබා දීම මඟින් ඇයගේ අභ්‍යන්තර ශරීර උෂ්ණතා අවම කරගත
හැක. එ මගින් ලේ පවිත්‍රවීමෙන් ඇය පියකරු බවට ද පත්‍වනු නොඅනුමානයි.
සතියට දින 2 – 3 ක් වත් උදෑසන කොළකැද වීදුරුවක් ලබාදීමට හකිනම් එය ඇයගේ
කායික වර්ධයට බෙහෙවින් රුකුලක් වේවි. මේ කොළ කැඳ සඳහා කලවමට යොදාගත්
ගොටුකොළ, මුකුනුවැන්න, මොණර කුඩුම්බිය, හාතාවාරිය, පෙනෙල වැනිකොළ නිවසක
අවටින්ම සොයාගැණිම ඔබට ආර්ථික වශයෙන් ද ලාභදායි වනු ඇත. නැතිනම් හැකි
අයුරින් මේ දේවල් ඔබේ ගෙවත්තේ වගාකර ගැණිමට උනන්දු වන්න.
මල්වර වියේ සිටින දියණියට කිසිසේත්ම අනවශ්‍ය පරිදි
බිත්තර, කුකුල් මස්, කෘතීම රසායනික යොදා කල් තබාගැනීමට හකිලෙස සකසා ඇති
වෙළද පොලෙන් මිලදී ගන්නා ආහාර නොදීම මව්නරුන් වශයෙන් ඔබ වගබලා ගත යුතුය.
මෙවැනි ආහාර වලින් ඇයගේ ශරිර අභයන්තරයේ සිදුවෙමින් පවතින හෝමෝන ක්‍රියාවලිය
වෙනස් වීම්වලට ලක්වේ. මෙනිසා ආර්තවය සම්බන්ද විවිධ ගැටලු ඇති කරයි. සිරුර
අනවශ්‍ය පරිදි මහත් වීමත් මුහුනේ හා වෙනත් අනවශ්‍ය ස්ථාන වල රෝම වර්ධනය
සිදුවිය හැක.
කෙසේ වෙතත් වැඩිවියට පත් වීමෙන් පසුවද එවැනි
ආහාර වලින් හැකිතරම් වැළකීසිටීමත්, වැඩිවියට පත්වු දියණියට මාස 03 ක්
යනතෙක් අධික තෙල් ආහාර මෙන්ම අඹ, දිවුල් වැනි පළතුරු නොදී සිටීම යෝග්‍ය වේ.
එම ආහාර නිසා පසු කලීනව නොයෙකුත් දුශ්කරතාවයන් ඇතිවන බව සොයාගන තිබේ.
ඔබේ දියණිය අධ්‍යාපනයේ තරග කාරී බව නිසාම ඉතා
අවිවේකී බවින් සිටිනවා මෙන්ම ඇයට සිරුර වෙහෙසා වැඩකිරීමෙන් ලැබෙන
ව්‍යායාමයන් නොලැබීයාම නිසා ඇය නොදැනු වත්වම රෝගකරා ළගා වෙන බව නොදන්න වා
විය හැක. මෙනිසා තම දියණියන්‍ට ආදරය දක්වන දෙමව්පියනි ඔබේ දරුවා තරඟකාරී
අධ්‍යාපනය තුල සිරගත කරන්නේ නැතිව ඇයට දෛනිකව සුළු සුළු ව්‍යායාම් ලැබෙන සේ
ක්‍රීඩාවක නිරත වීමට, ගේ දොර වැඩපල කරවා ගැණිම, වත්තේ පිටියේ සුළු සුළු
ක්‍රියාකරකම් වල යෙද වීමට වගබලා ගන්න.
මානසික අවිවේකි බවත් ව්‍යායාම වල හිග කමත් නිසා
ගැහැණු දරුවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමත් ඒ සම්බන්ධ විවිධ ගැටළු පැන
නැගිමත් නොවැලැක්විය හැක. ව්‍යායාම ලබාගැනීම, සිරුර හැඩකර ගැනීම සඳහා වෙනම
පන්ති පැවැත්වීමට අවශ්‍ය නැත. ව්‍යායාම උපකරණ වලට මුදල් වැයකල යුතුද නැත.
පවුලේ සුවසෙත රැදී තිබෙන්නේ බුද්ධිමත් මව්වරුන්
වන ඔබ අතෙයි. ඔබ ඔවුන්ගේ ආහාර වේල ගැන මනා අවධානයක් යොදන්න. එදිනෙදා
කටයුතු වලට ඔවුන් සහභාගි කරගෙන ඔවුන්‍ටත් ව්‍යායාම හා මානසික නිදහසින්
කාලය ගතකරීමට හැකි පරිසරයක් ගොඩ නගන්න. අධ්‍යාපනය තුලම පමනක් දරුවන්
සිරකරීම ඉතාම අනුවනක්‍රියාවක් බව තේරුම්ගන්න.
විශේෂයෙන්ම තරුණ දූවරුන් සිටින ඔබ, ඇයගේ සමීපතම
යෙහෙළිය ලෙස විශ්වාසය දිනාගනිමින් ඇයගේ ආර්තව චක්‍රය සම්බන්ධ ගැටළු මෙන්ම
මානසිකව ඇය පීඩා විදින අනෙකුත් ගැටළු වලට බුද්ධිමත්ව විසදුම් ලබාදීමට
හැකි අයෙක් වීම ඉතාම වැදගත් වේ.
 
|