ටොරීගේ කතා www.හන්දියේ.com
වෑර්ලස් අහන්න
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.  හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
free counters
 

මාතෘත්වය‍ට බලපාන කාන්තා ‍‍රෝග 

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වු පසු ස්වාවිකව මසක‍ට වරක් සිදුවන්නා වු ආර්ත‍ව රුධිරය‍ බැහැරවීම (ඔසප් වීම) ක්‍රමානුකූලව සිදුවිය යුත්තකි. නමුත් වර්තමානයේ සමාජ‍‍ය තුළ ගැහැණු දරුවන්හට මෙම ක්‍රියාවලියේ විවිධ වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවී ඇත. ආර්තවය ස්වාභාවික ක්‍රියාවලියක් නිසා වැඩිවියට පත්විමට ආසන්න කාලසීමාවේදී ලබාදෙන ආහාර පමණක් නොව කුඩා කළ සිටම ගැහැණු දරුවෙකුගේ ආහාර රටාව පිළිබදව සැලකිළිමත් විය යුතුය. එසේම වැඩිවියට පත් වු දිනවල සිට මාස කිහිපයක් යනතුරු ආහාර වලින් ප්‍රවේශම් කිරීම පුරාණ කාලයේ සිට සිදුකල නමුත් න‍වීන කාලයේ එවැනි කරුණු කාරණා එතරම් සැලකිල්ලට නොගැනීම නිසා තරුණ දූවරු බහුලවම ඔසප් අක්‍රමිකතා වලට ලක්වී සිටිති. මෙම තත්වය අනාගතයේ දී මවක් වීම‍ට සිටින ඔබ‍ට බෙහෙවින් බලපාන්නකි.

වර්තමානයේ ‍අපේ සමාජයේ බොහෝ මව්වරුන් තමාගේ දියණියගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවේ ද යන්න පිළිබද දැනුවත්බාවයක් නොමැත. ඒ පිළිබද ‍සොයා බැලීම‍ට මව්වරුන්‍ට විවේකයක් නොමැති විම ඊට හේතුවයි. වර්තමානයේ කාන්තාව ඉතා කාර්යබහුල තත්වයක‍ට පත්ව තිබීමත් තරඟකාරි අධ‍්‍යාපන ක්‍රමය තුළ මවත් දරුවාත් අවිවේකී තත්වයට පත්කර තිබීමත් මේ සියල්ල‍ටම මුල්වී තිබේ. ශාරීරිකව පමණක් නොව මානසික අවිවේකීබවටද ඔවුන් මුහුන පා සිටිති. දරුවාගේ කායික, මානසික වර්ධනයට හා නීරෝගීබවට සරිලන පොෂ්‍යදායි ආහාර වේලක් ඔවුන්ට ‍නොලැ‍බේ. පාසල් නිවාඩු කාලය තුළදීත් අමතර පන්ති වල‍ට සහභාගි වන දරුවාගේ නිදහසේ සිටිය යුතු කාලයත් ශාරීරික ශක්තියත් දෙකම විනාශවී යයි. මේ තත්වයෙන් වඩාත් පීඩාවට පත්වන්නේ ගැහැණු දරුවන් ය. ඔවු‍න්ගේ ඔසප් චක්‍රයේ සිදුවන වෙනස්වීම් මෙන්ම ඔසප් වීම නැවතීම පවා රොගතත්වයන් ලෙස ඔවුන් නොදනිති. ඔසප් නොවීම තමගේ දෛනික කටයුතු වල‍ට මහත් රුකුලක් බව සිතමින් එය නොසලකා හරියි. එයම ඔවුන්ගේ අනාගතය අදුරුවීම‍ට හේතු වේ. මේ නිසා දූවරුණි, ඔබේ ආහාරය සහ ඔසප් වීම පිළිබදව සැලකිලිමත් වන්න. ආර්ත‍ව චක්‍රය ක්‍ර‍මානුකූල නැතින‍ම් වහාම එය ක්‍රමවත් ක‍ර ගැනිමට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනිමට යොමුවන්න.

විශේෂයෙන්ම අවිවාහක කාන්තාවන් ගේ මෙවැනි ඔපස් චක්‍රය සම්‍බන්ධ රෝගාවස්ථා විවාහයෙන් පසු යථා තත්වයට පත්වේ යැයි සමාජය තුළ දුර්මතයක් පවතී. එය කිසිසේත්ම නිවැරදි නොවේ. තරුණ දූවරුන් සිටින මව්වරුනි ඔ‍බේ දියණිය‍ට දැන් පවතින ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වි‍වාහයෙන් පසු නිවැරදි වේ යයි සිතා තව තවත් තත්වය බරපතල වනතුරු බලා නොසිටින්න. ඔබේ දියණිය නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකරවන්න.

ඔසප් චක්‍රය සම්බන්ධ විවිධ අසමානතා පිළිබදවත් ගැහැණු දරුවන් පිළිපැදිය යුත් වත් පිළිවෙත් හා ඔවුන්‍ට ලබාදිය යුතු ආහාර රටාවන් පිළිබදවත්, ඔවුන‍ට අවශ්‍ය ව්‍යායාම පිළිබදවත් ඉදිරියේදි සවිස්තරාත්මකව බලාපෙරොත්තු වන්න.

 

 

 

හරවත් ම දෙයක් ඔබට පිදුමට... 
 
විශේෂක්ඥ වෛද්‍ය
එච්. පී. වක්කුඹුර මහත්මිය,
ජ්‍යෙෂ්ඨ කර්‍ථකාචාර්ය, ඒකක ප්‍රධාන (ස්ත්‍රිරෝග අධ‍්‍යයනාංශය),
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය,
කැළණිය විශ්ව විද්‍යාලය, යක්කල.
 
 
අදහස් ගණන : (01)   මෙය කියවාඇති ගනන : (321)
මෙතුමිය හමුවීමට හැකි ආකාරය කියන්න

මම : රේනු

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 – Immediate treatment for pregnant women. www.flu.gov