සින්දු වීදිය
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

බිමි බරක් සෙනග ගැවසුණ..

ගුණදාස කපුගේ නම් ගායකයා අප හඳුනා ගන්නෙ ආධ්‍යාත්මක ප්‍රකාශකයෙක් හැටියට සහ විරෝධාකල්පිත කලාකරුවෙක් හැටියටයි. ඔහු සැබවින් ම උත්සහ කළේ ගීතය සමාජ ප්‍රගමනය සඳහා දායක කර ගන්නටයි. එහි ප්‍රතිඵලය කෙසේ වෙතත් ලාංකීය ශ්‍රාවකයන්ට කළ බලපෑම අතිමහත්.

කපුගේ “බිම්බරක් සෙනග” ගීතය ගැයුවේ ඉහත ආකාරයට සමාජ අවශ්‍යතාක් සඳහාමයි. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ මේ ගීතයට සංගීතය සැපයුවේත් කපු‍ගේ ම යි. එහිදී පැරණි ඌවේ රණ ගී නාදය යොදාගත් බව‍ට විචාරකයන් මත ප්‍රකාශ කරණවා.

මේ ගීතය ඌව වෙල්ලස්සේ පැලවත්ත සීනී කර්මාන්ත ශාලාව බිහිකිරීම ඇසුරුකොට ගෙන නිර්මිත වුවක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අක්කර දහස් ගණනක් පැල්වත්තේ ඉඩ කඩම් විදේශික සමාගමකට ලබා දෙනවා. එහිදී සිදුවුනේ අලි ඇතුන් බඳු වන සතුන් මෙන්ම අහින්සක ගැමි ජනතාවටත් හේනක් කොටා ගන්නට තිබුණු ඔවුන්ගේ උරුමය වුන ජාත භූමිය ඔවුනට අහිමි වීම. මේ සමාජ ව්‍යසනය හරහා රත්න ශ්‍රී දකින්නේ අතීත උරුමය වැනසීමක් ලෙසටයි.

“බිමිබරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යයා හිනැහුණු
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාවදෝ”

අතීත ඌව වෙල්ලස්ස දහස් ගණන් ගොවි ජනතාවගේ ලෙයින් කඳුලින් ගොඩ නැගුණු රම්‍ය දේශයක්. ඌව රණ වික්‍රමයන්ගෙන් ගහණ ශ්‍රේෂ්ඨ භූමියක්. ඔවුන් සදාකල්හි ම ජාතික සටන් වලින් මුලින්ම සිටි කොටසක්. එසේ ජීවිත පූජාවෙන් බේරාගත් ස්වර්ණ භූම්ය ආණ්ඩුව විසින් රිදී බන්දේසියක තියලා හිරිකිතයක් නැතුව සුද්දන්ට ලබා දෙනවා. කපුගේ ගේ නාදයේ රීට එරේහි හඬ මෙන්ම බරපතල ආධ්‍යාත්මික ශෝකයකුත් ගැබ්වෙලා තිබෙන බව මට හැ‍‍ඟෙනවා. අනෙක් අතින් රත්න ශ්‍රී කපුගේ මුවට නංවන්නේ මේ සමාජ ව්‍යසනය පිළිබඳ තවත් බරපතල ධ්වනියක්.

“මිණි මල් පිපුණු
රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කෝ
වෑකන්ද කඩා
බිම් කටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව්”

ඌවේ ජනතාව  ලාංකික ඉතිහාසයේ නිදහස වෙනුවෙන් පුරෝගාමී වු ජනතාවයි. ඒ අය ජාතික නිදහස නම් රන් කරඬුව වෙනුවෙන් ජීවිත පූජා කළා. ඒ මිනිසුන්ගේ පමණක් නොව සමස්ත සිංහල ජනතාවගේම පදනම වු ‍වැව් පරසුද්න් විසින් සමතලා කිරීම හරහා ‍කළේ සිංහල බෞද්ධ ලකුණ සමතලා කිරීමක්. මෙය 1815 න් පසු ජොබ් ඩ්‍රොයිලි ලා සෘජු ලෙස කළා මෙන්ම අද ඔවුන්ට එය රාජානුග්‍රහය ඇතිව නීත්‍යානුකූලව කිරීමට හැකියාව ලැබුනා. රත්න ශ්‍රී මේ මහා ජාතික ව්‍යසනයට එරෙහිව නොබියව පෑන මෙහෙය වනවා.

තවත් කිව යුතු අපූර්වතම දෙයක් නම් මේ පද රචනය ලංකාවේ අනෙක් ඕනෑම ගායකයෙකු ගැයුවේ නම් මේ ධ්වණීපූර්ණ බව ඔවු‍න්ගේ හඬින් මතු නොවන බවයි. කපුගේ සතු න්‍යායික ශබ්ද ධ්වනිය ගීයේ ගැඹුරු බව තව තවත් මතු කරනවා.

“ට්‍රැක්ටරේ යකඩ
ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණු
වෘක්‍ෂ දේවතාවුන්
බිම වැටී පණ ගසයි”

රත්න ශ්‍රී‍ ගේ ගීත කලාවේ පවතින ගැඹුරු චිත්ත රූප මැවීමේ ගුණය ගීතය පුරාම පවතිනවා. මහ වනපෙත නව තාක්‍ෂණය යොදා සුණු විසුණූ  කරන අයුරු අප සිත්හී මැවෙන්නේ අපව කම්පණයකට ලක් කරමින්. කිව යුතු ඛේදජනක කරුණ නම් පැලවත්ත පමණක් නොව මේ රටේම භෞතික සම්පත් නව අධිරාජ්‍ය වාදීන් විසින් සූරා කෑම නතර කරන්නට මෙබඳු ප්‍රබල ගීතයකටවත් හැකියාවක් නොවුනු බවයි. ජාතිකත්වය මත පදනම් වු ජාතික රාජ්‍ය සංකල්පය අධිරාජ්‍ය වාදීන් විසින් සෙමෙන් සෙමෙන් කුඩු පට්ටම් කිරීමේ ප්‍රතිළඵලයට අනුව මෙබඳු ගීතයකට ඔවුන්ට එරෙහිව යෑමට හැකියාවක් නැහැ. නමුත් කපුගේ - රත්න ශ්‍රී සුසංයෝජනය මේ ගීතය හරහා සිංහල ගීතාවලියට එක්කළේ විශිෂ්ටතම ගීතයක්. අපට කපුගේ නම් ගායකයා අහිමි වුවත් ඔහු නැංවු මෙබදු අතිසංවේදී නාදයන් සදාකල් අප හදවත් ආමන්ක්‍රණය කරන බව කිව යුතුයි.

 

සම්පූර්ණ ගීතය

බිමිබරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යයා හිනැහුණු
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ
මනරම් මාලිගාවදෝ

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණු
වෘක්‍ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුනු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව
විලාපය නගයි//

බිමිබරක් සෙනග ගැවසුන...  

කැලැ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි
වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව්//

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
ජනහිත විජයබන්ඩාර හේරත්
(කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය.)
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (292)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
ශ්‍රී ‍ලංකාවේ වේලාව
 
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov