පරිගණක පාඩම්
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

සිංහල හින්දු අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ශය සඳහා මාර්තු මස 18 වන බ්‍රහස්පතින්දා දිනයද, අභිනව සූර්ය වර්ශය සඳහා අප්‍රේල් මස 18 වන ඉරිදා දිනද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය.

අ‍ප්‍රේල් මස 12 වන සඳුදා දිවුල්පත් යුශ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග  06.58 ට සිංහල අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රි 12.34 Sinhala Avurudu(නොහොත් 14 වන බදාදා ‍ට එළිවන පාන්දර පූර්ව භාග 00.34 ) සිට 14 වන බදාදා අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින් 14 වන බදාදා පූර්ව භාග 00.34 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන බදාදා පුර්ව භාග 06.58 සි‍ට එදින අපර භාග 01.22 දක්වා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 07.01 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප්බැද ගිනි මොළවා කිරිබතක්ද, උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැණීම මැනවි.

වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 09.07 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට බෝපත් ද පයට කොහොඹ පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකි රක්ෂා සඳහා පිටත් වීම

අප්‍රේල් මස 19 වන සඳුදා පූර්ව භාග 06.42 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උදු මිශ්‍ර ආහාරයක් හා කිරිබත් අනුභව කර නැගෙනහිර බලා රැකීරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා රැකියාවට පිටත්ව යාම

අප්‍රේල් මස 16 වන සිකුරාදා පූර්ව භාග 06.08 ට සුදු මිශ්‍ර නිල්පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී එළකිරි මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර බලා රැකියාවට පි‍ටත්වයාම මැනවි.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
සියළු වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙනි. ශ්‍රී ලංකාව තුල වේලා සං‍ශෝධණය කිරීමක් අවශ්‍ය නොවේ. සංස්තෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකත් කමිටුව විසින් සැකසු ලිතෙන් උපු‍ටා ගන්නා ලදී.
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (144)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov