හන්දිය - විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය
[හන්දියේ පිටරවුම්
පාර -2010/02/22]
හන්දිය
විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය බවට පත්වීම ගැන අපට මෙන්ම ඔබටත්
මහත් ආඩම්බරයකි, අභිමානයකි. නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව හන්දිය විශ්වයේ ජනප්‍රියතම
සිංහල වෙබ් අඩවිය බවට පත්ව ඇත.
එනමුදු කණගාටුවෙන් උවත් ප්‍රකාශ කිරීමට සිදුවන්නේ මෙම අතිවිශිෂ්ඨ
ජයග්‍රහනය හැල්ලුවට ලක්කිරීමට මෙම තත්පරයෙත් අන්තර් ජාතික කුමන්ත්‍රන
කරුවන්, රටතුල ක්‍රියාත්මක වීදේශ බලවේග, පර දේශවලට ආවඩන ගැතිකන් කරණා
ඩොලර් කාක්කන්, අදිසි බලවේග, පාතලයන්, රස්තියාදු කාරයින්, කළු සුද්දන්,
IRC කාරයින්, ABC කාරයින්,
XYZ කාරයින් ඉහත සඳහන් නොකළ තවත් විශාල පාපී
පිරිසක් පිඹුරුපත් සකස්කර ඒවාට ඇස්තමෙන්තු පිළියල කරමින් සිටී. මේවා
සනාත කරීමට අපසතුව සාක්ශී ඔනෑවටත් වඩා *.
නමුත් පාඨක ඔබගේ තොරතුරු දැනගැණිමට ඇති අයිතිය තහවුරු කරණු වස්. අපකළ
සමික්ෂය හා එහි වාර්තා නොබියව නොපැකිලව දිවි හිමියෙන් ඉදිරිපත් කරමු.
සමීක්ෂණය හා දත්ත විශ්ලේෂණය.
මේ සඳහා අප ආයතනයේ සේවක මණ්ඩලයේ පස් දෙනෙකු හා අපට ඉතා
විශ්වාස වන්ත මිතුරන් පස් දෙනෙකු තෝරා, ඔවුන්ගෙන් විමසූ විට ඔවුන්
දස දෙනාම එක හෙලාම ප්‍රකාශ කර ඇත්තේ හන්දිය පමණක් නරබන බවය. මින්
නොනැවතුනු අප බාහිර පුද්ගලයන් ද සහභාගී කරගත් අතර ඔවුන්ගේ අදහස් ද පහත
දක්වා *. SMS මගින් ද ඉහත ජය තවදුරටත් ශක්තිමත් විය. අප දී තිබූ
දුරකථන අංකයට ලැබුණු අතිවිශාල SMS සංඛ්‍යාව 10ක් වන අතර ඉන් 100% ක
විශෂ්ථ ජයක් ලබා ගැණිමට අපට හැකිවිය. දත්ත විශ්ලේෂය ද ඉතා ම ස්වාධිනව කළ අතර අවසන් ප්‍රතිඵලය
කිසිදු ආතතියකින් තොරව ප්‍රකාශයට පත්කිරීමට හැකිවිය. මෙම විශ්ලේශණ
කටයුතු ඉතා නිවැරදිව පරිගණක ගතකොට එමගින් අවසන් ප්‍රතිඵලය ලබාගන්නා
ලදී. මෙයට දැනට ලෝකයේ ඉතා දියුනු රටවල භාවිතා වන මෘදුකාංග භාවිත
කරණ ලදී (උදා. Notepad 6.1, Ms Paint 6.1).
තවද දිවා රෑ නොබලා මෙම කටයුතු කාර්යක්ෂම කරදුන් අප කළමණාකාර තුමාගේ එම
මැතිණියට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.

අපව විවේචනය කරණා අයගෙන් අප ප්‍රශ්න කිහිපයක් අසමු.
බහුතර පෞද්ගලික ගුවන් විදුලි නාලිකා පවසන්නේ සමීක්ෂණ වාර්තා අනුව
ඔවුන් අංක එක ලෙසය. නමුත් සමීක්ෂණය කුමක්ද සියළු දෙනාම අංක එක වුනේ
කෙසේදැයි අපට ඇගිලි දිගු කරණා කිසිවකු ඔවුන්ගෙන් නොඅසයි. දිනක් අප
කණ්ඩායම රට මැද පිහිටි නුවරඑළිය ග්‍රාමයට ගොස් ආ අතර එම ගමනේ දී
බස් 03 ක ගමන් කළ අතර, ඒවායේ දී දමා තිබූ ගුවන් විදුලි නාලිකා
තුනෙහිම අළුයම, මැදියම හා සවස පුවත් විකාශ යට පෙර පැවසුවේ වැඩිපුරම
ගුවන් විදුලි ප්‍රේක්ශකයන් අසන්නේ ඔවුන්ගේ පුවත් ප්‍රකාශය බවය. අප
සමීක්ෂණයට පාදක වු මූලික පසුබිම ද එයයි. රූපවාහිනී තුලද ඇත්තේ
මීට සමාන තත්වයකි. රියැලිටි වැඩසටහන් සෑම එකක්ම අතිශයින් ජනප්‍රය
අතර ඒ සෑම එකක්ම ලංකාවේ වැඩිම පිරිසක් නරබනවා යැයි තම තමන්ම කියා
ගනිති. ලංකාවේ වැඩිම පිරිසක් නරබනවා කියුව ද ඇතැම් නාලිනා එම
වකවානුව තුල විකාශණය වුයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට පමනක් වීම ද
විශේෂය. සෑම එකක්ම හා ඒවායේ වැඩකරණා හැම එකෙක් මත් අපක්ෂාපාතීලු,
ස්වාධීනලු. නමුත් අපව විවේචනය කරණා කුමණ්ත්‍රන කාරයින්, පාහරයින්,
කලවැද්දන්, පාත්තයින්, කක්කුට්ටන් වැන්නවුන් මේවා හමුවේ සිටින්නේ
කසාය බිවු ගොළුවන් සේය.
වෙනස
නමුත් අප එසේ නොවන්නෙමු. අප විසින්ම කළ සමීක්ෂන වාර්තාව මගින් අංක එකවි
හමාරය. සිංහල භාෂාව දකුණු ආසියා වේ වෙනත් රටක වෙබ් අඩවි සෑදීමට
භාවිතා නොකරන බැවින් නිතරගයෙන් ම දකුණු ආසියාවෙත් අංක එකය. ආසියාව
ගත් කළ සිංහල වෙබි අඩවි නිර්මාණය නොවන බැවින් අප ආසියාවේ ද අංක එක
හිමිය. මේ ආකාරයටම ලෝකයේද, සිංහල තබා ජීවියෙකුවත් සිටිතැයි අනාවරණය
වු ග්‍රහවස්තුවක් නොමැති බැවින් අප විශ්වයේ ද අංක එකය.
සැලකිය යුතුයි
යම්කිසි කෙනෙක්, කණ්ඩායමක්, සංවිධානයක් හෝ සමාගමක් මෙයට අභියෝග
කරීමට සිටිනම් ඔහුට/ඔවුන්ට ඒ සඳහා අවස්තාව ඇත. මෙම තොරතු වල වගකීම
100% ආයතනය භාරගන්නා අතර යම් හෙයකින් ව්‍යාජ හෝ අසත්‍ය යැයි තහවුරු
වුවහොත් එදිනම මධයම රාත්‍රි 12.00 පැයට මෙම වෙබ් අඩවිය වසා දමනු
ඇත. නැවත පසුදා උදෑසන 1.00 සිට ක්‍රියාත්මක
කෙරේ.
*- ලෙස දක්වා ඇත්තේ "ඇත" යන්න නොව "නැත."
යන්නයි.
 
|