ලෙඩ ඇදේ සිටිය දීත් රටට සේවය කළ දේශපාලණඥයා
[හන්දියේ පිටරවුම්
පාර -2010/01/11]
රට දැය සමය වෙනුවෙන් තම කාලයත්, ශ්‍රමයත් පරපුරෙන් හිමි වු ධනයත්
කැපකරමින් ආත්ම පරිත්‍යාගයෙන් සටන් වැද සිටි ජාති හිතෛෂී ආර්. ජී.
සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිස් නව වසරක් පිරීම නිමෙත්තෙන් පළවන
ලිපියකි.
ජනාතා ප්‍රශ්නවලදී විශේෂටයෙන් රට දෙකඩ කිරීමේ තර්ජන ගර්ජනවල දී
එතුමා අභීතව කළේය. ඒ අනුව ක්‍රියා කළේය. පුරා වසර 40කට අධීක කාලයක්
තිස්සේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙහි අවධියෙන් හා සටන් කාමිත්වයෙන්
උන් දේශපාලනඥයින් අතර එතුමා ප්‍රමුකස්ථානයක් ගත්තේය.
ධනය, බලය හා පවුල් බලය රජකරම්න් තිබූ සමයක තමන්ට හිමිව තිබූ
වරප්‍රසාදවලට හා පදවි වලට පයින් ගැසූ එතුමා 1956 දී එස්. ඩබ්. ආර්.
ඩී. බණ්ඩාරනායක මහතා සමග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංද මහා
බලවේගයත් සමග නව සමාජ පෙරලියට පුරෝගාමි විය. ශ්‍රී ලංකාව කිසිම
සමාජවාදි රටක් සමග සබඳතාවයක් නොතිබූ සමයක එතුමා රෝගාතුරව සයනයක
සිටිය දී චීන-ලංකා රබර් සහල් ගිවිසුම අත්සන් කිරීම මෙරට සමාජවාදි
රටවල් සමග සබඳතා ගොඩ නැගීමට දොරටු විවෘත කිරීමක් විය.
දේශබන්දු ඇෆ් ආර් සේනානායක මහතා බ්‍රිතාන්‍ය රජයෙන් අධිරාජ්‍යයෙන්
තමරට මුදා ගැණිමටත් මුළු රට වසාගෙන තිබූ මත්පැන් උවදුරින් ජාතිය
මුදා ගැනීම සඳහාත් අමද්‍යප ව්‍යාපාරය ගෙන යමින් කළ උදාර ජාතික
මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ. එවන් විශීෂ්ට සේවාවක් කළ
එෆ්. ආර්. සේනානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වු ආර්. ජී.
සේනානායක මහතා1911. 11. 11 වැනි දින උපත ලැබීය. කොළඹ රාජකීය
විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ්
සරසවියේන් නීති උපාධිය හා බැරිස්ටර් සම්මානය ලැබූ එතුමා නීතීඥ
වෘත්තීයට නොගොස් දේශපාලනයට පිවිසියේය.
මුලින්ම සිය ඥාති සොහොයුරු සිරිපාල සමරක්කොඩි මහතාගේ හදිසි
අභාවයෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නාරම්මල ආසනයෙන් රාජ්‍ය
මන්ත්‍රන සභාවට පිවිසි එතුමා පසුව නිදහස් පාර්ලිමේන්තුවේ දඹදෙණිය
ආසනය නියෝජනය කරමින් ඩී. එස්. සේනානායක අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක
හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති පදවිය හෙබවිය. ඉන් පසුව ඩඩ්ලි
සේනානායක, සර් ජෝන් කොතලාවල පාලන සමයන්හී එම අමාත්‍ය මණ්ඩලවල වෙළඳ
හා වානිජ්‍ය කටයුතු අමාත්‍ය ධූර හෙබවිය. ලංකා පාර්ලිමේන්තු
ඉතිහාසයේ ප්‍රථම වරට ආසන දෙකක් එකවර නියෝජනය කරමින් 1956 දී පිහිට
වු බණ්ඩාරනායක රජයේ වෙළද අමාත්‍ය ධූරය ලැබීය. ඓතිහාසික කැළණි
පුරවරය පූජා
නගරයක් බවට පත්කිරීම එතුමා කැළණී මන්ත්‍රිවරයා වශයෙන්
සිදුකළ අතිවිශීෂ්ව සේවාවකි ලෝකයේ සෑම රටක් සමගම වෙළද හා සංස්තෘතික
සබඳතා ඇති කිරීම ස්වදේශීය නැවු සමාගමක් ඇතිකිරීම විදේශීය වෙළද
සමාගම් ස්වදේශීකයන් සතුකිරීමට අදාල නීති කෙටුම්පත් සකස් කිරීම
ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම සිංහල
සංස්කෘතිය හා හෙළ කලාවන් නගා සිටුවීමට ක්‍රියා කිරීම සිංහල වෙළද
මණ්ඩලව පිහිටුවීම සංචාරක ව්‍යාපාරයේ උන්නතියට අවශ්‍ය පියවර ගැණිම,
ත්‍රිකුණාමලය ගෝකන්න විහාරය සිංහල බෞද්ධයන්ට හිමිකරදීම මෙතුමාගෙන්
සිදුවු විශීෂ්ට සේවාවන්ගෙන් බිඳකි.
පුරා වරසර 40 තිස්සේ ආර්. ජී. සේනානායක මහතා ආගමික, ජාතික,
සාමාජීය, දේශපාලන ප්‍රශ්නවලදී අවංකවම අභීතව කථා කළේය. ඒඅනුව
ක්‍රියා කළේය. එනිසාම එතුමා පක්ෂ වලින් තල්ලුවී ගියේය. මැති ඇමති
පදවි වලින් නෙරපී ගියේය. ජය පරාජය එකසේ පිළිගත් අටලෝ දහමෙන්
නොසැලුණු මේ ශ්‍රේෂ්ඨ නායකයා වසර 59 ක තම ආයු කාලය තුල රට, දැය,
සමය වෙනුවෙන් කළ අවංක මෙහෙවර නිමාකොට 1970 දෙසැම්බර් මස 22 වැනිදා
අළුයම 4.50 පරලෝ සැපත් විය.
මෙතුමාට අද දේශපාලඥණයන් ගෙන් ගතහැකි ආදර්ශයන් තිබේ ද?
ඔබේ අදහස දක්වන්න...
 
|