මියගිය දියතලාවේ දිණූෂා මෙන් තවත් අවතාර තුනක්
[හන්දියේ පිටරවුම්
පාර -2009/12/14]
රිය අනතුරකින් මියගිය දියතලාව දිනූෂා නම්
භූතාත්මයක් ඡායා රූප ගත කල කතාන්දරය ඊ-මේල් පනිවිඩයක් මගින් හන්දියට
ලැබුණු පසු මීට පෙරත් එවැනි මහ මග දී හමු වු භූතයන් තිදෙනෙක් පිළිබඳ
විස්තරයක් හා විග්‍රහයක් ගෙන හැර පෑමට හන්දියේ අපට සිතුනි. පහත
දැක්වෙන්නේ එම භූතයන් තිදෙනා පිළිබඳ කෙරුණූ විස්තරයක් හා විග්‍රහයකි.
දලල්ලේ අවතාරය
එක්තරා දවසක ගාල්ලේ මෝටර් රථ ධාවන තරඟයකට සහභාගී වු ඩිලෝනී බෙල්විල්
ධාවන ශූරයා හික්කඩුව තානායම බලා ගමන් කරමින් සිටියේ ය. කාරය පිරී තිබුණ
නිසා ඔහුගේ සහකරු ලගේජ් කැරියරය මත හිඳ ගෙන සිටියේ ය. ඔහු පසු පස බලා
හිඳගෙන සිටි අතර ධාවන ශූරයාම රථය පැදවි ය.
හදීසියේ ම දලල්ල සුසාන භූමිය අසල දී රථයේ
විදුලි පහන් අක්‍රිය විය. එවිට ඔහුගේ කාරය නැවැත් විය. සහකරු බිමට බැස
විශාල කාබයිට් ලාම්පු දෙකක් දැල්වි ය.
ඉන්පසුව හික්කඩුව තානායමට පැමිනි ඔවුහු
සහකරු පැමින දොර විවෘත කරනතුරු මොහොතක් බලා සිටියේ ය. ඔහු
නොපැමිනියෙන් කනස්සල්ලට පත් ධාවන ශූරයා රථයෙන් බැස්ස විට ඔහුට දක්නට
ලැබුනේ ලගේජ් කැරියරය මත මළ මිනිසෙක් සේ විසංඥව සිටින සහකරු ය. ඔහුට
ප්‍රථමාධාර දීමෙන් පසු සිහිය පැමිණියෙන් ඔහු මෙසේ සිද්ධිය විස්තර කළේය.
දල්ලලේ දී ලාම්පු දැල්වීමෙන් අනතුරු ව වාහනය ගමන් ගත් විට සුදු
ඇඳුමකින් සැරසුණු කිසිවෙක් කාරය පසුපස දුවන්නට වූහ. ඔහු කාරයට ළංවන සෑම
විට ම විශාල පුද්ගලයකු බවට පත් වී සහකරු බදා ගැනීම සඳහා දෑත දිගු කරයි.
මෙහි දී සහකරු කෑගැසූ විට මෙම රූපය කෙමෙන් කුඩා වී පසු බසී. කෑගැසීම්
හඬ කාරය තුළ වු අයට නො ඇසුන නිසා ඔහුට පිළිසරණක් ද නො ලැබිණි. ටික
වේලාවකින් රූපය නැවත ළංවෙයි.
මොටර් රථ පදවන්න් කී දෙනකුට මේ අත්දැකීම දලල්ලේ දී ලැබී ඇද් ද?
ගොරකානේ අවතාරය
ගාලු පාරේ තවත් මාරක ස්ථානයක් ඇත. එනම් ගොරකානේ සුසාන භූමිය යි. එහි
ළමයෙකු අතින් ගත් කාන්තාවක් ඇත. පාරේ යන අයෙකු හමුවන විට තම දරුවා
ටිකකට ගන්නා ලෙස ඇය ඉල්ලා සිටි. ඔහු භය වුනහොත් හෝ ළමයා ගත්තොත්
හෝ එය ඔහුගේ අවසානය
යි. මෙය සිදුවන්නේ තනියම ගමන් කරණ අයවලුන්‍ට පමණකි. මොටර් රථ
කරුවන්ට නම් මෙම කාන්තාව හමු නොවෙයි. එහෙත් කුමක් දෝ හේතුවක්
නිසා සමහර විට ඔවුන්ට ද මහත් භීතියක් ඇති වේ. මේ ස්ථානයේ දී සිදු වී
ඇති රථවාහන අනතුරු සංඛ්‍යාව මීට සාක්ෂී දරයි. හැකිතාක් හයියෙන්
කුනුහරුපයෙන් බැන්නොත් මෙකී කාන්තාව අතුරුදහන් වන බව කියනු
ලැබේ. ඇය කුනුහරුපවලට අප්‍රිය සේ ය.
කනත්තේ අවතාරය
ජේ. මහතා (කතාව වාර්තා කරන ලද පුද්ගලයා)
විසින් දක්වා ඇති ඊළඟ කතන්දරය නම් කුලී රියක ගමන් ගනිමින් සිටිය දී
රොස්මිඩ් පෙදෙසේ සිදු වු අනතුරකින් මිය ගිය විදේශ කාන්තාවක් ගැන යි.
එතැන් පටන් කනත්ත සුසාන භූමියේ ලිව් දොරකඩ රාත්‍රි කාලයේ දී පසු කර යන
කුලී රථවලට අත ඔසවන සුදු කාන්තාවක් අනතුරු ව රථයට ගොඩ වී රොස්මිඩ්
පෙදෙසේ ලිපිනයක් දෙයි. නියමිත ලිපිනයට ළගා වී බලන විට කිසිවකු රථය තුළ
නැති බව කුලී රථයේ රියදුරාට දැනගන්නට ලැබෙයි.
විග්‍රහය
ඉහත දැකිවෙන කතාන්දර
විග්‍රහ කළ විට මෙම කරුණු සහ ප්‍රශ්ණ මතුවෙයි.
ළමයා සහ කකාන්තාව
-
මෙය සිදුවන්නේ තනියම ගමන් කරණ අයවලුන්ට
පමනක් නිසා එය සිය දෑසින් ම දුටු අන් අය නැත.
-
සැබවින් ම සිදු වුයේ කුමක් දැයි නිවැරදිව
කිව හැකි වන්නේ මියගිය අයට පමණකි. මියගිය අයට කථා කිරීමට හෝ
ලිවීමට නොහැකි නිසා මරණය සිදුවුයේ භයවීම හෝ ළමයා වඩා ගැනීම නිසා ය
යි නිගමනය කළේ කෙසේ ද?
-
භූතයා දැකීමෙන් පසු ද මරණයට පත් නො වු අය
තමා භය වුයේ නම් හෝ ළමයා වඩා ගත්තේ නම් හෝ මිය යන බව දන්නේ කෙසේ ද?
-
දලල්ලේ භූතයාට මෙන්ම සුදු කාන්තාවගේ භූතයාට
ද කන් ඇසීම පුදුම සහගත දෙයක් වන්නේ මරණයෙන් පසු මස්තිස්ක පටකයන් සහ
කන් බෙරය දිරාපත් නොවු නිසා ද?
-
මොටර් රථ පදවනන්ට මෙම කාන්තාව හමු නොවන්නේ
නම් “කුමක් දෝ හෝතුවක් නිසා” ඔවුන් භීතියට පත් වීම කාන්තාව හා
දරුවා නිසා සිදුවන්නකැයි නිගමනය කිරීම විහිළුවකි.
-
එක ම ස්ථානයේ රථවාහන අනතුරු රාශියක්
සිදුවන්නේ නම් ඊට හේතුව භූතයන් නොව මහා මාර්ගයේ
වරදක් ය යි නිගමනය කිරීම වඩා සාධාරන නොවේ ද? අන් රට වල නම් එසේ
අනතුරු සිදුවුව හොත් ඒ ගැන මාහා මාර්ග ඉන්ජිනේරුවන්ගේ
අවධානය යොමු වෙයි. ලංකා වේ නම් එවැනි අනතුරු වලට
පිළියම් කළ හැක්කේ යකැදුරන්ට ය.
-
මෙම කුනුහරුප
කීම ඕනෑම භාෂාවකින් කළ හැකි ද? එසේනම් මෙම භූතයා භාෂා රාශියක්
දන්නේ ද? එසේ නොවන්නේ නම් භූතයා දන්නා භාෂාවෙන් කුණුහරුප නොදන්නා,
පාරේ ගමන් කරන අයවලුන්ට බේරුමක් නැද්ද?
-
සෑහෙන කාලයක් තිස්සේ මේ ස්ථානයේ දී මිය ගිය
පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ජේ. මහතාට
ඉදිරිපත් කළ හැකි ද? හදිසි මරණ පරීක්ෂකගේ වාර්තා සහ ප්‍රදේශයේ
පොලිස්ථානයේ වාර්තා ද මගින් අදාල
තොරතුරු ලබාගත හැකි ද?
-
රාත්‍රි කාළයේ අනතුරු වලට භාජනය නොවී
අවුරුදු පතා මේ ස්ථානය පසුකර යන දහස් ගණනක් දෙනා ගැණ ජේ. මහතා
කල්පනා කර බැලුවේ ද? මම
(ආචාර්‍ය ඒබ්රහම් ටී කොවුර් මහතා) ද එවැනි රියදුරෙක්මි.
කනතේ භූතයා
දලල්ලේ භූතයා හා ගොරකානේ භූතයා දුටු පුද්ගලයින් මිය ගියේ වී නමුදු
විදේශ කාන්තාව රථයේ පටවාගෙන රොස්මිඩ් පෙදෙසට ගිය කුලී රථ රියදුරන්
රාශියක් දැනට කොළඹ නගරයේ ජීවත් වනවා විය යුතු ය.
සුදු කාන්තාවගේ භූතයා පෙනී සිටින්නේ නිර්වස්ත්‍රව ද නැතහොත් යුරෝපීය
ඇදුමින් සැරසී දැ යි දක්වා නැත. ඇය නිර්වස්ත්‍රව සිටියේ නම් එවැනි
කාන්තාවක් කුලී රියදුරෙකු විසින් තම රථයට පටවා නොගනු ඇත. විශේෂයෙන් ම
කනත්ත සුසාන භූමියේ ලීව් දොරටුව අසල දී ඔහු එසේ කරණ්නට මැලි වනවා
නිසැක ය. අනිත් අතට ඇය සාමාන්‍ය කාන්තාවක් ලෙස ඇද පැලද සිටියේ නම් එම
කාන්තාවට පමනක් නොව ඈ හැදි ඇදුම් වලට ද මරණීන් මතු ශරීරයෙන් බැහැරව
යන භූතාත්ම ඇතැ යි තීරණය කිරීමට අපට සිදුවේ. ඇට කටු හෝ මාංශ පේශී නො
තිබියදීත් කාරය පසු පස හබා ආ දලල්ලේ භූතයා
ගැන ද මේ දෙයම කිවයුතුය තිබේ. නැතහොත් සමහර විට මේ භූතයන්ට ඇටකටු හා
මාංශ පේශී සහිත ශරීරයක් තිබෙනවාද විය හැකි ය.
මිය ගියා ද? ජීවත්ව සිටී ද?
මෙම භූත කාන්තාව කුළී රථ රියැදුරන්ට කතා කළ බව පිළිගන්නේ නම් දැනට
බොහෝ කාලයකට පෙර කනත්තේ සුසාන භූමියේ දී දිරාපත් වී පස් සමග එකතු වු
නමුදු ඇගේ උච්චාරණේන්ද්‍රිය, පෙනහලු, මුඛය, දිව සහ මොලයේ උච්චාරණ
කේන්ද්‍රය ද තවමත් ක්‍රියාකාරී ව පවතින බව අපට නිගමනය කිරීමට සිදුවේ.
නැත්නම් ශබ්ද තරංග නිකොත් කොට අනිත් අයට අන්
අයට ශබ්ද ඇසීමට සලස්වන ශබ්ද නිශ්පාදන යන්ත්‍ර මේ භූතයන් සතුව
තිබෙනවා විය යුතුය. (ඔබ දියතලාව දිණූෂා ගැන කියවු
අයෙකු නම් ඉහත ප්‍රකාශය නැවත වරක් කියවා බලන්න. දීණූෂා ට ද හැඩීමට
හැකි යයි කථාවේ දැක්වේ.)
රොස්මිඩ් පෙදෙසට මෙම භූතයා පටවා තම රියේ පටවාගෙන ගිය කුලී රථ
රියැදුරන් රාශයෙන් එකකු හෝ හමුවන තෙක් මම තවමත් බලාපොරොත්තුව සිටිමි.
ඉහත දැක්වෙන පුවත අසූ මම තවත් අයෙකු සමග කනත්තට ගොස් ලිව් ගේට්‍ටුව
අසල කාරය නවත්වා ඒ තුල වාඩි වී රෑ 2.30 වන තුරු රෑ දෙකක් ම ගත කෙළෙමි.
මගින් රහිතව මෙම ස්ථානය පසුකර ගමන් කළ කුලී රථ 21 ක් අපි ගණන් කෙළෙමු.
මෙයින් එකක් වත් කථාපුවතේ දැක්වෙන භූතයා විසින් හෝ නවත්වන ලද්දේ නො වී
ය.
 
|