සෝම හිමියන්ගේ මව සොයා ගියෙමු
[හන්දියේ පිටරවුම් පාර -
AutoCAD2010 - 2009/12/07]
ඇය
දහස් ගණනකගේ මොහාන්දකාරය දුරුකිරීමට සමත් වු උතුම් පුතෙකු මෙලොවට
බිහිකළ මවකි. නමින් චාලට් විරතුංග ය. එනමින් ඔබට හදුනා ගැනීමට තරමක
අහසු වුවත් සොම හාමුදුරුවන්ගේ මව යැයි කියුවිට නම් නොහදුණන කෙනෙකු
මෙපින්බිමේ නැත. එම උතුම් මෑනියන් සොයා හන්දියේ අප ගිය ගමනේ බිදක්
දැක්වීමට අවසර.
අප එහි යන ගිය විට මුලින් පද්මිනි ජයන්ති මහත්මිය (සොම හිමියන් ගේ
සහොදරයාගේ බිරිඳ) ඉතා නිහත මානී ලෙස අප පිළිගෙන සොම හිමියන්
ගේ මෑණියන් වෙත කැදවාගෙන ගියාය.
කොහොම ද අම්මේ තොරතුරු?
වෙනසක් නැහැ දරුවෝ. ගියමාසේ හාමුදුරුවන්ට පිංපතා කඨින පිංකමත් කළා
(නොවැම්බර් මස 23 වන දින ). පසුගිය දවස් වල අසනීපෙන් හිටියේ. අනිද්දට
ආයෙත් ඉස්පිත්තාලෙට එන්න කිවුවා “ස්කෑන් එකකට” නිරායාසයෙන්ම මුවට එන
සිනහව සමග ඇගේ කථාව ඉතා ප්‍රියංකරය. හැගීම්බරය.
මේ දවස් වල හාමුදුරුවෝ වෙනුවෙන් කෙරෙන පිංකම් ඇති
නේද?
ධර්මායතනයේ නම් තියෙන්නේ 13 වනි දා තමයි (මහරගම ශ්‍රි වජිරඤාණ
ධර්‍මයාතනය). කුප්පියාවත්ත පන්සලේ භද්දිය
හාමුදුරුවෝ 12 වැනි දා පිංකමක් කරණවා. තව 13 වෙනිදා ම බම්බලපිටියේ
වජිරාරාමයේත් පිංකමකුයි ලේ දන්දීමේ ව්‍යාපාරයකුයි සංවිධානය කරලා
තියනවා.
සොම හාමුදුරුවෝ පුංචි කාලේ විස්තර ටිකක් කියන්න පුළුවන් ද?
අනිත්
අය වගේ නෙවෙයි, මෙයා පුංචිම කාලේ ඉදලා ආගම දහමට තමයි වැඩි කැමැත්ත.
හරියට පොත් පත් කියවනවා. අවුරුදු 13 දී විතර ඉදලම තමයි මහන වෙන්න ඔනේ
කියන්නේ. අවුරුදු 26 දී තමයි මහන වුනේ. හැම පොයට ම වාගේ සිල්ගන්නවා.
ඉස්කොලේ ගියේ...
සුභද්‍රා රාමයට. නෑ ශ්‍රී රේවත මහා විද්‍යාලය, ආනන්ද
ශාස්ත්‍රාලය අන්තිමට ගියේ ඉසිපතනෙට විද්‍යා
අංශයෙන් තමයි ඉගන ගත්තේ. ඈ නිවැරදි කළේ පද්මසිරී වීරතුංග මහතායි. ඔහු
අපේ සොම හිමින්ගේ එකම සහොදරයායි. දැනට මෙම මෑනියන් රැක බලා ගන්නේ
ඔහුයි. සොම හිමියන් අපවත් වීමට දින කිහිපයකට පෙර ඔහුට කථා කර “මල්ලී
මල්ලිට අම්මා බලා ගන්න පුළුවන් නේද?” ලෙස ඔහුගෙන් අසා ඇත. මොකක් හරි
කරදරයක් කරදරයක් අත ලග බව හාමුදුරුවො දැනන් ඉදලා තියෙනවා කියලයි මට
හිතෙන්නේ ඔහු හැගීම් බරව ප්‍රකාශ කළේය.

තරුණ වියේදී ගත් ඡායාරූප කිහිපයක්
ඉස්සලම බන කියු දවස අම්මට මතක ද?
අනේ එහෙම කියන්න බෑ හාමුදුරුවෝ මහන වෙන්න කලිනුත් මට බන කියලා
දෙනවා. ජාතක කථා කියලා දෙනවා. අපිට වගේ නෙවෙයි පුංචිකාලේ ඉදලම එයාට
දෙයක් කියලා දෙන්න පුළුවන්. ඒ තරමටම ධර්මය ගැඹුරටම දන්නවා.
පොඩිකාලේ දඟද?
එහෙම නෑ. රන්‍ඩු කරන්නෙත් නෑ. හැබැයි ඉතින්
මොනදේටවත් බයනෑ. අලි දහයක් එනවා කියුවත් එයා නෙවෙයි
හිටි තැනින් නැගිටින්නේ.
මහන වුන කාලේ ගැන ටිකක් කියන්න පුළුවන් ද?
බම්බලපිටියේ වජිරාරාමයේ ඉගැන්නුවානේ. ගෙඩාක් කල් ඉගැන්නුවා ඒකේ
ප්‍රින්සිපල් වෙලාත් හිටියා වගේ මට මතකයි. ( ඇයගේ දැන් වයස අවු
83 කි. බොහෝ
කරුණු පද්මසිරි මහතා විසින් නිවැරදි කරදෙන ලදී)
එහෙම ඉදලා අවුරුදු 26 දී මහන වුනා ඊට පස්සේ
වැඩිපුරම ධර්මායතනෙයි ඔස්‍ට්‍රෙලියාවෙයි තමයි හිටියේ. තාත්තගේ අසනී
වුන නිසා තමයි ආයේ ලංකාවට වැඩියේ.
පස්සේ කාලේ දී හාමුදුරුවො ධර්මදේශනා කරද්දී මෙනවද හිතුනේ
සන්තොසයි ඉතින්. මාත් හාමුදුරුවෝ එක්ක ගොඩාක් තැන්වලට ගියා. ඔය
බදුල්ල, බණ්ඩාරවෙළ එහෙමත් ගිහිල්ලා තියෙනවා. ඒත් මම කිවුවා ඔහොම බණ
කියන්න කියන්න එපා හා මුදුරුවන්‍ට මොනවා හරි කරදරයක්
වෙයි කියල.
ඉතින් හාමුදුරුවෝ මොනවාද කියුවේ.
එයා කියන්නනේ ඉතින් මම මේ කියන්නේ මගේ දෙවල් වත් මට හිතෙන දේවල්වත්
නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියපු දේවල්. මම බන කියනවා හොද නැත්නම් මම
නොකියා ඉන්නම්. අම්මා මීට පස්සේ බන කියන්කෝ කියලා හිනාවෙලා කියනවා.
අන්තිමට මෙහාට ඇවිල්ලා අම්මේ මම රුසියාවට යනවා කියලා කිවුවා දවල්
දානෙ ගත්තෙත් මෙහෙන්. දානේට තිබ්බ කෙහෙල් ගෙඩිය කින් බාගයක් වලදලා
ඉතිරි බාගේ මට දීලයි ගියේ. ( ඇය නැවත වරක් නිහඩවම හැඩුවාය) අපවත්
වෙන්න කලින් දවසේ මට කථා කළා හොදින් ඉන්නවා කියුවත් ඉක්මනට එන්නම්
කියුවෙ නැහැ.
(කියන හැම වචනයක් පාසාම ඇයගේ නෙතට කඳුලු එයි. තවද ඇය අසනීප තත්වයේ
පසුවන බැවින් තවදුරටත් ඇය වෙහෙසීම නොකළ යුත්තකි.)
හොදයි අම්මේ අම්ට ස්තූති කරණ්න එහෙම කට්‍ටිය ඉන්නවාද?
ඔවු හාමුදුරුන්ගේ දායක යෝ එහෙම එනවා. එතකොට කොළොන්නාවේ ශ්‍රි
සුමංගල හාමුදුරුවෝ ඒ හාමුදුරුන්ගේ පන්සලේ තියන සමිති වලින් ඇවිත් දුක
සැප බලලා යනවා. කොළඹ ජාතික රෝහලේ හෘදරෝග
විශේෂක්ඥ වෛද්‍ය රුවන් ඒකනායක දොස්කර මහත්තයත් තව ගොඩක් අය ඉන්නවා
ඉතින්.
අවසාන ලෙස මොනවද කියන්න තියේනේ
හාමුදුරුවෝ අපට අහිමි වෙලා දැන් අවු 6
වෙනවා. දැන් ඒක වෙලා ඉවරයි. අපේ හාමුදුරුවෝ ආයේ එන්නේ නෑ. අපිට වුන
දේවලට අපි කාටවත් වෛර කරන්නේ නැ. වෛර කරන්න එපා කියලයි හාමුදුරුවොත්
කිවුවේ.

සෝම හිමියන් ගේ මව, සහෝදරයා සහ ඔහුගේ බිරිද
අම්මලා එමට ඇත. එතරම්ම පුතාලත් ඇත. එහෙත් තනිවම නැගී සිට රැල්ලට
ගසායන ජන ගංඟාවක් දෑස් අවධිකොට සුමගට හැර වියහැකි පුතුකු ලැබීමට සැම
මවත් ම පින්කොට නැත. රට, දැය සමය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ,
ජීවිතය පූජාකළ පින්වත් සොම හිමියන් මෙලොවට බිහිකල එම මෑනියන් අපට
වස්තුවකි අප ඇය රුකබලා යුතුය.
ඔබ මාලබේ කඩුවෙල මාර්ගයේ ගමන් ගන්නේ නම් ප්‍රධාන පාරට ම මුහුනලා
පිහිටා තිබෙන “නිදහස” අංක 283, කොතලාවල, කඩුවෙල. නිවසේ දැනට පදිංචිව
සිටින මෙතුමිය හමුවීමට යන්න. සොම හිමි අපට කළ මෙහෙයට කෘතගුණ සලකා
මෙම මෑණියන්ගේ දෙපා වැද නමස්කාර නොකොට නොයන්න.

 
|