ජ්‍යෝතීශය හා හස්ත රේඛා ශාස්ත්‍රය බොරුවක් බව
හෙළිවේ
[හන්දියේ පිටරවුම් පාර -
AutoCAD2010 - 2009/12/02]
ජ්‍යෝතීශය අද ඇතැම් ජනමාධ්‍ය වලට නැතුවම බැරි මාතෘකාවක් වී ඇත. දිගින්
දිගටම හොද හොද ප්‍රචාරයන් ලබා දෙමින් අද මෙය අසරණ අසණ්නන් හා නරබණ්නන්
මුලා කරන තත්වයකට පත්ව ඇති බව හන්දියේ අදහසය. එම නිසාම මිත්‍යා විශ්වාස
හා මිත්‍යා මත ලාංකේය සමාජයෙන් සෝදා හැරීමට ඉමහත් මෙහෙක් කළ හා මහත්
පරිශ්‍රමක් දැරූවකු වන ආචාර්ය ඒබ්‍රහම් ටි. කොවුර් මහතා විසින් රචිත,
නීතීඥ එච්. එස්. ධර්මපාල සේනාරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරණ
ලද “දෙවියෝ සහ භූතයෝ ” කෘතියේ ලිපි කිහිපයක් උපුටා දැක්වීමට හන්දිය
අදහස් කළේය. අප සියළු දෙනාගේම යහපත සඳහා මෙම ලිපි ඵල කිරීමට අවසරය
ලබාදුන් නීතීඥ. එච්. එස්. ධර්මපාල සේනාරත්න මහතාටත් ලංකා හේතුවාදී
සංගමයටත් අප මෙන්ම පාඨක ඔබත් ස්තූතිය පුදකරනු මැනවි.
අත බලා ඛණිජ තෙල්
ලන්ඩන් නුවර ජ්‍යෝතීශ ව්‍යාපාරයෙන් විශාල මුදලක් උපයන සයිරස් අබේකෝන්
නැමති ශ්‍රී ලාංකිකයෙකු ඝානාවේ ජනාධිපතිගේ හස්ත රේඛා බලා එරට ඛණිජ
තෙල් සොයාගත් බව දැක්වෙන පුවතක් සන්ඩේ ඔබ්සෝවර් පත්‍රයෙන් කියවු මම
අබේකෝන් ලංකාවේ ගත කරන මේ දිනවල දී අප ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන
මහතාගේ හස්ත රේඛා පරික්ෂා කළොත් අපටත් තෙල් නොලැබේ දැ යි කල්පනා කළෙමි.
රුපියල් ලක්ෂයක් දිනා ගැනීමට අවස්තාවක්..
හස්ත රේඛා පිළිබඳව මෙම ප්‍රබන්ධිත පුවතින් පුබුදණු ලැබු මම අබේකෝන්ටත්
අප රට අන් හස්ත රේඛා හා ජ්‍යෝතීශ ශාස්ත්‍රකාරයන්ටත් 1978 පෙබරවාරි 12
වන දින තර්ස්ටන් විද‍්‍යාලයීය ශාලාවේ දී මවිසින් කරනු ලබන පරීක්ෂනයට
ඉදිරිපත් වන ලෙස එම පුවත් පත මගින් ම අභියෝග කළෙමි. සියයට 95 ක් හා ඊට
වඩා නිවැරදි උත්තර දෙන අයෙකුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් ප්‍රධානය කළේ
ඔවුන් මෙම පරීක්ෂණයට ඇදගනු පිනිස ය.
පහක් අභියොගයට සුදානම්..
හස්ත රේඛා ශාස්ත්‍රකරුවන් සහ ජ්‍යෝතීශ කාරයින් හතර දෙනෙකු මේ පරීක්ෂණයට
ඉදිරිපත් වන බව මට දැන් වුහ. පස් වැන්නකු දුරකථනයෙන් අමතා යේසුතුමාට
යාඥාකොට රොග සුවකළ හැකි අයුරු පෙන්නුම් කළ හැකි යයි කියා සිටියේ ය. මම
ඔහුට ද ආරාධනා කළෙමි. පුවත් පත් මගින් නිතිපතා තම දස්කම් හුවා දක්වන
ජ්‍යෝතීශ කරුවන් සහ හස්ත රේඛා කරුවන් ගණනාවකට විශේෂ ලිපි මගින්
ආරාධනා කරන ලදී.
තරගය ඇරබෙයි...
පෙබරවාරි 12වන දා නිවමිත වේලාටත් බොහෝ පෙර සිට ම තර්ස්ටන් විද්‍යාලලීය
ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගියේය. හරියට ම පහට රැස්වීම අරඹන ලදී.
හදුන්වාදීමේ කථාව කරමින් අධි මානසික ශක්ති සහ ගූඪ විද්‍යාවලටත්
ප්‍රබන්ධ කතා ස්වරූපය ද ශාස්ත්‍ර කියන්නන්ගේ ප්‍රෝඩාව ද සඳහන් කරමින්
හාස්කම් ඇතැ යි කියන්නන්ට මා විසින් ඉදිරිපත් කර ඇති කරුණු 23 කින්
යුත් ස්ථිර අභියොගය සභාවට ඉදිරිපත් කෙළෙමි. අනතුරුව ජ්‍යෝතීශ හා හස්ත
රේඛා ශාස්ත්‍රකරුවන්‍ට වේදිකාවට පැමින අසුන් ගන්නාලෙස ආරාධනය කරන
ලදී. හස්තරේඛා ශාස්ත්‍රකරුවෙක් සහ දේව අනුහසින් රෝග සුව කරන්නෙක්
ඉදිරියට ආහ. ශාස්ත්‍රකරුවන් විශාල සංඛ්‍යාවක් රැස්වීම් ශාලාවේ සිටි බව
ද මා වෙත දැනුම් දෙන ලදී.
ඔවුන් මගේ රුපියල් ලක්ෂයක ත්‍යාගය භාර ගැනීමට ඉදිරියට නාවේ ඇයි?
සාමාන්‍ය පුද්ගලයෙකුගේ කණා ගැහිල්ලකට වඩා වැඩි ප්‍රතිඵලයක් ඔවුට ලබා
ගත නොහැකි බව දන්නා නිසා ය. මූඪයින් මුලා කරමින් කරගෙන යනු ලබන ඔවුන්ගේ
ජාවාරමට එසේ පරීක්ෂණයට මුහුණ දීම බාධාවක් බව තේරුම් ගැණීමට තරම්
ඔවුහු බුද්ධිමත් වූහ.
උන්මත්තකයින් ගෙන් බාධා විය හැකි බැවින් සාමය රැකීම සඳහා පොලිස්
නිරධාරීහු විශාල ගණනක් ද එහි එහි සිටියහ. හස්ත රේඛා ගැන දැනුමක් නොමැති
සාමාන්‍ය පුද්ගලයෙකු වේදිකාවට කැදවන ලදී.
දේව අනුහසින් රෝගය සුව කරයි ද?
දේව අනුහසින් රෝග සුව කරන තැනැත්තා සභාවට හදුන්වා දුන් මම හස්ත රේඛා
ගැන මගේ පරීක්ෂණය කරගෙන යන අතරතුර දී මගේ නාස් තුඩහි ඇති කළු පැල්ලම
ඉවත් කිරීම සඳහා යේසුතුමාට යාඥා කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. මාගේ
මූත්‍රාශයේ ඇති පිළිකාව සුවකරනසේ ඉල්ලා සිටීමට සිත් වු නමුදු එතැනදී ම
එහි ප්‍රතිඵල සෙයා බැලිය නො හැකි නිසා පළමුවැන්න තොරා ගත්තෙමි.
හස්ත රේඛා ශාස්ත්‍රකරුත් සූදානම්.
ලිපි ගොනුවකින් මා ඉවතට ගත් සීල් තබන ලද ලියුම් කවර දෙකෙන් එකක අඩංගු
වුයේ පොලිස් ස්ථානාධිපති වරයෙකුගෙන් මා ඉල්ලා ගත් හස්ත රේඛා සලකුණු
තොගයකි. දහ දෙනෙකුගේ දෑතේ ම සලකුණු එහි විය. අනිත් ලියුම් කවරයේ වුයේ
එකී පොලිස් ස්ථානාධිපති වරයා විසින් සහතික කරන ලද තොරතුරු ය. මෙම දහ
දෙනා කවුද යන්නත්, ඔවුන්ගේ ස්ත්‍රි පුරුෂ භාවයත්, ඔවුන් ජීවත්ව ඇද්ද
නැතහොත් මිය ගෙස් ද යන බවත් මේ තොරතුරු විය. තවත් කවරයක අඩංගු වුයේ
දහ දෙනෙකුගේ උපන් දිව හා අවසාන මිනිත්තුක් දක්වා නිවැරදි වු උපන්
වේලාවන්, උපන් ස්ථානයේ දේශාංසක අක්ෂාංශක පිළිබඳ තොරතුරු ය. ඔවුන්
ජීවත්ව ඇද්ද නැද්ද යන බව සහ ඔවුන්ගේ ස්ත්‍රි පුරුෂ භාවය, ඔවුන්
අතුරින් අය විසින් ද, මියගියවුන් පිළිපඳ තොරතුරු ළග ඥාතින් විසින් ද
සහතික කරන ලදුව තවත් කවරයක අඩංගු විය.
රැස්වීම් සභාව ඉදිරිපිට දී සීල් කඩා ලියුම් කවරය විවෘත කොට හස්ත රේඛා
ශාස්ත්‍රකරුට සහ ඒ ගැන නොදත් සාමාන්‍ය තැනැත්තාට ද හස්ත රේඛා සලකුණු සහ
ඒ ගැන නොදත් සාමාන්‍ය තැනැත්තාට ද හස්ත රේඛා සලකුණු ඉදිරිපත් කරණ ලදී.
අනතුරුව මවිසින් සපයනලද පත්‍රිකාවක හස්ත රේඛා සලකුණු, ස්ත්‍රි පුරුෂ
භාවය සහ ජීවත්ව ඇද්ද නැද්ද යන බව සටහන් කරන ලෙස ඔවුන් දෙදෙනා ගෙන්ම
ඉල්ලා සිටිමි.
පොලිස් නිලධාරියා විසින් සහතික කොට තිබුණ ප්‍රතිඵල සමග ඔවුන්ගේ
පිළිතුරු සසඳා හරි වැරදි දැක්වීම පිණිස රැස්වීම් සභාවේ සිටි දෙදනෙකු
විනිශ්චය කරුවන් හැටියට පත් කරන ලදි. ප්‍රතිඵල සසඳන ලද්දේ ලංකා
හේතුවාදීන්ගේ සංගමය වෙනුවෙන් කාලෝ ෆොන්සේකා මහතා ද හස්ත රේඛා
ශාස්ත්‍රකරු ද ඉදිරි පිට දී ය.
හස්ත රේඛා ශාස්ත්‍රකරුගේ පිළිතුරු සියයට 30 නිවැරදි වු අතර හස්ත රේඛා
ශාස්ත්‍රය නොදත් තැනැත්තාගේ පිළිතුරු සියයට 20 නිවැරදි විය. මෙම
ශාස්ත්‍රය නොදත් තවත් කිහිප දෙනෙකු පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ නම්
ඔවුන්ගෙන් සමහරෙකු හුදෙක් කණා ගැහිල්ලෙන් සියයට පනහක් පමණ නිවැරදි
පිළිතුරු දෙන බවට සැකයක් නැත.
අවසාන ප්‍රතිපල
මාගේ නාසයෙහි තුඩහි ඇති කළු පැල්ලමත්, රුපියල් ලක්ෂයේ ත්‍යාගයත් තවම මා
ළග ය. දහ දෙනෙකුගේ උපන් දින දැක්වෙන කවරය සීල් නොකඩා ම, මා ලග ඇත්තේ කර
ඇර ගිය ජ්‍යෝතීශකරුවන් තව දුරටත් තර්ක විතර්ක කරන බව දන්නා නිසා ය.
සිතන්නට යමක්
මෙම පරීක්ෂණයෙන් හෙළි වු කරුණු ගැන හස්ත සහ ජ්‍යෝතීශ ශාස්ත්‍රකරුවන් ද
අධෛර්යමත් විය යුතු නොවේ. ඔවුන්ගේ පිහිට පතන මූඪයන් දහස් ගණනින්
ඉදිරියටත් සිටිනු ඇත. කලින් තීරණය කළ වේලාවට වඩා වැඩියෙන් සුභ වු
මොහොතක දිවුරුම් දීම සඳහා දිවංගත ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා
තම දිවුරුම් දීම විනාඩි තිහකින් පමා කරණ ලදී. ඔහුගේ රාජ්‍ය පාලන කාලය
අවුසාන වීමට පෙර ඔහු ඝාතනය කරන ලද්දේ නමුදු ලංකාවේ අගමැති වරුන් සහ
ජනාධිපති වරුන් ශුභ මොහොතින් දිවුරුම් දීම දිගට ම කරගෙන යනු ඇත.
මෙය වෙනස් විය යුතුද? නැද්ද? අදක්වන්න ඔබේ අදහස..
 
|