පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
වෑර්ලස් අහන්න
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.  හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

Photoshop  - පාඩම් අංක 03

පසුගිය සතියේ මා පොරෝන්දු වූ ආකාරයට මේ සතිය තුල පරිගණක ක්ශේත්‍රයේ භාවිතා වන වර්ණ පරාසයන් පිළිබඳව හා ඔබේ මෙනිටරයේ පෙනෙන ආකාරයටම මුද්‍රිත පිටපතක වර්ණයන් දිස්වන ලෙසට මොනිටරය සකස් කරගන්නා ආකාරය අද ඉගෙන ගනිමු.

RGB Colors - [ආර්. ජී. බී. වර්ණ ]

මෙම පාඩම ඇඩෝබි ෆොටෝෂොප් පිළිබඳව වුවත් මෙම කොටසේ අඩංගු කරුණු ඔබගේ සාමාන්‍ය දැනීම වැඩිකර ගැනීමට වඩාත් ඉවහල් වේ. ඔබේ පරිගණකයේ මොනිටරය මෙන්ම ඔබේ නිවසේ ඇති රූප වාහිනිය පිළිබඳව කතා කළත් ආ. ජී. බී වර්ණ පිළිබඳව කතා කිරීමට සිදුවේ. පරිගණක තිරයේ ඔබ දකින රූපය සැකසෙන්නේ එකිනෙකට ඉතාමත් ලඟින් පිහිටි වර්ණ තුනකින් සමන්විත තිත් රාශියක් විටින් විට විවිධ ප්‍රමාණයන්ගෙන් ආලෝකමත් වීම මගිනි. පරිගණක තිරයේ ඇති සයුම් බව හේතුවෙන් මෙම තිත් නොපෙනුනත්, රූපවාහිනී තිරයක් අත් කාචයකින් බැලූ විට ඔබට මෙම තිත් බලා ගැනීමට ලැබෙනු ඇත. චිත්‍ර විශය හදාරන විට උගන්වන ආකාරයට සෑම වර්ණයක්ම සැකසී ඇත්තේ මූලික වර්ණ තුනක් විවිධ ප්‍රමාණයන්ගෙන් සංකලණය වීමෙනි(න්ල්,කහ,රතු). පරිගණක තිරයේදී මෙම මූලික වර්ණ වලින් කහ ඉවත් වී ඒ වෙනුවට කොළ වර්ණය එක්වී ඇත. ඒ අනුව මොනිටරයක භාවිතා වන මූලික වර්ණ වන්නේ රතු (Red[R]) කොළ (Green[G]) හා නිල් (Blue[B]) වේ. මෙම වර්ණ ඔබට හොඳින්ම ගැලපෙන ආකාරයට සකස් කර ගැනීම සිදුකර ගත යුතුවේ.

නවීන පරිගණක වල ඉතාමත් දියුණු වී.ජී.ඒ. කාර්ඩ් භාවිතා වන නිසා එම කාඩ් වල ඇති සැකසීම් කර ගන්නා ආකාරය එකින් එකට වෙනස් වේ. එහෙත් පරිගණක මොනිටරයක් සකස් කර ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ පළමුව මොන්ටරයේ Contrast උපරිම වන තෙක් වැඩිකර ඉන් පසු මුද්‍රණය කරගත් රූපයක් දෙස බලමින් ඔබේ ඇසට පෙනෙන ආකාරයට වඩාත්ම ගැලපෙන මට්ටමකට Brightness  සකස් කිරීමයි.

ඔබ පරිගණකයක් මිලදී ගන්නේ ඇඩෝබි ෆොටෝෂොප් භාවිතාකර ඡායාරූප සංස්කරණය කිරීමට නම්, මොනිටරයක් තෝරා ගැනීමේදී වඩාත් සැලකිළිමත් විය යුතු වන අතර, ද්‍රව ස්පටික තිරයක් (LCD) තොරා නොගත යුතු වේ. මන්ද මෙම තිරය වර්ණ සඳහා එතරම් සංවේදී තාවයක් නොදක්වන බැවින් හා ඔබ පරිගණක තිරය දෙස බලා සිටින කෝණය අනුව එහි වර්ණය වෙනස් වණ බැවිණි.

CYMK Colors - [සී.වයි.එම්.කේ. වර්ණ]

මුද්‍රණ කටයුතු වලට අදාලව කතා කිරීමේදී මෙම වර්ණ පරාසය භාවිතා කරයි. මෙම වර්ණ වන්නේ සියෑන් (Cyan[C]) කහ (Yellow[Y]) මැජෙන්ටා (Magenta[M]) කලු (Black[K]) වේ. අද මහා පරිමාණයෙන් සිදුකෙරෙණ ඔෆ්සෙට් මුද්‍රණයේදී මෙම වර්ණ සංකළණය භාවිතා කරන ආකාරය ඔබ දැක ඇති.

මෙම වර්ණ පිළිබඳ දැනගත් ඔබට දැන් ගොණුවක් ආරම්භ කිරීමේදී තෝරාගත යුතු කුමණ පරාසයක වර්ණ ද යන්න දැන් වැටහෙනු ඇති. එනම් ඔබේ නිර්මාණය එලිදැක්වෙනුයේ පරිගණක තිරයක් මගින් හෝ රූපවාහිනී තිරයක් මගින් නමි ඔබේ නිර්මාණයට RGB වර්ණ තෝරා ගැනීමත්, ඔබේ නිර්මාණය එලිදැක්වෙනුයේ මුද්‍රිත මාද්‍යයෙන් නම් ඔබේ නිර්මාණයට CYMK වර්ණ තෝරා ගැනීමත් කටයුතු කිරීම උචිත වේ.

තවත් වැදගත් සැකසීම් කිහිපයක්

ඇඩෝබි ෆොටෝෂොප් ආරම්භ කිරීමට පෙර ඇඩෝබි ෆොටෝෂොප් සඳහා ඔබේ පරිගණකයේ ඇති මතකයෙන් (RAM) කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේද යන්නත්, තාවකාලිකව වැඩකිරීමට භාවිතා කරන (Scratch disk) ස්ක්‍රැචි ඩිස්ක් නමින් හැඳින්වෙන) ද්‍රෘඩ තැටියේ නිදහස් ඉඩ ප්‍රමාණය තෝරා දීමත් වැදගත් වේ.මේ සඳහා Edit මෙනුවෙන් පහත තෝරාගැනීම් කළ යුතු වේ.

Edit--> Preferences --> Performance (5 රූපය)

(5 රූපය)

මෙහි Memory Usage යටතේ ඇති ස්ලයිඩරය ඇදීම මගින් ඔබේ පරිගණකයේ මතකයේ කොතරම් ප්‍රමාණයක් ඇඩෝබි ෆොටෝෂොප් සඳහා භාවිතා කරන්නේද යන්න සැකසීමටත් Scratch disks යටතේ පරිගණකයේ ඇති ද්‍රෘඩ තැටි (Hard Disks) වලින් තාවකාලික භාවිතය සඳහා යොදා ගන්නේ කුමණ ද්‍රෘඩ තැටියද යන්නත් සැකසිය හැක.මෙහිදී Scratch disks සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් සහිත ද්‍රෘඩ තැටියක් තෝරා ගැනීමටත්, පරිගණකයේ මෙහෙයුම් පද්දතිය (Operating system) ස්ථාපනය කිරීමට භාවිත නොකළ ද්‍රෘඩ තැටියක් තෝරා ගැනීමටත් මතක තබා ගත යුතු වේ.මෙම සැකසීම් කිරීමෙන් පසු ඔබ  ඇඩෝබි ෆොටෝෂොප් වලින් නිර්මාණ කිරීමට සූදානම්ය.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
Sidath Rohana Wanigasekara.
Author
CorelDRAW 9 (2001), CorelDRAW 10 (2002)
& adobe Photoshop 7 (2003) Books in Sinhala
"HimaMini" No23(1), M.C.H. Suvineethagama, Badulla.
Phone: 0777 5 200 24, 055 355 86 96. mail: sidath2r@yahoo.com, tellme@handiya.com
 
අදහස් ගණන : (03)   මෙය කියවාඇති ගනන : (176)
sidath ayya oyage wede hodai. font upset wenne ay? mama office eke training awa NUWAN. GOOD LUCK

මම : nuwan madusanka

meka English padamak nevei Computer Rasika. Computer gana ahpan ***.

මම : Student

මෙහි cymk පා‍ට වල k යනු Black නම් CYMB ලෙස නොකියන්නේ ඇයි?

මම : Rasika

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 – Immediate treatment for pregnant women. www.flu.gov