Photoshop - පාඩම් අංක 03
[හන්දියේ ගුරුගෙදර -
Photoshop - 2009/10/12]
පසුගිය පාඩම් වලදී ඔබට ඇඩෝබි ෆොටෝෂොප් පිළිබඳ සරල අදහසක් ඇති කළත්
එය ඔබගේ උනන්දුව වැඩි කිරීම සඳහාත්, ඔබට ඇඩෝබි ෆොටෝෂොප් ආශ්‍රයෙන්
සිදුකර ගත හැකි නිර්මාණ පිළිබඳ සරල අදහසක් ලබා දීම සඳහාත් වන අතර
මෙම සති දෙකක කාලය තුල අත්හදා බැලීම් කිරීම සඳහා නව ගොනුවක් ආරමිභ
කර ගන්නා ආකාරය කියා දෙන ලදී. කෙසේ වෙතත් ඇඩෝබි ෆොටෝෂොප් ඉගෙන
ගන්නා අයෙකුට ප්‍රයෝජනවත් වන තවත් ඉතා වැදගත්, සරල, මූලික කරුණු
කිහිපයක් පළමුව කියා දිය යුතුව ඇත. මෙම මූලික කරුණු කියා දීමෙන්
අනතුරුව ඔබට ණිර්මාණ කිරීමට උපකාරී වන මෙවලම් පිළිබඳවත් ඒ
ආශ්‍රයෙන් නිර්මාණ කිරීම පිළිබඳවත් උදාහරන සහිතව පාඩම් ඉදිරිපත්
කිරීමට අදහස් කරමි.
Graphics රූප
පරිගණක ලෝකයේ මූලික වශයෙන් රූප වර්ග දෙකක් භාවිතා වේ.
-
Bitmaps
-
Vector based Graphics
මෙම රූප වර්ග දෙක අතරින් Bitmaps ලෙස
හඳුන්වන රූප වර්ගය සෑදී ඇත්තේ විවිධ වර්ණයන් ගෙන් සැකසුනු තිත්
විශාල සංඛ්‍යාවක් එක් වීමෙනි. මෙම රූප විශාල කිරීම වැනි කටයුත්තකදී
මෙම තිත්
(Pixels)
ද විශාල වීම සිදුවීම හේතුවෙන් රූපය විකෘත්ති වන අයුරු දැකගත
හැක.
එහෙත්
දෙවනුව සඳහන් කළ වර්ගයේ රූප වල එවැනි වෙනස් කමක් කළ විට එතරම්
විකෘත්ති වීමක් දක්නට නොලැබේ. මෙවැනි රූප වැඩිපුර ඔබට දක්නට
ලැබෙන්නේ CorelDRAW වැනි වැඩ සටහන්
වලදීයි. මෙම රූප වර්ග දෙක විශාල කිරීමෙදී ඇතිවන වෙනස දකුණුපස
රූපයෙන් (3 රූපය)දැක ගැනීමට ලැබෙනු ඇත.
Quality of a Graphic රූපයක ගුණාත්මක බව
පරිගණක ලෝකයේ භාවිතාවන රූප වල ගුණාත්මක බව මනින ප්‍රධාන සාධක දෙකක්
ඇත. ඉන් පලමුවැන්න වන්නේ රූපයේ වර්ග අඟලක් සඳහා භාවිතා කර ඇති තිත්
ප්‍රමාණයයි. මෙය DPI (Dots Per Inch)
වලින් සටහන් කරනු ලබන අතර Resolution
යනුවෙන් හැඳින්වේ. සාමාන්‍යයෙන් අන්තර් ජාලයේ වෙබ් පිටු සඳහා
භාවිතා කරන රූප ඉක්මනින් භාගතවීම (Download)
සඳහා 72 DPI වැනි
Resolution එකක් භාවිතා කරන අතර,
ඇඩෝබි ෆොටෝෂොප් ආශ්‍රයෙන් නිර්මාණ කිරීමේදී හොඳ තත්වයකින් රූපය
පවත්වාගෙන යෑම සඳහා 300 DPI වැනි
Resolution එකක් සහිත රූප භාවිතා කරනු ලැබේ. රූපයක ගුණාත්මක
බව තීරණය කරන දෙවැනි සාධකය ලෙස සැලකෙන්නේ රූපය සඳහා භාවිතා කරන
වර්ණ ප්‍රමාණයයි. සුදු වර්ණය හා තවත් තනි වර්ණයක් පමණක් භාවිතා
කරමින් සැකවුනු රූප මොනෝක්‍රෝම් (Monochrome)
යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී ඔබට එක්වරම සිහියට නැගෙන්නේ ඔබ
සාමාන්‍යයෙන් දැක ඇති කලුසුදු ඡායාරූපයක් වුවත් සැබවින්ම එය
Monochrome රූපයක් නොවේ. එහි ඇත්තේ
ග්‍රේස්කේල් (Grayscale) වර්ගයට අයත්
රූපයකි. එනම් එහි සුදු හා කලු වර්ණයන් අතර පිහිටි අලු පැහැ වර්ණ
පරාසයේ වර්ණ රාශියක් දැක ගැනීමට ලැබේ (පහත රූපය බලන්න).

ඉහත ආකාරයට වර්ණ 16, 256, ... ආදී
වශයෙන් විවිධ පරාසයන්ගේ වර්ණ සංඛ්‍යාවක් යොදා ගනිමින් රූප භාවිතා
කල හැක. ඔබ වැඩි වර්ණ පරාසයක් භාවිතා කරන විට වඩා හොඳ තත්වයේ
රූපයක් ලැබේ. එහෙත් Monochrome රූපයක්
වුවද නිර්මාණ ශීලී දෑතකදී හොඳ මෙවලමක් වේ.
Monitor and VGA card මොනිටරය හා වීජීඒ කාඩ් එක
ඔබ ඇඩෝබි ෆොටෝෂොප් භාවිතා කලත්, ඔබේ පරිගණකයේ ඇති මොනිටරය හා
VGA කාර්ඩ් එක පිළිබඳවත් සාමාන්‍ය
මටිටමක හෝ අවබෝධයක් තිබීම ඔබට වැදගත් වනු ඇත. සාමාන්‍යයෙන් අඟල්
17 ක වත් මොනිටරයත් භාවිතා කිරීම
වැදගත් වේ, නැත්නම් තිරයේ වැඩි ඉඩක් ඇඩෝබි ෆොටෝෂොප් වල මෙවලම් සඳහා
වැයවේ. තවද හොඳ වර්ණ පරාසයක් හා රෙසලූශන් එකක් ඇති මොනිටරයක්
භාවිතා කිරීමෙන් ඔබට හොඳ තත්වයේ නිර්මාණයක් කිරීමේ හැකියාව
වැඩිවෙයි. එමෙන්ම වැඩි වර්ණ පරාසයක් හා රෙසලූශන් එකක් සමඟ වැඩ කළ
හැකි, වැඩි මතක ධාරිතාවක් සහිත VGA
කාර්ඩ් එකක් ඪාවිතා කිරීමත් ගුණාත්මක නිර්ඹාණයක් සඳහා වැදගත් වේ.
මීලඟ පාඩමෙන් වර්ණ සංකලණයන් පිළිබඳව හා ඔබේ මොනිටරය සැබෑ වර්ණයන්
පෙනෙන ආකාරයටසකස් කරගන්නා ආකාරය පිළිබඳව ඉගෙන ගමු.
 
|