Starting a New file in Adobe Photoshop CS4
ඇඩෝබි ෆොටෝෂොප් CS4 වලදී නව ගොණුවක් ආරම්භ කිරීම.
මේ
සඳහා ඔබ කළයුතු වන්නේ File මෙනුවේ ඇති New යන්න තෝරා ගැනීම හෝ
යතුරු පුවරුවේ ඇති Ctrl යතුර සමග N යතුර තදකිරීම (“Ctrl” + “N”) හෝ
පහත රූපයේ (1 රූපය) ආකාරයට New අයිකනය මත Click කිරීමයි. එවිට ඔබට
නව ගොණුවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය තෝරාගැනීම් සිදුකිරීමට New
යනුවෙන් සංවාද කොටුවක් (2 රූපය) ලැබෙන අතර එහි වැදගත් අංගයන්
එකින් එක
1රූපය. හඳුනා ගනිමු.

2 රූපය.
Name
මෙහි ඇති Name යටතේ ඔබගේ නව ගොණුවට නමක් ලබාදීම කළ හැක.
Preset
මෙමඟින් ඔබට විවිධ වූ තෝරාගැනීම් රාශියක් කර ගැනීමට අවස්ථාව ලබාදෙන
අතර ඒ යටතේ ඔබ ආරම්භ කරන නව ගොණුව සඳහා මූලාශ්‍ර කර ගන්නේ එදිනෙදා
භාවිතයේ ඇති කුමන සැකසීමක් හා සැසදෙන දිග ලළලක් සහිත ගොණුවක්ද
යන්නත්, මේ යටතේ ඇති Clipboard තෝරා ගැනීම මගින් ඔබ විසින් Copy
විධානය මගින් ක්ලිප් බෝර්ඩ් හි රඳවා ඇති අංගයක් ඇත්නම් එහි ද්ග හා
පළලට සරිලන ගොණුවකුත්, Custom තෝරාගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණයන්
ලබාදීමෙන් එම ප්‍රමාණයන්ට සරිලන ගොණුවක් ආරම්භ කරන්නේද යන්නත්
තෝරාගත හැක.
Size
ඉහත Preset යටතේ ඔබ අන්තර් ජාතිකව පිළිගත් සම්මතයන් වන U.S. Paper,
International Paper, Photo, Web, Mobile & Devices, Film & Video
වැනි තෝරා ගැනීමක් කළහොත් ඒ ඒ මාතෘකාව යටතේ ඇති විවිධ වූ
ප්‍රමාණයන් Size යටතේ ඔබට තෝරා ගැනීමට අවස්ථාව ලබාදේ.
Width
මෙමගින් ඔබේ නව ගොණුවේ පළල ලබාදීම කළ හැක. මෙය ඉදිරියේ ඇති අනෙක්
මෙනුවෙන් ඔබට වැඩකිරීමට පහසු ඒකකයක් (inch, Centimeter, Pixels,
etc…) තෝරා ගැනීමේ අවස්ථාව ලබාදේ.
Height
මෙමගින් ඔබේ නව ගොණුවේ උස ලබාදීම කළ හැක. මෙය ඉදිරියේ ඇති අනෙක්
මෙනුවෙන් ද ඔබට වැඩකිරීමට පහසු ඒකකයක් තෝරා ගැනීමේ අවස්ථාව ලබාදෙන
අතර මේ එක් මෙනුවකින් ඒකකය තෝරාගත් විට අනෙක් මෙනුවේ ඒකකයද එයට
සමගාමීව සකසේ.
Resolution
මෙමඟින් ඔබේ නව ගොණුවේ එක් අඟලක් තුල හෝ එක් සෙන්ටි මීටරයක් තුල
ඇතුලත්වන තිත් සංඛ්‍යාව සැකසීම සිදුකරයි. පරිගණකයේ රූප ඔබට පෙනෙන
ආකාරයට සැකසී ඇත්තේ ඉතාමත් කුඩා තිත් රාශියක් ලඟින් ලඟින්
පිහිටීමෙනි. රූපයක එක් අඟලක් තුල හෝ එක් සෙන්ටි මීටරයක් තුල
ඇතුලත්වන තිත් සංඛ්‍යාව වැඩි වන්නට වැඩ් වන්නට එම රූපයේ පැහැදිලි
බව වැඩිවේ.
Color Mode
මෙමගින් ඔබගේ නව ගොණුව සඳහා භාවිතා කරන වර්ණ සංකළණය ඔබ බලාපොරොත්තු
වන කාර්‍ය්ට ගැලපෙන පරිදි තෝරා ගැනීම සිදුකළ හැක. (උදා: පරිගණක
තිරයේ හෝ රූපවාහිනී තිරයේ භාවිතය සඳහා RGB වර්ණයන්ද, මුද්‍රණ
කටයුතු සඳහා CMYK වර්ණයන්ද ආදී වශයෙන් තෝරාගත හැක.) මෙය ඉදිරියේ
ඇති bit ප්‍රමාණය මගින් ඉහත තෝරාගැනීම යටතේ භාවිතා කරන වර්ණ
ප්‍රමාණය තීරණය කළ හැක.
Background Contents
මෙමගින් ඔබගේ නව ගොණුවෙහි පසුබිම සුදු පැහැයෙන්, තෝරා ඇති පසුබිම්
වර්ණයෙන් හෝ විනිවිද පෙනෙන සොභාවයෙන් එන ලෙස සකසා ගැනීම කළ හැක.
Advanced
මෙම කොටස යටතේ ඔබගේ නව ගොණුවේ වර්ණ පරාසයට හා pixel ප්‍රමාණයට
අදාලව වැඩිදුරටත් තෝරා ගැනීම් සිදුකිරීමේ හැකියාව ලබාදේ.

