ArcGIS 9.3 වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු...!
GIS යනු කුමක්ද? එහි අවයව සහ භාවිතයන්
පිළිබදව මෙහි පළමු ලිපියෙන් ද, ArcGIS
suite හි අන්තර්ගත මෘදුකාංග පිළිබදව මෙහි දෙවන ලිපියෙන් ද අප ඔබව
දැනුවත් කළෙමු.
මෙම ලිපියෙන් අප ඔබව ArcGIS 9.3 නවතම
සංස්කරණය පිළිබදව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
ArcGIS 9.2 හෝ පෙර සංස්කරණ, නවතම
Operating System එකක් වනWindows
Vista හි භාවිතා කිරීම හැකියාවක් නොමැත. දැනට
Windows Vista
සමග භාවිතා කළ හැකි එකම සංස්කරණය ArcGIS 9.3
ය.
ESRI සමාගමේ නවතම නිර්දේශයන්ට අනුකූලව
ArcInfo Desktop භාවිතා කිරිම සදහා ඔබගේ පරිගණකය සපුරාලිය
යුතු අවම අවශ්‍යතාවයන් පහත පරිදි දක්වා ලිය හැක.
සටහන:
දැන්,
ArcGIS 9.3
සංස්කරණය භාවිතා කරන ඔබට එම ArcGIS 9.3
මෘදුකාංගය
Uninstall කිරිමකින් තොරව එය
ArcGIS 9.3.1 සංස්කරණය දක්වා වැඩි
දියුණු කර ගැනිමට ESRI සමාගම කටයුතු
යොදා ඇත.
ArcGIS හි එන
ArcCatalog, ArcGlobe, ArcMap, ArcReader සහ
ArcScene අතරින් අප මෙහිදී ප්‍රථමයෙන්
හදුන්වා දීමට බලාපොරොත්තු වන්නේ සිතියම් සැකසීම සදහා ඉතාමත්ම
වැදගත් සහ ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වන ArcMap 9.3 සංස්කරණයයි.
ArcMap 9.3 ආරම්භ කරමු
මේ සදහා ක්‍රම කිහිපයක් ඇති නමුත්, එවා අතරින් වඩාත් සරල ක්‍රම
දෙකක් මෙහිදී සදහන් කිරීමට කැමැත්තෙමු.
පළමු ක්‍රමය:
පළමුව Start Button එක මත
click කරන්න, එවිට මතුවන
menu අතරින් All Programs යන්න
click කරන්න, එවිට ඔබගෙ පරිගණකයෙහි
install කර ඇති මෘදුකාංග ඇතුළත්menu
එකක් මතුවන අතර එහි ArcGIS මත click
කරන්න. එහිදි, ArcGIS හි අන්තර්ගත
සියලු මෘදුකාංග ගොනුවක් පෙන්නුම් කරයි. එම මෘදුකාංග අතරින්
ArcMap මෘදුකාංගය තොරා click කිරිම
මගින් ඔබට ArcMap වෙත ප්‍රවේශ විය
හැක.
දෙවන ක්‍රමය:
ඔබගෙ
පරිගණකයෙ Desktop එක මත පිහිටි
ArcMap හි
shortcut එක double click
කිරිම මගින් ඔබට ArcMap වෙත පහසුවෙන්
ප්‍රවේශ විය හැක.
ArcMap ආරම්භක සංවාද කොටුව (Startup Dialog Box)
ඔබෙ පරිගණකයේ ArcMap ආරම්භයේදී, ඔබට
පහත දැක්වෙන Splash Screen එක දැකගත
හැක.
ඔබට, ඔබගේ පරිගණයේ install කර ඇති
ArcMap මෘදුකාංගයේ සංස්කරණය,
නිෂ්පාදිත වර්ෂය, නිෂ්පාදන සමාගම යනාදි තොරතුරු
splash screen එකෙහි දැකගත හැක.
ArcMap 9.3 ප්‍රවේශනය වු විගස මතුවන
ආරම්භක සංවාද කොටුව (startup dialog box)
ඔබට පහත දැක්වෙන රූපයේ ආකාරයට දැකගත හැක.
ඔබගේ පරිගණකයෙ ArcMap 9.3 ආරම්භයේදි,
මෙවෙනි ආරම්භක සංවාද කොටුව (startup dialog
box) හෝ splash creen එක හෝ
දෙකම මතු වුයේ නොමැති නම්, ඔබ කළබල විය යුතු නොවෙ. ඒ සදහා ඔබ කළ
යුත්තේ, ArcMap 9.3 ආරම්භ වූවාට පසු
ArcMap Window හි
Main Menu හි ඇති
Tools menu එක මතට
mouse pointer එක ගෙන යාමෙදි මතු වන
ගොනුවෙන් Options මත
click කිරීමයි.
එවිට පහත දැක්වෙන පරිදි විකල්ප සංවාද කොටුව
(option box) මතු වෙයි.
විකල්ප සංවාද කොටුවේ පළමු tab එක වන
“General” මත
click කරන්න. එවිට එහි ඉහල කොටසෙ ඇති
Startup යටතේ කරනු ලබන වෙනස්කම් මගින් ඔබගේ පරිගණකයෙ
ArcMap 9.3 ආරම්භයේදි, ආරම්භක සංවාද
කොටුව (startup dialog box) හෝsplash
creen එක හෝ දෙකම මතු කර හෝ මතු නොකර ගත හැකිය.
ඔබට ආරම්භක සංවාද කොටුව (startup dialog box)සහ
splash creen යන දෙකම මතු කර ගැනිමට
අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ඊට අදාළ "Show
splash screen" සහ "Show startup
dialog" යන්නට ඉදිරියෙන් ඇති කොටු
Check කිරීමයි. එය පහත දක්වා ඇති රූපයෙන් ඔබට වඩාත්
පැහැදිළි කර ඇත.
ArcMap Window ආරම්භයේදී, ඔබගේ
සිතියම් ගත කාර්යයන් ඇරඹිය හැකි විකල්ප ක්‍රම කිහිපයක්, ආරම්භක
සංවාද කොටුව (startup dialog box) හි
දක්වා ඇත.
මෙහි එන පළමු විකල්පය වන "A new empty map"
ඔබට නව සිතියම් නිර්මාණයක් මුල සිටම පටන් ගැනීමට අවස්ථාව සලසා ඇත.
තවද "A template" විකල්පය මගින්
කලින් සකස් කර ඇති ආදර්ශයකට අනුව නව සිතියම් නිර්මාණයක් කිරිමට ඔබට
අවස්ථාව සලසා ඇත.
ඔබට පවතින සිතියම් නිර්මාණයක් විවෘත කර ගැනීමට නම්
"An existing map" යන විකල්පය භාවිතා
කළ යුතුය.
A template විකල්පය මගින් විවෘත කරගත්
ආදර්ශ සිතියම් නිර්මාණයක් පහත රූප සටහනෙ දක්වා ඇත.
ArcMap හි මුලිකාංග සහ තවත් බොහෝ දෑ
සමග නැවතත් ඉදිරි කලාපයේදි මුණ ගැසෙමු. තවද
ArcMap හී ඔබට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම් එය
tellme@handiye.com ලිපිනයට යොමු කරන
කරන මෙන් ඉල්ලා සිටිමු. ඉදිරි ලිපි සැකසීමේ දී ඒ පිළිබඳ විශේෂ
අවධානය යොමුකරණු ලැබේ.

