පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

ArcGIS 9.3  - පාඩම් අංක 02

ArcGIS යනු GIS මෘදුකාංග රාශියකින් සමන්විත suite යක් වන අතර, එම මෘදුකාංග නිපදවනු ලබනුයේ ESRI (Economic and Social Research Institute) යන සමාගම විසිනි.

ESRI සමාගම විසින් ArcGIS නමින් නිපදවන GIS මෘදුකාංග කොටස් කිහිපයකට පහත පරිදි වර්ග කර දැක්විය හැක.

  • Desktop GIS

  • Server GIS

  • Mobile GIS

  • Developer GIS

  • Hosted GIS (Arc Web Services)

1.JPG

Desktop GIS

ESRI හි නවතම Desktop GIS මෘදුකාංගය වනුයේ ArcGIS 9.3 සංස්කරණයයි. එහි අවසන් නිකුත් කිරීම 2008 වර්ෂයෙහි ජුනි මස සිදුවිය. වර්ථමානයේ GIS භාවිතා කරනු ලබන බොහොමයක් ආයතන වල භාවිතා කරනු ලබනුයේ මෙම සංස්කරණයයි.

ESRI සමාගම විසින් ArcGIS Desktop සදහා ArcView, ArcEditor සහ ArcInfo වශයෙන් බලපත්‍ර තුනක් නිකුත් කරනු ලබයි. මෙම බලපත්‍ර වල ඇති විශේෂාංග සහ විවිධත්වය පිළිබදව ඉදිරි කලාප තුලින් බලාපොරොත්තු වන්න.

ArcGIS Desktop සමග එන ArcGIS Explorer, ArcReder සහ ArcExplorer යන මෘදුකාංග ESRI සමාගම විසින් නිකුත් කරනු ලබන freeware applications වේ. තවද,  ArcMap, ArcCatalog, ArcToolbox සහ ArcGlobe යන desktop applications වලින් සැදුම් ලත් suite ට යක් ArcGIS Desktop හි අන්තර්ගතය.


Server GIS

Server GIS මගින් geographic information එකතු කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම, මවා පෙන්වීම, කළමණාකරනය කිරීම, සහ පතළ කර හැරීම සදහා වූ integrated සහ multidepartmental system ක්‍රමයක් සපයා දෙනු ලබයි.

මෙහිදී, GIS Server සදහා නිෂ්පාදන තුනක් හදුනා ගත හැකිය. ඒවා නම්;

  • ArcIMS (Internet Mapping Server)

  •  ArcGIS Server

  • ArcGIS Image Server

Mobile GIS

GIS තාක්ෂණයෙ දියුණු විමත් සමගම, කාර්යාලයේදි භාවිතා කළ GIS තාක්ෂණය  භූමියේදි භාවිතා කිරීම වඩාත් පහසු වී ඇත. එම තාක්ෂණය Mobile GIS යන නමින් හදුන්වනු ලබනවා.

වර්ථමානයේ දි, Mobile GIS තාක්ෂණය බොහෝ වශයෙන් භාවිතා කරනුයේ GPS (Global Positioning System) යන උපකරණය ආධාරයෙනි. තවද, ArcPad සහ ArcGIS Mobile යන මෘදුකාංග Smartphones, Pocket PCs සහ Tablet PCs උපකරණ තුල යොදා ගනිමින් Mobile GIS තාක්ෂණය භාවිතා කරනු ලබනවා.

Developer GIS

Developer GIS හිදී,ArcGIS සමග විකාශනය වන භාවිතයන් දියුණු කිරීම සදහා වූ ව්‍යාප්ත පද්ධතියක් සපයනු ලබන නිෂ්පාදනයක් වන ESRI Developer Network (EDN) භාවිතා කරනු ලබයි.

මෙම EDN මගින් GIS Developer හට වැඩසටහන් සම්පාදනය සදහා අනුමත පරිසරයක් සහ මෙවලම් සපයා දෙනු ලබනවා.ArcGIS Desktop, ArcGIS Server, ArcIMS, ArcSDE සහ ArcGIS Engine වල සංඝටකයන්ට අයත් සියලුම සම්පත් EDN හි අන්තර්ගතව ඇත.

Hosted GIS (Arc Web Services)

Arc Web Services මගින් විවිධ අංශ වල GIS භාවිතා කරන පරිශීලකයන් හට geospatial හි අන්තර්ගතයට සහ හැකියාවන්ට ප්‍රවේශ විය හැකි සේවාවක් ලබා දෙනු ලබයි.

*  GIS හී ඔබ‍‍ට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්  එය tellme@handiye.com ලිපිනය‍ට යොමු කරන්න. ඉදිරි ලිපි සැකසීමේ දී පිළිබ විශේෂ අවධානය යොමුකරණු ලැ‍‍බේ.

 

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
නගර නිර්මාණ විශේෂඥ,
කේ. ඩබ්ලිව්. ඒ. හේමාල් ලක්පැතුම් විද්‍යාවේදී (ගෞරව)
නගර හා ග්‍රාම නිර්මාණය,
[මොරටුව විශ්ව විද්‍යාලය ].
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (248)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov