Corel Draw X4 - පාඩම් අංක 04
[හන්දියේ ගුරුගෙදර -
Corel Draw - 2009/10/26]
Crop Tool
මෙම මෙවලම සඳහා ඇති අයිකනය පහත කෙලවරේද කුඩා ත්‍රිකෝණාකාර සලකුණක්
ඔබට පෙනෙනු ඇත. ඒ මතට Mouse Pointerගෙනවිත් Click කිරීමෙන් තවත්
වමවලම් කිහිපයකින් යුත් මෙනුවක් (Fly out Menu) (10 රූපය )විවෘත්ත
වේ. මෙහි ඇති එක් එක් මෙවලමෙන් සිදුකර ගන්නා දෙය වෙන් වෙන්ව ඉගෙන
ගමු.

I. Crop
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති අංගයක්, රූපයක් වැනි ඕනෑම
දෙයක ඔබට අවශ්‍ය කොටස පමණක් ඉතිරිකරගෙන අනවශ්‍ය කොටස ඉවත් කර
ගත හැක (11 රූපය ). ඔබ විසින් කරන ලද නිර්මාණයක් අවසානයේදී එහි
කොටසක් ඉවත් කර ගැනීමට මෙය භාවිතා කළ හැක.

II. Knife
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති අංගයක් ඕනෑම ස්ථාන දෙකක්
හරහා කොටස් කිරීම කළ හැක (12 රූපය ). මෙමගින් ඔබට සංවෘත රූප දෙකක්
ලැබෙන්නේය.

III. Knife
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති අංගයක් ඕනෑම ස්ථානයකින්
මකා දැමීම කළ හැක(13 රූපය). මූලික හැඩතල භාවිතා කර ඇඳීමේදී මෙම
මෙවලම ඉතාමත් වැදගත් වේ.

VI.Virtual Segment Delete
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති අංගයක ඔබ විසින් තෝරන කොටස
නිර්මාණයෙන් ඉවත්කර දෙයි(14 රූපය).

 
|