කොරල් ඩ්‍රෝ X4 හි මෙවලම් පෙට්ටිය හඳුනා ගනිමු
පහත මුල් රූපයේ දැක්වෙනුයේ කොරල් ඩ්‍රෝ X4
හි දක්නට ලැබෙන මෙවලම් පෙට්ටියයි. කොරල් ඩ්‍රෝ ඉගෙන ගෙන හොඳ
නිර්මාණ කරුටකු වීමට අවශ්‍ය නම් මෙම Tool box
එකෙහි ඇති මෙවලම් (Tools) පිළිබඳව
ඉගෙන ගැනීම වැදගත් වේ.

මෙම පාඩම් මාලාවේ ඉදිරියට යෑම සඳහා මෙම මෙවලම් පිළිබඳ මුලින්
හඳුනාගෙන තීබීම වැදගත් වේ. මෙහිදී මා මුලින්ම එකින් එක මෙවලම
පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන අතර, මෙම පාඩමි මාලාවේ ඉදිරියට
සිදුකරන ක්‍රියාකාර කම් වලින් එම මෙවලම් උපයෝගී කරගන්නා ආකාරය හා
අවස්ථාවන් ඔබට පැහැදිලි වනු ඇත.
Pick Tool
මෙම මෙවලම භාවිතා කෙරෙනුයේ ඔබ විසින් සිලුකරනු ලබන නිර්මාණයේ ඔබ
යොදා ගන්නා අංගයන් අවශ්‍ය පරිදි තෝරා ගැනීමටත් එලෙස තෝරාගත් අංගයක
ප්‍රමාණය, පිහිටීම හා හැඩය වෙනස් කර ගැනීමටත්ය.
Shape Tool
මෙම මෙවලම සඳහා ඇති අයිකනය පහත කෙලවරේ කුඩා ත්‍රිකෝණාකාර සලකුණක්
ඔබට පෙනෙනු ඇත. ඒ මතට Mouse Pointerගෙනවිත්
Click කිරීමෙන් තවත් වමවලම්
කිහිපයකින් යුත් මෙනුවක් (Fly out Menu) (6
රූපය ) විවෘත්ත වේ. මෙලෙස මෙම
Tool Box එකෙහි ත්‍රිකෝණාකාර සලකුණු
දත්නට ලැබෙන සෑම මෙවලමකින්ම තවත් Fly out Menu වක් විවෘත්ත වන අතර
එහි තවත් මෙවලම් කිහිපයක් ඇත.
I. Shape
මෙම
මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති අංගයන් වල හැඩය සියුම් ලෙස
වෙනස් කළ හැක. මෙහිදී ඔනෑම හැඩතලයක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඔබට
ලබාදී ඇත. මෙම හඑවලම් හඳුන්වා දීමෙන් අනතුරුව ඇති රේඛා ඇඳීම
පාඩමේදී මෙම මෙවලම පිළිබඳව වඩාත් සවිසිතරාත්මකව කියාදෙනු ලැබේ.
II. Smudge Brush
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති අංගයන් වලට පිටතට හෝ ඇතුලතට
නෙරායෑමේ හැඩයක් එක්කල හැක. මේ සඳහා ඔබට අවශ්‍ය හැඩතලය මත මෙම
මෙවලම තෝරාගෙන ඇඳීම පමණක් ප්‍රමාණවත් වේ. පහත දැක්වෙන රූපයේ මා
විසින් අඳින ලද වෘත්තයක පිටතට හා ඇතුලතට නෙරීම් ඇඳ ඇති ආකාරය
බලන්න.
III. Roughen Brush
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණයක ඇති රේඛාවකට රලු සොභාවයක්
ලබාදීම කළ හැක(8 රූපය). ඒ සඳහා තෝරාගත් අංගයක ඇති රේඛා මතින් මෙම
මෙවලම උපයෝගී කරගෙන ඇඳීම කළ යුතු වේ.

IV. Transform
මෙම මෙවලම ආශ්‍රයෙන් ඔබේ නිර්මාණය ඔබට කැමති ස්ථානයකින් අල්ලා, එම
අක්ෂය ඔස්සේ කරකැවීම කළ හැක(9 රූපය).


