Corel Draw X4 - පාඩම් අංක 02
[හන්දියේ ගුරුගෙදර -
Corel Draw - 2009/10/05]
නීම හෝ යතුරු පුවරුවේ ඇති Ctrl යතුර සමග N යතුර තදකිරීම (“Ctrl” +
“N”) හෝ පහත රූපයේ (2 රූපය) ආකාරයට New අයිකනය මත Click කිරීමයි.
එවිට ඔබට වැඩ කිරීම සඳහා නව ගොණුවක් ලැබෙන අතර එහි ඇති කොටස් (3
රූපය) එකින් එක හඳුනා ගනිමු.
2 රූපය

3 රූපය
Drawing window
මෙය ඔබට වැඩකිරීම සඳහා වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය වේ. CorelDRAW වල
සිදුකරණු ලබන සියලුම නිර්මාණයන් මෙම කොටස ඇතුලත සිදුකළ යුතු වන අතර
මෙය දෙපස දක්නට ලැබෙන Scroll bars භාවිතා කරමින් ඔබට අවශ්‍ය පරිදි
ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් තුල වැඩ කිරීමට අවස්ථාව ලැබේ.
Drawing page
මෙම කොටස යටතට ගැනෙනුයේ Drawing window තුල කොලයක් ආකාරයට දක්නට
ලැබෙන කොටසයි. ඔබ විසින් කරන ඕනෑම නිර්මාණයක මුද්‍රිත පිටපතට
ලැබෙනුයේ මෙම ඉඩ ප්‍රමාණයට ඇතුලත් වන කොටස පමනි. මෙය බොහෝදුරට
MS-Word වදන් සකසනයේ Print preview වලට සමාන වන නිසා ඔබට
නිර්මාණයක් කරන අවස්ථාවේදීම එහි මුද්‍රිත පිටපත කලෙස වේ දැයි
අදහසක් ලබා ගැනීමට හැක. මෙය නිර්මාණ කරුවාට ඉතාමත් පහසුවකි.
<Tip>ඔබ වැඩ කරන අවස්ථාවේදී ඇතැම් විට ඔබගේ මුද්‍රිත පිටපතට
අවශ්‍ය නොවන දෑ පසු අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා drawing window
තුල තබා ගත හැක. මෙය ගොණුව පසු අවස්ථාවක විවෘත කර වුවත් ප්‍රයෝජනයට
ගත හැක.
Navigator
මෙහි දැක්වෙන්නේ (4 රූපය) ඔබගේ දැනට වැඩ කරන ගොණුවේ අඩංගු වන පිටු
ප්‍රමාණය, අලුතින් පිටුවක් එකතු කිරීම සඳහා වන (+) සලකුණ, පිටු
කිහිපයක් අතර මාරු වීමට උපකාරී වන ඊතල සලකුණු ආදියයි. මෙහි ඇති
Page tab මත right click කිරීමෙන් ලැබෙන මෙනුවෙන් අවශ්‍ය නම්
පිටුවක් මකා දැමීම කළ හැක. මෙම Page tab මත click කිරීමෙන් අදාල
පිටුවට සැනින් මාරැවීම කළ හැක.
4 රූපය
Tool box
මෙහි ඔබට දැකගැනීමට ලැබෙන්නේ මෙම පාඩම් මාලාවේ ඉදිරියට වඩාත්
විස්තරාත්මකව කතා කරන, එමෙන්ම කොරල් ඩ්‍රෝ වල වඩාත් වැදගත්ම
කාර්‍යයක් ඉටුකරන මෙවලම් (Tools) අඩංගු කොටසයි. මෙය “ටූල් බොක්ස්
(Tool box)” නමින් හඳුන්වයි. ඔබ මෙහි ඇති එක් එක් මෙවලම මතට මව්සය
ගෙන ගිය විට එම මෙවලම පිළිබඳ කෙටි හැඳින්වීමක් (tool tip) දැක
ගැනීමට ලැබෙන නිසා මෙහි ඇති මෙවලම් හඳුනා ගැනීම පහසු වේ. කොරල්
ඩ්‍රෝ X4 හි බැලූ බැල්මට මෙවලම් 17 ක් දක්නට ලැබුනත් මෙම මෙවලම්
යටතේ තවත් සැඟවුනු මෙවලම් රාශියක් ඇත. එම මෙවලම් බලා ගැනීමට අවශ්‍ය
නම් මෙහි ඇතැම් මෙවලම් වල පහල දකුණු කෙලවරේ ඇති කුඩා ඊතල සලකුණ මත
මවුසය ක්ලික් කල විට ඒවා දිගහැරෙනු ඇත.මෙම මෙනු “ෆලයි අවුට් මෙනු”
යනුවෙන් හඳුන්වයි. මේවායේ ඇති මෙවලම් පිළිබඳව ඉදිරියේදී වඩාත්
විස්තරාත්මකව පැහැදිලි කරනු ලැබේ.
Property bar
ඔබ කොරල් ඩ්‍රෝ වල යම් මෙවලමක් තෝරාගත් විට එම මෙවලම ආශ්‍රයෙන්
විවිධ ක්‍රියාකාරකම් රාශියක් ඉටුකර ගැනීම සඳහා එම මෙවලමට අදාල
විවිඨ සකසීම් කිහිපයක් මෙම ප්‍රොපටි බාර් මත දැක ගැනීමට ලැබෙනු ඇත.
මෙමඟින් ඔබට එක් මෙවලමක් මඟින් ඉටු කරගත හැකි කාර්‍යය පරාසය වැඩි
වේ. ඉදිරියේදී වඩා වැදගත් වන ප්‍රොපටි බාර් කිහිපයක් ගැන
විස්තරාත්මකව පහදා දෙනු ලැබේ.
Standard tool bar
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සෑම වැඩසටහනකම වාගේ
දැකගැනීමට ලැබෙන ප්‍රධානම මෙවලම් කිහිපයක් (Copy, Cut, Past, Save,
…) එක්වී මෙම ටූල් බාර් එක සෑදී ඇති බැවින් මේ පිළිබඳව වැඩිපුර කථා
නොකළත් මෙම මෙවලම් නිතරම භාවිතා කිරීමට සිදුවන අයුරැ ඔබට ඉදිරි
පාඩම් වලදී දැකගැනීමට ලැබෙනු ඇත.
Standard menu bar
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සෑම වැඩසටහනකම වාගේ
දැකගැනීමට ලැබෙන ප්‍රධානම මෙනූ (Menu) කිහිපයක් (File, Edit,
View,…) එක්වී මෙම ටූල් බාර් එක සෑදී ඇති අතර ඊෙ අමතරව මෙම
වැඩසටහනටම ආවේනික මෙනූ කිහිපයක් ද මෙහි ඇතුලත් වේ. මෙම මෙනූ වල,
කොරල් ඩ්‍රෝ වල සිදුකර ගත හැකි සෑම ක්‍රහාවක් සඳහාම පිවිසීමට
ක්‍රමයක් අඩංගු වේ.
Title bar
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සෑම වැඩසටහනකම එය ධාවනය
වන වින්ඩෝවට එම වැඩසටහන හඳුනා ගැනීම සඳහා එහි නමත්, එම වැඩසටහනේ
දැනට විවෘත කර ඇති ගොණුවේ නමත් ඇතුලත් කරන ලද තීරැවක් ඉහලට වන්නට
ඇතුලත් කර ඇති අතර මෙය “ටයිටල් බාර්” ලෙස හඳුන්වනු ලැබේ. මෙය අප
දැනට වැඩකරන ස්ථානය පහසුවෙන් හඳුනා ගැනීමට උපකාරී වේ.
 
|