පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

Corel Draw X4  - පාඩම් අංක 01

අද ලෝකයේ බොහෝ දියුණු මුද්‍රණ කළාවක් පවතින අතර මුද්‍රණ ලෝකයේ මෙම නව පෙරලියට බොහෝ සෙයින් දායක වූ පරිගණක වැඩසටහනක් ලෙස කොරල් ඩ්‍රෝ සැලකිය හැකිය. අද පාසැල් යන කුඩා දරුවන් පමණක් නොව පෙරපාසැල් යන දරුවන් පවා පරිගණකය ඇසුරෙන් නොයෙක් ආකාරයට තම එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමට හුරුවී සිටින බැවින් මෙම ලිපි මගින් මා උත්සහ කරනුයේ පරිගණකය භාවිතා කර වඩාත් සිත්ගන්නා ආකාරයට හා පහසුවෙන් වානිජමය වටිනාකමකින් යුතු ලිපිලේඛන සකස් කරගන්නා ආකාරය ඔබට කියා දීමටයි.  මෙම ලිපි පෙල මගින් කොරල් ඩ්‍රෝ නවතම සංස්කරණය වන Corel X4 ආශ්‍රයෙන් පාඩම් ඉදිරිපත් කළත්, මීට පෙර පැවති කොරල් සංස්කරණයන් වල වැඩ කරන අයටත් මේ ආශ්‍රයෙන් ඉගෙන ගැනීම අපහසු නොවනු ඇත. මන්ද යත් මෙම සෑම සංස්කරණයකම මූලික කරුණු බොහෝ දුරට සමාන වන බැවිනි.

බොහෝවිට පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ විසින් විශේෂයෙන් ඉල්ලීමක් නොකලේ නම් කොරල් මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය (Install) කර නැති වන්නට පුලුවනි එසේ නම් පළමුව ඔබට මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීමට සිදුවේ. මේ සහා ඔබ මෘදුකාංගය මිලදී ගැනීමේදී ඔබට ලැබෙන උපදෙස් පිළිපදින්න.

ඔබ පළමුවෙන්ම කොරල්‍ ඩ්‍රෝ ආරම්භ කිරීමේදී දක්නට ලැබෙනුයේ  Welcome\Quick Start යනුවෙන් දැක්වෙන සංවාද කොටුවකි (1 රූපය). (සංවාද කොටුවක් (Dialog box) යනු ඔබට පරිගණක වැඩසටහන සමග ඔබේ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවන ආකාරයට විවිධ සැකසීම් ආශ්‍රයෙන් තෝරා ගැනීම් කිරීමට අවකාශය ලබා දෙන මුහුනතකි.)පින්තූර 01

  1 රූපය

මෙහි දකුණු පසට වන්නට Quick Start/ What’s New/ Learning Tools/ Gallery/ Updates යනුවෙන් තෝරා ගැනීම සඳහා Tabs කිහිපයක් ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත. මේ එක් එක් Tab එක මඟින් ඉටුකෙරෙන කාර්ය්‍යයන් පහත දැක්වේ.

 Quick Start

මේ යටතේ ඔබට New Blank Document හා New from Template යනුවෙන් තෝරා ගැනීම් දෙකක් දක්නට ලැබේ. එයින්  New Blank Document තෝරා ගැනීම මින් වැඩ කිරීම සහා නව ගොණුවක් ලබාදෙන අතර New from Template යන්න තෝරා ගැනීමෙන් කලින් සකස්කර තබා ඇති, විචිත්‍රවත් වූ ගොණුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදේ. එමෙන්ම එහි ඇති Open Other බොත්තම ින්, අවශ්‍ය නම් කලින් සකස්කර තැම්පත්කර (Save) තබාගත් ගොණුවක් විවෘත කර (Open) වැඩ කිරීම ඇරඹීමටද ඔබට හැක.

What’s New

මේ යටතේ මීට පෙර පැවති කොරල් ඩ්‍රෝ සංස්කරණයන් ගේ නොපැවති, Corel X4 සංස්කරණයේ අලුතින් හුන්වා දී ඇති නව මෙවලම් කියිපයක් ගැන ඔබට කෙටි හැින්වීමක් ලබාදීම සිදුකරයි. මෙම වැඩසටහන පිළිබ ඉතා සිත් ඇදගන්නා ආකාරයට සැකසූ වීඩියෝ පටයක් ඇතුලු උපකාරක (Help) උපදෙස් මාලාවක් මෙමින් ලබා ගත හැක.

Learning Tools

මෙම මුහුණත මගින් ඔබට කොරල් ඩ්‍රෝ X4 DVD එක සමග සපයා ඇති වීඩියෝ ආකාරයට සැකසූ පාඩමි මාලාවක් ගැන ඔබගේ අවධානය යොමු කරවන අතර ලෝකයේ සිටින දක්ෂ නිර්මාණ කරුවන් විසින් සිදුකළ නිර්මාණ කිහිපයක් පිළිබව විස්තර ඉදිරිපත් කර ඇත. මෙම නිර්මාණ දෙස බැලූ විට කොරල් ඩ්‍රෝ ආශ්‍රයෙන් සිදුකළ හැකි දේ පිළිබව ඔබට අලුතින් සිතන්නට අවස්ථාවක් ලැබෙනු ඇත.

Gallery

මෙමින් වරින් වර පෙන්වන්නේ වෙනස් නිර්මාණ 2 ක් පිළිබව වන අතර එම නිර්මාණ පිළිබ වැඩිදුරට සොයා බැලීමට අවශ්‍ය අය සහා අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය Short Cut එකක් ද ඒ සමග පෙන්වයි.

Updates

මේ යටතේ ඔබට CorelDRAW.com වෙබ් අඩවියට පිවිසීමට හා එහි ඇති ක්‍රියාකාරකම් වලට සමිබන්ධ වීමට අවස්ථාව සලසා දේ.

ඔබ දැනටමත් කොරල් ඩ්‍රෝ භාවිතා කරන අයෙකු නම් ඔබ බොහෝවිට මෙම කොටස නොසලකා හැර වසා දමා ඉක්මනින්ම නව ගොණුවක් ආරමිභ කිරීම හෝ Always show the welcome screen at launch යන වැකිය ඉදිරියේ ඇති þ සලකුණ ඉවත් කිරීමෙන් මෙම කොටස මගහරවා කෙලින්ම නව ගොණුවකට පිවිසීම කරනු ඇත. එහෙත් එක් වරක් හෝ මෙම කොටස සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීම ඔබගේ නිර්මාණ සහා ඉතාමත් වැදගත් වනු ඇත.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
Sidath Rohana Wanigasekara.
Author
CorelDRAW 9 (2001), CorelDRAW 10 (2002)
& adobe Photoshop 7 (2003) Books in Sinhala
"HimaMini" No23(1), M.C.H. Suvineethagama, Badulla.
Phone: 0777 5 200 24, 055 355 86 96. mail: sidath2r@yahoo.com, tellme@handiya.com
 
අදහස් ගණන : (01)   මෙය කියවාඇති ගනන : (387)
ෙමම පාඩමී මාලාව අැත්තටම සෑෙහන වැදගත්කමකින් යුත් පාඩමී මාලා වන අතර, මාද මෑතක සිට ඒම පාඩමී මාලා අධ්‍යයනය කරමී. දැන ගන්නට ලැෙබන ෙද්වල් ඉතා වටිනා කරැණුය. ඔබලාට ජය ෙවීවා!

මම : ලක්මාල්

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov