මෙතෙක් කල් අප කතා කළ Line Command එකේ ප්‍රායෝගික යෙදීම් මේ
සතියේ දී සලකා බලමු.

රූපයේ දී ඇත්තේ මිනින්දොරු මහතෙකු විසින් ගන්නා ලද මිනුම් සටහන්
කර ගත් මැනුම් සටහනකි. මෙය නවීන මැණුම් උපකරණයකින් (Total
station) කරන ලද බිමි මැණුමකි. එකක මිටර් වන අතර ආසන්න
මිලිමීටරයට එය නිවැරදිව සටහන් කරගෙන ඇත.
දැන් අප මෙය AutoCAD මගින් නිර්මාණය කරණ්නේ කෙසේ දැයි විමසමු.
මුලින්ම ඉඩමේ මායිම් ඇදීම කරමු.
Line Command එක දෙන්න.
ඉන් පසු වාමාවර්ථව හෝ දක්ශිණාවර්තව පිළිවලින් දී ඇති ඛණ්ඩාංක Enter
කරණ්න.
-
Command: line Specify
first point: 50033.464, 6043.919
-
Specify next point or
[Undo]: 50022.997, 6024.829
-
Specify next point or
[Undo]: 50045.421, 6012.452
-
Specify next point or
[Undo]: 50051.505, 6026.381
-
Specify next point or
[Undo]: 50045.013, 6033.727
-
Specify next point or
[Undo]: C
-
Command:
බොහෝ මිනින්දොරු මැනුම් සිතියම් කිරීමේ දී බහුල ලෙස මෙම ක්‍රමය
යොදාගැනේ. නමුත් ඛණ්ඩාංක ප්‍රමාණය ඉතා විශාල වන විට මෙය
ප්‍රායෝගිකව ඉතා අපහසු ක්‍රමයකි. අංක ඇතුලත් කරීමේ දී යම් වරදක්
වුවහොත් නිවැරදි කරීමට අපහසුය. වරක් ඇතුලත් කරණ ලද අංකයක් නැවත
ගැණිමට නොහැක.
මෙයට පිළියම් ලෙස මෙය පාදක කොට පහත විකල්ප ක්‍රම භාවිත කෙරේ.
Microsoft Excel මගින්
නව AutoCAD ගොනුවක් විවෘත කරණ්න. ඉන්පසුව Microsoft Excel Load
කර
ඉහත ඛණ්ඩාංක Microsoft Excel work sheet එකක පහත ලෙස type කරණ්න.

මෙහි A තීරුවේ X ඛණ්ඩාංක ද, C තීරුවේ Y ඛණ්ඩාංක ද, B තීරුවේ කමා
සලකුණද type කර ඇත.
දැන් D1 cell එකකට ගොස් මෙසේ =CONCATENATE(A1,B1,C1) ලෙස type කර
enter කරන්න (02 රූපය). එම cell එක පහලට copy කරන්න (03 රූපය).

(03
රූපය).
දැන් D1 සිට D5 දක්වා copy කරන්න.
නැවත AutoCAD වලට යන්න. Line Command එක දෙන්න
Command Window එක තුල Right Click කර Paste කරන්න (04 රූපය).
(04
රූපය)
-
C අකුර Type කර Enter
කරන්න.
-
Z අකුර Type කර Enter
කරන්න.
-
E අකුර Type කර Enter
කරන්න.
දැන් ඔබට සැලැස්ම තරයේ දිස්වේ. මේ අකාරයට සටහනේ ඇති පිඹූර
සම්පුර්ණ කිරීමට උත්සහ ගන්න.
මේ පිළිබඳව වැඩි දුරටත් ලබන සතියේ දි සාකච්ඡා කරමු.