පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

AutoCAD 2010 - පාඩම් අංක 05

Line command එක තව දුරටත්

ඝනකයක සමාංශක පෙනුමක් නිර්මානය කරමු

මෙහිදී අප ඉහත රූපයේ ප්‍රකාර දාරයක දිග ඒකක 10 වු ඝණකයක Isometric View පෙනුමක් නිර්මාණය කරන අයුරු බලමු. මෙය ඇදීම සඳහා අප AutoCAD වල ඇති Polar Tacking යන ක්‍රමය භාවිතයට‍ ගමු.

මුලින් ම ඝණකය ව‍‍ටා ඇති ඝෘජුකොනාස්‍රය නිර්මාණය කරමු. 

  • rec ලෙස type කර Enter කරණ්න.

  • 0,0 ලෙස type කර Enter කරණ්න.

  • 70,50 ලෙස type කර Enter කරණ්න.

  • Z අක්ෂරය type කර Enter කරණ්න.

  • E අක්ෂරය type කර Enter කරණ්න.

මෙම පියවර 05 නිවැරදිව ක‍ලේ නම් ඝෘජුකොනාස්‍රයක් ඔබට තිරයේ දිස්වේ. යම්කිසි හෙයකින් වැරදුනි නම් Esc Button එක කිහිප වරක් Press කර නැවත මුලසිට අරබන්න. මෙම ක්‍රමය මින් ඉදිරි පාඩම් වලදී ද ඔබට යම් කිසි ගැ‍ටලු සහගත තත්වයක් ඇතිවු විට අනුගමණය කරන්න.

ඝණකය ඇදීම

ඉහත රූපයේ අකාරයට මුලින් ම නිර්මානය කරනා විට තිරයේ මැදට වන්නට ආරම්භ කරන්න.

  1. Line Command එන දෙන්න.

  2. Starting Point එක click කරණ්න.

  3. දැන් <30  ලෙස type කර Enter කරණ්න.

  4. දැන් ඔබ‍ Crosshair එක (Mouse Cursor එක AutoCAD වල දී හඳුන් වන්නේ මෙම නමිනි) චලනය කිරීමේදී තිරසට ( x අක්ෂයට) අංශක 30 ආනත වු දීශාවක් ඔස්සේ පමණක් චලනය වනු දැකගත හැක.

  5. 10 ලෙස type කර Enter කරණ්න.

  6. <90 ලෙස type කර Enter කරණ්න.

  7. 10 ලෙස type කර Enter කරණ්න.

  8. <210 ලෙස type කර Enter කරණ්න.

  9. 10 ලෙස type කර Enter කරණ්න.

  10. C අකුර type කර දෙවරක් Enter කරණ්න.

අංක 02 රූපය.

ඉහත පියවර නිවැරදිව කළේනම් අවසානයේ  අංක 02 රූපයේ ආකාරය‍ට දිස්වේ. Polar Tacking භාවිතය හුරුවීම පිණිස ඉතිරි පාද ඔබ තනිව නිර්මාණය කරණ්න. අවශ්‍ය කෝණ අගයක් අංක 03 රූ‍පයේ දැක්වේ.

අංක 03 රූපය.  

මෙ පිළිබඳව වැඩි දුර‍ටත් ලබන සතියේ දි සාකච්ඡා කරමු.

*  AutoCAD හී ඔබ‍‍ට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්  එය tellme@handiye.com ලිපිනය‍ට යොමු කරන්න ඉදිරි ලිපි සැකසීමේ දී මේ පිළිබද විගේෂ අවධානය යොමුකරණු ලැ‍‍බේ.

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
Indika Wijesekara.
AutoCAD Specialist,
Infotechs IDEAS (Pvt.)Ltd.,
Galle Road, Colombo 03.

 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (366)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov