පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

AutoCAD 2010 - පාඩම් අංක 04

Line command එක තව දුරටත්

Orthogonal mode

මෙය බොහෝ විට ව්‍යවහාරයේ දී හදුන්වන්නේ Ortho mode ලෙසය. මෙම command එක මගින් AutoCAD තුල සියලු ‍චලනයන් X,Y‍හෝ Z අක්ෂ ඔස්සේ කිරීම‍ට පමනක් සීමාකෙරේ. ඔබ ජ්‍යාමිතික හා ඉංජිනේරු ඇදීම හදාරා ඇත්නම් මෙය “ටී රූල” හා විහිත චතුරස්‍ර භාවිතයෙන් කරනා රේඛා ඇදීම‍ට බෙහෙවින් ම සමානය. දැන් අපි මෙය ප්‍රායෝගිකව අත්හදා බලමු. අප පාදයක දිග 10 හා 5 වු ඍජුකෝණාස්‍රයක් නිර්මාණය කරමු.

Ortho mode On/Off කිරීම

මේ සඳහා පහසුම මග නම් F8 Function key එක press කිරීමයි. On/Off දෙකම සඳහා භාවිතා කරණුයේ මෙම Key එකම වේ. වරක් press කළ විට on වන අතර, දෙවන වර press කිරීමේ දී off වේ.

තවද Status Bar එකේ ඇති ORTHO Button එක මත Click කිරීමෙන් ද මෙය On/Off කළ හැක.

මෙය AutoCAD පැරණි වෙඵම් වල අංක 01 රූපයේ ආකාරයටද නව වෙළුම් වල අංක 02 රූපයේ ලෙසද දැකිවේ.

   රූපය 01   රූපය 02

ඍජුකෝණාස්‍රයක් ඇදීම

Ortho On කරන්න (‍F8 key එක වරක් press කර Ortho mode එක on වුවා නම් command window එක තුල ‍ ලෙස දක්නට ලැබේ.)

පළමු පියවර

Line command එක දෙන්න AutoCAD, Model Space එකේ වම් පසට වන්නට click කර Crosshair එක දකුණු පසට වන්නට move කරණ්න.

දෙවන පියවර

ඉන්පසු 10 ලෙස type කර එක් වරක් enter කරණ්න.

තෙවන පියවර

දැන් ඍජුකොණාස්‍රයේ පළමු පාදය ඇද අවසන් ය. ඉන් පසුව Crosshair එක ඉහලට ගෙන 5 ‍ලෙස type කර එක් වරක් enter කරණ්න. රූපය 03 බලන්න.

අවසන් පියවර

දැන් නැවත වම් පසට Crosshair එක move කර 10 ලෙස type කර එක් වරක් enter කරණ්න. ඍජුකෝනාස්‍රය අවසන් කරීමට C අකුර type කර එක් වරක් enter කරණ්න.

මෙ පිළිබඳව වැඩි දුර‍ටත් ලබන සතියේ දි සාකච්ඡා කරමු.

*  AutoCAD හී ඔබ‍‍ට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්  එය tellme@handiye.com ලිපිනය‍ට යොමු කරන්න ඉදිරි ලිපි සැකසීමේ දී මේ පිළිබද විගේෂ අවධානය යොමුකරණු ලැ‍‍බේ.

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
Indika Wijesekara.
AutoCAD Specialist,
Infotechs IDEAS (Pvt.)Ltd.,
Galle Road, Colombo 03.

 
 
අදහස් ගණන : (01)   මෙය කියවාඇති ගනන : (218)
antimai

මම : suranga

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov