පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
වෑර්ලස් අහන්න
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.  හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

AutoCAD 2010 - පාඩම් අංක 03

Line Command (සරල රේඛා ඇදීම)

AutoCAD වලින් රේඛා ඇදීම‍ පිළිබඳව ත‍ව දුරටත් කථා කරමු.

line command ප‍හත ලෙස දිය හැක. මේ පිළිබඳ පසුගිය සතියේදී  (2009/10/05)  පුළුල් ලෙස කථා කලේය.

Icon  Menu  Command  Alias 
 Icon Draw -> Line  line  (L) 

ඉහත ලෙස line command එක දුන්පසු AutoCAD, command window එක තුල මෙසේ දිස් වෙයි
Command: LINE Specify first point:
මින් කියවෙනුයේ සරල‍ රේඛාව ඇදීම සඳහා අවශ්‍ය පළමු ලක්ෂය AutoCAD තිරය මත‍ට ඇතුලත් කරණ ලෙසය.

දැන් ඔබ කැමති ස්ථානයක‍ට mouse එක ගෙන click කරන්න. එවි‍ට නැවත AutoCAD ඔබ ගෙන් මෙසේ අසයි
Command: Specify next point or [Undo]:.
මින් අසන්නේ ඔබේ සරල රේඛාවේ දෙවන ලක්ෂයයි. දෙවන ලක්ෂය AutoCAD තිරය මත click කර අවසන් වු පසු නැවතත් පෙර ලෙසම අසයි. ඔබට අවශ තරම් සරල රේඛා ඇද command එක අවසන් කිරීම‍ට Enter key එක ඔබන්න.

* ඔබ‍ට Line command එක අකර මගදී නතර කිරීම‍ට අවශ්‍ය නමු Esc key එක දෙවරක් තද කරන්න.

* AutoCAD වල ඕනෑම command එකක් දීමට පෙර command window එක තුල Commad: ලෙස දිස්වී තිබිය යුතුය. (රූපය බලන්න)

ඍජුකෝණික ඛණ්ඩාංක භාවිතයෙන් රේඛා ඇදීම

දැන් අපි පාදයක දිග 10 හා 5 වන ඍජුකොණාස්‍රයක් නිර්මාණය කරමු.

මුලින්ම අංක 01 රූ‍පයේ ආකරය‍ට ඇදීමට යන ඍජුකොණාස්‍රයේ පාට රතු කරගන්න.


                                (අංක 02)

         (අංක 01)

  • Line command එක දෙන්න ( L ලෙස type කර Enter කරන්න)

  • Command Window එක තුල  (0,0) ලෙස type කරන්න. (මෙය ඍජුකොණාස්‍රයේ ආරම්භක ලක්ෂය - අංක දෙක රූපය)

  • නැවත Command Window තුල 10,0 ලෙස type කර Enter කරන්න.

  • නැවත Command Window තුල 10,5 ලෙස type කර Enter කරන්න.

  • නැවත Command Window තුල 0,5 ලෙස type කර Enter කරන්න.                                        (අංක 03)

  • අවසන් කිරීම‍‍ට Command Window තුල C අකුර type කර Enter කරන්න.

මෙම පිය‍වර නිවැරදි ව දී ඇති පිළිවල අංක 03 රූපයේ දැක්වේ.

ඩ්‍රැවක ඛණ්ඩාංක භාවිතයෙන් සරල‍රේඛා ඇදීම

ඉහත ඍජුකොණාස්‍රයම අප දැන් ඩ්‍රැවක ඛණ්ඩාංක භාවිතා කර නිර්මාණය කරමු. ඩ්‍රැවක ඛණ්ඩාංක යනු දිග හා දිගංශය (උතුරේ සිට දක්ෂිනාවර්තව මණින ලද ‍කෝණය) උපයෝගි කර රේඛා නිර්මාණ හා රේඛාවක ගුණ විස්තර කල හැකි ක්‍රමයකි.

  • Line command එක දෙන්න ( L ලෙස type කර Enter කරන්න)

  • Command Window එක තුල  (0,0) ලෙස type කරන්න.

  • නැවත Command Window තුල 10<0 ලෙස type කර Enter කරන්න.

  • නැවත Command Window තුල @5<90 ලෙස type කර Enter කරන්න.

  • නැවත Command Window තුල @-10<0 ලෙස type කර Enter කරන්න.                            (අංක 04)

  • අවසන් කිරීම‍‍ට Command Window තුල C අකුර type කර Enter කරන්න.

මෙය ඔබ‍ට තරමක් ගැටලු සහගත විය හැක. අප දැන් එය නිරවුල් කර ගැණිම‍ට බලමු.

AutoCAD තිරය ප්‍රස්තාරයක ආකාරය‍ට ඛණ්ඩාංක වල‍ට බෙදා ඇත. සාමාන්‍ය ‍තත්වයේ දි මෙය පවතින් නේ world coordinate system (WCS) ලෙසය. ඉහත 03 හා 04 රූප වල සුදු පැහැති ඊතල දෙකෙන් X හා Y අක්ෂ පෙන්නුම් කෙරේ. ඊතල ‍‍‍‍‍‍ඡෙදනය ලක්ෂය 0,0 ලක්ෂය වේ.

මුලින්ම අප 0,0 ලෙස ඇතුලත් ‍කලේ සරල ‍රේඛාව 0,0 ලක්ෂයෙන් ආරම්භ කිරීම‍ටය. ඉන් පසුව 10<0 ක‍ලේය. මෙහි 10 යනු රේඛාවේ දිග වේ. "<0" යන්නෙන් අදහස් කරන්නේ දිගංශයයි. මෙහි කොණය අංශක 0 වේ.

තෙවන වර‍ට අපි @5<90 ලෙස ඇතුලත් කෙලෙමු. මෙහි @ මගින් කෙරෙනුයේ මූල ලක්ෂය නැතිනම්  0,0 ලක්ෂය අප අවසන් වරට රේඛාව ඇද නතර කළ ලක්ෂ‍ය ලෙස ගන්නා ලෙස අන කිරීමකී. @ ලකුණ නොමැති‍ව මෙම විධානය දුනහොත් මූල ලක්ෂයේ සිට ඒකක 5 දිග රේඛාවත් අංශක 90 ක දිගංශයකින් ඇදේ.

 

මෙ පිළිබඳව වැඩි දුර‍ටත් ලබන සතියේ දි සාකච්ඡා කරමු.

*  AutoCAD හී ඔබ‍‍ට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්  එය tellme@handiye.com ලිපිනය‍ට යොමු කරන්න ඉදිරි ලිපි සැකසීමේ දී මේ පිළිබද විගේෂ අවධානය යොමුකරණු ලැ‍‍බේ.

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
Indika Wijesekara.
AutoCAD Specialist,
Infotechs IDEAS (Pvt.)Ltd.,
Galle Road, Colombo 03.

 
 
අදහස් ගණන : (01)   මෙය කියවාඇති ගනන : (113)
This site is good.

මම : Bawantha

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 – Immediate treatment for pregnant women. www.flu.gov