AutoCAD 2010 - පාඩම් අංක 02
[හන්දියේ ගුරුගෙදර - AutoCAD 2010 - 2009/10/05]
Line Command (සරල රේඛා ඇදීම)
AutoCAD වලින් රේඛා ඇදීමට ප්‍රථම
සරල රේඛාව පිළිබඳව ටිකක් කථා කරමු.
සරල රෙඛාවක් යනු ලක්ෂ දෙකක් අතර වු කෙටිම දුරයි. ලක්ෂ වලට
ඉංග්‍රිසියෙන් point යැයි කියනු
ලැබේ. එනම් line එකක් ඇදීම සඳහා අවම
වශයෙන් අප point 02ක් දැන සිටීම
අනිවාර්‍ය්‍ය වේ. මෙම point 02
අනුසාරයෙන් සරල රේඛාවක් ඇදීම ජ්‍යාමිතිකව අවශ්‍ය තා හා
ප්‍රායෝගිකව විස්තර කළ හැකි ආකාරය දැන් අප විමසමු.
 

අවස්තා 01
ඉහත 1 රූපයේ කහ පාටින් හා කොළ
පාටින් බිත්ති දෙකක් පෙන්වා ඇත. එම බිත්ති දෙක අතර රතු පාටින් ඇති
point දෙක හරහා
line එකක් ඇදීමට ඇතැයි සිතමු. මෙ වැනි අවස්තාවක
point දෙකෙහිම පිහිටීම් නිශ්චිත බැවින්
A හා B
ලක්ෂ හරහා line එකක් නිර්මාණය කළ
හැක.
අවස්තා 02
රූපය 02 හි දැක්වෙන්නේ ඉඩමක් සදහා
අඩක් නිමකළ සැලසුමකි. මෙහි BS ලෙස
දක්වා ඇත්තේ boundary stone නැතහොත්
මායිම් ගල්ය. BS04 හි පිහිටීම දක්වා
ඇත්තේ ඛණ්ඩාංක ඇසුරෙනි. එම නිසා ඉහත 01
අවස්ථාවේ මෙන් line ඇද ඉතිරය
සම්පූර්ණ කිරීමට අපහසුය. මන්දයත් line
ඇදීමට ප්‍රථම BS04 හි පිහිටීම
නිවැරදිව සොයා පිඹුරු පතෙහි (plan
එකෙහි) සලකුණු කලයුතු බැවිනි.
අවස්තා 03
තෙවන රූපයේ ඇත්තේ මිනින්දෝරුවෙකු විසින් අදින ලද දම්වැල් රේඛා
(chain line)කිහිපයකි. මෙහි
P2 සිට P3
දක්වා දම්වැල් රේඛාව ඇදීම සඳහා දී ඇත්තේ P2
සිට P3 ලක්ෂයට ඇති දිග හා
දිගංශය වේ.
ඇත්තෙන්ම ඉහත දක්වා ඇත්තේ ප්‍රයෝගිකව
AutoCAD
හී line command එක භාවිතයට ගන්නා
අවස්තාවේ. දැන් අප AutoCAD දෙසට
හැරෙමු. AutoCAD මගින්
line command එක නැතහොත් විධානය ක්‍රියාවට නංවන ආකාර
කිහිපයකි.
01. Icon මඟින්
AutoCAD
2009/2010 වෙලුම් වල මේ අකාරයෙන් පවතී.
මෙම
icon එක මතට mouse ය
move කර click
කිරීමෙන් විධානය සක්‍රිය කරගත හැක. එනමුත්
AutoCAD 2008 වල සිට පහල වෙලුම් සඳහා මෙය ඇත්තේ දකුණුපස ඇති
ආකාරයෙනි.
02.
Menu භාවිතයෙන් :
මෙය AutoCAD 2009/2010 වලදී දැකගත
නොහැක ( අවශ්‍ය විටක menu bar එක
ලබාගන්නා අයුරු ඉදිරි යේදී විස්තර කරණු ලැබේ. ) තවද මෙම
අණුපිළියවෙල මින් පසු මෙසේ දක්වනු ලැබේ.
Draw -> Line
03. command window භාවිතයෙන් :
මෙහි
දි කෙරෙනුයේ
line ලෙස
AutoCAD command window එකේ හි වම්පස
පහල කෙළවරේ
type කර Enter
key එක press කිරීමයි.
04. මෙම ක්‍රමය ඉහත
03. ක්‍රමයම
වන
අතර
Line
ලෙස type නොකර කැපිටල් හො සිම්පල්
"L" පමනක් press
කර enter කිරීමයි.
ඉහත ක්‍රම අතුරින් වඩා කාර්‍යයක්ෂම ක්‍රමය
මෙය වේ.
ඉදිරි පාඩම් වලදී ඉහත විස්තර කළ විධාන දීමේ අනුපිළිවල සැකෙවින්
මෙසේ දක්වනු ලැබේ.
| Icon |
Menu |
Command |
Alias |
 |
Draw -> Line |
line |
(L) |
මෙ පිළිබඳව වැඩි දුරටත් ලබන සතියේ දි සාකච්ඡා කරමු.
*
AutoCAD
හී ඔබට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්
එය
tellme@handiye.com
ලිපිනයට යොමු කරන්න ඉදිරි ලිපි සැකසීමේ දී මේ පිළිබද විගේෂ අවධානය
යොමුකරණු ලැබේ.
 
|