බෝසෙවනේ ලිපි
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

භහග සහ යන්ත්‍ර මන්ත්‍ර ...... අබිං 

"දුවේ, පුතේ, ඔබට තිබෙන ප්‍රබල ප්‍රශ්නයක් නේද? විභාග? විභා‍ගෙ මතක් වෙනකොට ඇඟ වේව්ලනවා, බඩ දනවා. අනේ මන්දා පාස් වේවිද කියලා. මොන කරුමයක් ද මන්ද?"

නෑ එය කරුමයක් නොවෙයි. කර්මයට, දෛවයට, දෙවියන්ට, ලබා උපන් ආකාරයට, කේන්දරයට, මේව පවරලා බෑ. ඇයි ඒ තමන් විසින් ද යමක් කරන්නට තිබෙන නිසා. මම මෙහෙම ලියන කොට ඔබ කියාවි. “ඒක තමයි හාමුදුරුවනේ, අපෙ අම්මත් කිව්වා මට කුජගෙ අපල තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු වල නිරතවන්ට බාධා ඇතිවන්න පුථවන් කියලා” මේව තමයි ඔබව උකටලි කරන්නෙ. ඇතැම් මව් පියො ඉන්නව දරුවාගෙ අධ්‍යාපන කටයුතු වලට උදව් වෙන්නෙ නෑ. අවශ්‍යම අඩුපාඩුවක්වත් අරන් දෙන්නෙ නෑ. ඒත් විභහග ළංවෙන කොට පන්සල්, දේවාලගානෙ දුවනව. යන්ත්‍ර දානව. දරුවාගෙ හැකියාවට වඩා යන්ත්‍ර මන්ත්‍ර වලට විශ්වාසය තබනව.

දුවේ, පුතේ, අපි බොධිපුජා ආදී දේ කළ යුතුයි. පල්ලියෙ, කෝවිලෙ, ස්ලාම් පල්ලියෙ වතාවක් වලට සහභාගි විය යුතුයි. ඒ මානසික වශයෙන් ශක්තියක් ලබාගන්නන. විභාග සමයෙ නිරෝගීව ඉන්න. එහෙම නැතුව විභාග සමත් කරලා දෙන බෝධි, දේවාල, ගැන නම් මම දන්නෙ නෑ. ඒ වගේ ම ඇතැම් නක්‍ෂස්ත්‍ර කරුවො. යන්ත්‍ර හදල දෙනව. විභහග සමත් වෙන්න කියල. “මහා ශිෂ්‍යත්ව යන්ත්‍ර රජයා, මහා සාමාන්‍ය පෙළ යන්ත්‍ර රාජයා” වගේ නම් දාල යන්ත්‍ර පළන් දනව. ඉතින් එහෙම බලගතු එකක් තිබේ නම් ඒ කරන පුද්ගලයා කේන්දර බල බලා යන්ත්‍ර මන්ත්‍ර කර කර ඉන්න ඕන නෑනේ. ඔය හොඳ “සිවිල්” විභාග සමත් කරල දිසාපති කෙනෙක් වෙන්න පුථවන්නෙ. නැත්නම් එයාලගෙ ළමයින්ට ඔය යන්ත්‍ර මන්ත්‍ර වලින් විභාග උසස් ලෙස පාස් කරවල. ව්‍යෛවරු, ඉංජිනේරුවරු කර වන්න පුලු වන්නෙ.

අපි ආගමකින්, නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර වලින් බලා පොරොත්තු වෙන්නෙ. ඔබ තුළ යහපත් චරිතයක් ඇති කරන්න. ඒ අතරින් ආගමික පිළිවෙත් ඉතාම වටිනව. අපි හිතමු මෙහෙම. යම් යන්ත්‍රයක් දැම්මොත් මස් කන්න හොඳ නෑහැ කියල. ඉතින් ඒ තුළින් ඔබේ මනසෙ නරක සිතුවිලි දුරුවෙනව. නිදිමත ආදිය අඩුවෙලා නිරොගීව කටයුතු කරන්න පුථවන් වෙනව. සිත පිරිසිදු වෙන කොට ලේ ධාතුව පිවිතුරු වෙනව. එත කොට නිරොගීවෙන. පාඩම් වැඩට නිරෝගී කම රුකුලක් වෙනව. ඒ විදියෙ පිටු වහලක් මිස වෙනත් ප්‍රාතිහාරය මැතුරු තෙල්වලට, යන්ත්‍ර වලට(සුර), කරන්න බැහෑ. ඕනෑම ආගමික චාරිත්‍රයකිනුත්, වාරිත්‍රයකිනුත් වෙන්නෙ මනස ගොඩ නෑවීමක්, එ වැනි දේවලට නිරත විම දුල පුතාල කළ යුතුයි. හැබැයි හරිදේ දැන ගෙන. අම්මව තාත්තාට කියන්න. මට හාර පන්දාහ වියදම් කරල දාන යන්ත්‍ර(සුර) ඇප නුල්, අවශ්‍ය නැහෑ. බෝධි පුජාවක් කරල කිතුණු, ස්ලාම්, හින්දු දරුවො නම් ඒ ආගමික පුජාවක් කරන්න. ඒ ඇති. පුලුවන්නම් අර අනවශ්‍යදේට වියදම් කරන මුදල් දුල පුතාල ඉල්ලගෙන බැංකු පොතේ දාගන්න.

පුතේ, දුවේ.. ඔබ තවත් දෙයක් මතක තබාගත යුතුයි. විභාගේ ලියන්න. මත් ද්‍රව්‍ය පිටුවහලක් කියලා. නොවෙන බව. යමෙක් හිතනව නම් මත් ද්‍රව්‍ය ගත්තම විභහග ලියන්න පුළුවන්. එය නම් මෝඩම මෝඩ අදහසක්. ඒ වගේම එය ක්‍රියාත්මක කරන්නට ගියොත් ඒ පුද්ගලයන් හද්දා මෝඩයෙක් වෙලා. අවසානෙ කුඩු කාරයෙක් වේලයි නවතින්නෙ. මෝදක ගුලි වල, නැත්නම්. මල් පැට්ටා වල, එසේත් නැත්ත පාරම්පරා වර්ග වල විභහග ලිවිමේ හැකියාවක් හෝ මතකයක් තබා ගැනිමේ බලයක් හෝ ඉක්මනින් අදහස් ගලාගෙන ඒමේ ප්‍රවණතාවයක් අතැයි කිසිදු වෛද්‍යවරයකු පවසා නැහැ. ඒ විතරක් නෙවෙයි. කැස්සට බොන පැණියක් හෝ වෙනත් මත් ද්‍රව්‍යයක, විභහග වලට සහිභාගි විමට අවශ්‍ය ධෛර්යයක් ලබා දීමක් නැහැ. එමගින් කරන්නෙ මොළේ, (ඤාණ) තත්තු මරලා ඔබේ මතකය නැති කොට. අසිහියෙන් යුත් පිස්සෙකු නිර්මාණය කිරීමයි. අවම වශයෙන් ඉගෙන ගන්න කාලෙ බුලත් ටිකක් වත් කන්න පුරුදු වෙන්න එපා. එ වගේම. විභාග කියන පීඩනයෙන් මිදෙන්න යාථවො සමග එකතු වේලා මත් වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදි දේ ශරිර ගත කරගන්න හිතන්නවත් එපා. එ වගේම ඔබව පාස් කර දෙන්න සායි බබා හෝ අංජනන් එලි, බලි තොවිල් නටන අයටත් බැහැ. එ විතරක් නොවෙයි විභහග කිට්ටු කාලෙට එළියට බහින විභාග රහස් කියා දෙන “විභාග භිතිකා වෙළෙන්ඳන් ගෙනුත්” ප්‍රවේශම් වෙන්න. ඔබ ඔබට විශ්වාසය තබන්න. ජය නියතයි!

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
අතිපූ‍ජ්‍ය රාජකීය පණිඩිත ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ
( නිල වෙබ් අඩවිය www.srirahula.com )
(දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ ගේ හා ලෝකවිදූ පදනමේ අවසරය මත පළකරණ ලදී.)
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (262)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov