බෝසෙවනේ ලිපි
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

ප්‍රිය වචනය.

www.හන්දියේ.com
“‍ත‍මේ,ව වාචං භාසෙය්‍ය - යාය ත්තාන න තාපයෙ පරෙ ච න විහිංසෙය්‍ය - සා වෙ වාචා සුභාසිතා”

යම් බසකින් යමෙක් තමාගේ සිත නොතවා නම් අනුන්ද නො වෙහෙසා නම් එය සුභාසිත වචන නම් වේ.

කල්‍යාණ වාක්කරණතා නම් පෙර පිනෙන් ලැබෙන ප්‍රසාදකර ධර්‍ම‍යෙකි. එයින් අදහස් කරන්නේ හොද කථා ඇති බවයි. ඇතැමුන් ලග මේ උසස් ගුණය තිබේ. අනුන්ගේ සිත් රිදෙන අයුරින් කථා කිරීම නරක පුරුද්දකි. මේ නරක පුරුද්ද නිසා බෙහෝ දෙනා තමන් කෙරෙහි කළකිරෙන බවත්, තමන්ට සතුරන් ඇතිවන බවත් අනුන්ගේ ශාපය ලැබෙන බවත් මතක තබාගත යුතුයි.

නිකරුනේ කොයිකාගේ උවත් අමනාපය අප්‍රසාදය ඇති කර ගන්න‍ට උවමනා නැත. ඇතැම් උගත් වැඩිහිටියන් කෙරෙහි ළාබාලයෝ බලවත් ද්වේශයක් දක්වති. මෙය වනාහි වැඩිහිටියන්ගේම වරදින් සිදුවන්නකි. ඇතැම් උගත් මිනිස්සු තැනට ‍නොගැලපෙන විහිළු තහලු කරති. අනුන්ගේ පිළිකුලට ලැජ්ජාවට හේතුවන කවටකම් කරති. දුර දිග නොබලා ක‍ටට ආවක් කියති. එයින් ‍ඔවුන්ගේ ආත්ම ගෞරවය නැති වේ. කියන අසන දෙපක්ෂයේම යහපත‍ට හේතුවන කථාවක් ම කිරීම‍ට අප උත්සහ ගත යුතුය.

සාධු වාචාය සංවරෝ - වචනයේ සංවරය, තැම්පත්කම බෙහෝම හොඳ දෙයකි. නිවන් දකින තුරු අපේ කථාව සංවර කර ගත යුතුයි. එසේ නොකොට විචාරයක් නැති‍‍ව කථාකිරීමෙන් බොරුත් කේළමුත්, අනුන් සිත් වේදනා කරණ වචනත්, ප්‍රලාප හෙවත් දෙලොව‍ටම වැඩක් නැති‍ හිස් වචනත් කටින් පි‍ටවේ, එයින් පවුත් රැස්වේ. පමණ දැන කථාකිරීම උසස් ගුණයකි අනුන්ට අප්‍රිය අමනාප ලෙස කථාකරණ මනුස්සයාගේ කටේ කෙටේරියක් තිබේන බව අපේ බුදු රජාණන් වහන්සේ වදාළ සේක. නරක කථා කරන තැනැත්තා අනුන්ගේ සුව පහසුව‍ට අවහිර කරන්නෙකි. නිදහස‍ට ප්‍රීතියට බාධා කරණ්නෙකි.

මනුඤ්ඤමෙව භාසෙය්‍ය - මිහිරි වචනයක්ම කිය යුතුය.

නාමනුඤ්ඤං කුදාචනං    - අනුන්ට අප්‍රිය අමිහිරි නරක කථාවක් නරක කථාවක්
                                         නම් කිසිකලෙකත් නො කළ යුතුමය.

ම‍ට සිලුටු ප්‍රිය වචන කථා කරණ්නා අනුන්ගේ සිත් සනසන්නෙකි. අනුන්ගේ ආදරය, ගෞරවය‍, ප්‍රසාදය දිනාගන්නෙකි. හොදින් කථා කිරීම‍ට නොහැකිනම් නිහඬව, නිශ්ශබ්දව සිටීම ඉතාම හොඳය. “හිතචිත්තේන සත්තානං භණෙය්‍යං මධුරං ගිරං” මම ජාතියත් ජාතියක් පාසා ම, හැම සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රි සිතින් මිහිරි වචන ම කථා කරණ්නෙක් වේම්වා! යි අප ලක්දිව එක්තරා උතුමෙක් ප්‍රාර්ථනා කළේ ගුණ යහපත් ලෙස කථා කිරීම ලොකු පින්කමක් බැවිනි.

තෙරුවන් ‍බෙලෙන් මුළු ලොව හැම සත්වයෝම සුවපත් වෙත්වා!

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
මහරගම සිරි වජිරඤාණ ධර්‍මායතනවාසී
හිඟුරේ පඤ්ඤාසේකර හිමි
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (307)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov