බෝසෙවනේ ලිපි
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

පාසල් ප්‍රේමය දුකට මුල යි.

දුවේ පුතේ, මාතෘකාව දැක්ක ගමන් ම මෙම ලිපිය පාසල් ප්‍රේමයට විරුද්ධව ලියවුණු එක්ක බවට ඔබ තීරණය කොට අවසානයි නේද? එය හරියට 2, 4, 6, 8 කියලා ඊළග පදය කීයද කියලා ඇසුවොත් ඔබ එක්කවරම 10 කියලා කියනවා වගේ. ඒත් ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා කියවලාම බලන්න කො ...

අම්මාට තාත්තාට, දරුවො හැටියට අප ආදරේයි. මව් පියොත් එහෙමමයි, දරුවන්ට ආදරෙයි. හැබැයි මේ ආදරය හරිම නිර්මලයි. පිවිතුරුයි සුන්දරයි. අහිංසකයි. එහෙත් විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන බැදිම් කිසිවක් බලාපොරොත්තුවක් නොමැතිව මව් පියො දරුවන්ට දක්වන ආදරයක් වගේ නොවෙයි. එහි බලාපොරොත්තු තිබෙනව. අවම වශයෙන් ජිවිතයවත්.. ඔබ පුදුම වුණා නේද? ජිවිතය කියන්නේ පොඩි දෙයක් ද කියලා. ඒක ඇත්ත දුවේ, පුතේ, ප්‍රේම කරන විට අඩුම ලංසුව ජිවිතේට දෙන්නෙ බෑ කිව්වොත් පිහිපාර, හා කිව්වොත් ... පණමෙන් රුක්ක චරිතවත් බව නැත්තම් ප්‍රණ හා සමාන මව් පියො දාලා පැනලා යං. දෙමව් පියො අකමැති නම්.. වහා කාලා හො බීල, කොච්චියට පැනල, ගෙල වැලදාගෙන, ළිදේ පැනලා මැරෙනව. නැත්නම් කවදාවත්ම බදින්නෙ නෑ කියලා තනිකඩව ඉන්නව. ඉතින් ඒ, ජිවිතේ එතරම් වටින්නෙ නැති නිසා නේද?

දුවේ, පුතේ, ඔබ දැන් වයස අවු: 12 ඉක්මවු අය. ඔය වයසට කියනව “සමපදස්ත කණ්ඩායම” සමය කියලා ඔයාලට දැන් වීරයො වගේ පේන්නෙ යාළුවො තමයි. අම්ම, තාත්තා, දැන් ක්‍රි:පු: 6 සියවසෙ අය නැත්නම් කොණ්ඩෙ බැදපු චීන්නු. එහෙමත් නැත්නම් මොනවත්ම දන්නෙ නැති කියවන් නම් වාලෙ කියවන මහ කරදරකාරයො වගේ නේ පේනනෙ. එත් දරුවනේ, තවම ඔයාලා කන්නෙ, බොන්නෙ, අඳින්නෙ, පළඳින්නෙ, තෑගි වුවමාරු කරගන්නෙ උපකාරක පන්තිවලට ගෙවන්නෙ අම්මා තාත්තගෙ දේවල් නේද? ඉතින් කිසිම බරක් නොදැනෙන කාලෙ ප්‍රේම කරන්න ලේසියි.

ටෙලි නාට්‍ය වල, නව කථාවල පාසල් ප්‍රේම ගැන සඳහන් වේවි. එත් එව එතරම් ශුභදායි අදර්ශ ලෙස ගන්න එක හොඳ ද? හොඳයි.. මෙහෙම සිතන්න. පාසල් සමයෙ යාලු වෙච්ච අය විශ්ව විද්‍යාලෙට තේරුණාම පවතිනවාද? විශ්ව විද්‍යාලෙ ප්‍රේම එයින් ඉවත් වුණාම කීයෙන් කීයද තියෙන්නෙ. වැඩියෙන්ම වෙලා තියෙන්නෙ විභාග අසාර්ථක කරගෙන, ජිවිතෙන් කාලකණ්ණි කරගෙන කොන්වි දුක් විඳිම පමණයි. එත් මම නම් කියන්නෙ දු පුතුන්ට සැබැවටම පාසල් ප්‍රේමය අවශ්‍යයි කියලා. දුවේ, පුතේ, ඔබ ඔබෙි පාසලට ප්‍රේම කරන්න. ඊළගට ගුරු මව් පියන්ට. ඊළගට ඔබ හදාරණ විෂය ධාරාවට.ඔබ ආදරය කරන්න ගණිතයට, විද්‍යාවට. ආදී වශයෙන් විෂයනට.

ඔබ සැබැ ලෙසම ප්‍රේමවන්තයකු බවට පාසලේදී පත්වුවහොත් එ ප්‍රෙු්මය ලබන විෂය ඔබව උසස් කොට තියාවි. දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක් කථකයෙක්, ක්‍රිඩකයෙක්, ගායකයෙක්, වාදකයෙක්, නෑට්ටුවෙක් බවට පත් කරාවි. පුරුෂ වාචීව ලීවට දුලටත් එක්ක මේ කියන්නෙ. ඔබ උසස් පෙළ කරන්න සුදුස්සෙක් කරාවි. එසේ නොමැතිව පිරිමි, ගැහැණු වශයෙන් ඔබ බැදුණු සබඳතාවක් ඇති කරගතහොත් එය ඔබ දෙපළට ඔබ දෙපළ ලැබුණත් ,ප්‍රේමය ජයගන්නයි කියලා උදම් ඇණුවත් වැඩි කලක් යන්ට පෙර දුක ගලාගෙන එවි.

එ බැවින් දුවේ පුතේ මගේ ඉල්ලිම නම් සියල්ලට පෙර ඔබ ඔබටම ප්‍රේම කරන්න. ඔබ දක්‍ෂයකු වන්න. හොඳ ගුණ ධර්ම පිළි පදින්න. මත් ද්‍රව්‍ය, මත් වතුර, ආදියෙන් වළ කින්න. හොඳට පාඩම් කරන්න. ගණන් හදන්න. රචනා ලියන්න. ඔබ ඔබටම ආදරෙයි කියන එකයි. එලෙස විභාග සමත් කොට ලොකු මිනිසෙක්, ගැණියක් වන්න. එවිට මුළු ලෝකෙම ඔබ ළඟට ඒවි.

පුංචි අවධියෙදි තරුණ කාලෙ කරන්ට ඕන දේ කරන්න යන්න එපා . එවිට පිපෙන්නන තිබෙන මලක් පිප්පෙව්ව වගෙයි. සුවඳ නැති වෙලා යාවි, ලස්සන නැති වේවි. ඒ නිසා මගෙ දුවේ පුතේ... ඉතාම ආදරයෙන් කියන්නෙ ඔබ ළඟ සිටින පිරිමි ළමයා හෝ ගැහැණු ළමයා ඔබේම සහෝදරියක බව සිතන්න. නැතිනම් සහෝදරයා බව සිතන්න. මිත්‍රත්වය හොඳයි, සහෝදරත්වය හොඳයි. එහෙත් ඊට එහාට නො සිතන්න. නො ඇලෙන්න පාසල, පංතිය, මග නොහරින්න. චිත්‍ර පට ශාලා, උද්‍යාන, මුහුදු වෙරළ, බස්රථවල පිටුපස ආසනයි, ඔබෙි කුමර කුමරි බඹසර වනසා ගන්න ස්ථාන බවට පත් නොකර ගන්න. මගේ දුවේ පුතේ, ඔබව යමෙක් සැබෑ ලෙස ප්‍රේම කරයිනම්....

  • ඔබට තනි පංගලමෙ සිටින්නට කථා නොකරයි.

  • ඔබව දෙනො දහක් මැදදී ලැජ්ජාවට පත් නොකරයි. ( එනම් සිප වැළඳ ගැනීම් ආදියට ලක් නොකරයි ) ඔබේ රහස්‍ය ප්‍රදේශ වලට අත් නොතබයි..

  • මව් පියන්ට හොරෙන් ගමන් යැමට කථා නොකරයි.

  • ඔබ විසින් නො කරන ලදදේ කළේ යැයි යහථවන්ට නොකියයි. (නිද:- මම එයත් එක්ක චිත්‍ර පටියක් බලලා තිබෙනව වගේ දේ )

  • ඔබව පොරොන්දු කරවා ගැනීමට ලෙයින් අත්සන් කළ ලිපි වැනි දේ නො යිල්ලයි.

  • බලෙන් පැමිණ ඔබේ දෙමා පියන් ගෙන් කැමැත්ත නො ඉල්ලයි.

  • යහලු යෙහෙළියන් යොමු කොට පෙරැත්ත කිරීම් මගින් පොළඹවා ගැනීමට නො බලයි.

  • අඳුම් ආයිත්තම්, කොණ්ඩ මොස්තර, ඇඟ පෙනෙන සේ ගන්නට උත්සහා නො කරයි.

කොටින්ම කියතොත් තමන්ට ‍ප්‍රේම කරන්න හෝ තමන් අනෙකෙකුට ප්‍රේම කරයි නම් ඔහුට හෝ ඇයට කිසිදු කරදරයක්, යොජනාවක්, චෝදනාවක් නොකොට තමන්ගෙ පාඩුවෙ තමන්ගේ වැඩ ටික කර ගනියි. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම අදාළයි.

එබැවින් දුවේ, පුතේ, ඔබගේ දැලි රුවුල් ඇදෙන සමය බව හැබෑය. කර දඬු ඉහළ යන, හෝමෝන ක්‍රියා වලියට හුරුවන සමය බව සැබෑය. එහෙත් එහෙමයි කියා පාසල් අධ්‍යාපනය විනාශ කර නොගන්න. එසේ වුවහොත් ඔබගෙත්, අං ඇඳී ගෙන එන වස්සෙකු ගේ හා වැස්සියකගේත් වෙනසක් දක්නට නොලැබේවි. එබැවින් පාසල් ප්‍රේමය දුකට මුලයි. එහෙත් පාසලට හා විෂයන්ට, පොත් පතට ඇතිප්‍රේමය සැපට මුලයි.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
අතිපූ‍ජ්‍ය රාජකීය පණිඩිත ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ
( නිල වෙබ් අඩවිය www.srirahula.com )
(දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ ගේ හා ලෝකවිදූ පදනමේ අවසරය මත පළකරණ ලදී.)
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (403)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov