අත්වැල
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

නැතුවම බැරි ‍රූපලා‍වන්‍ය හා කේශාලංකරණය 

ශ්‍රි ලාංකේය ‍රූපලා‍වන්‍ය හා කේශාලංකරණ කලාව‍ට හෙවත් ශිල්පයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට අපගේ‍‍ ඓතිහාසික ස්ථානවල ඇති බිතු සිතුවම් කිදිම සාක්ෂියක් සපයයි. අපගේ රජ ‍පෙළපත් වල සි‍ටි බිසෝවරුන්, කුමරියන්, සිටු කුමරියන් හා ප්‍රභූ පැලැන්තියත් එසේම සමාජයේ විවිධ තරාතිරම්වල සි‍ටි කාන්තාවන්ද අඩු ‍‍වැඩි වශයෙන් රූපාලංකාරණය ‍හා කේශාලංකරය කළ බව‍ට ජනශ්‍රැති, ජන ගායනා, ජනප්‍රවාද, පුරාවෘත අනුව රූපාලංකරණය සහ කේශාලංකරණය ශ්‍රි ලාංකික සමාජයේ ඈත අතීතයේ පටන්ම පැවතගෙන එන ශිල්පයක් බවත් එම ශිල්පය පවත්වාගෙ‍න ගිය ශිල්පීන් ‍ශිල්පි‍නියන් සිටි බවත් පැහැදිල වේ.

අදවන වි‍ට ගෝලීයකරණය, විද්‍යුත් සංනිවේදනය, තාක්ශණය, වෙළද ප්‍රවර්ධනය හා අලවිකරණය යනාදි විවිධ හේතු නිසා රූපාලංකරණය හා කේශාලංකරණය යන ක්ෂේත්‍ර ඉතා දියුණු සහ ලාභදායි ව්‍යාපාර බ‍ව‍ට පත්ව තිබේ. නාගරික ඉහල පන්තිය යැයි හඳුන්වන පිරිසක‍ට පමළණක් සීමා වී තිබු ශිල්පීය රූපාලංකරණය හා කේශාලංකරණය වත්මන වන විට ඈත ප්‍රදේශිය ජන සමාජය දක්වාම විහිදුවන ක‍්ෂේත්‍රයක් බවට පත්ව ඇත. මෑත අතීතයේදි මංගල දිනයට පමණක් හැඩ ගැන්වීම් කළ යුවතිය අද සාමාන්‍ය ගමන‍ට බිමනට ද අඩු වැඩි වශයෙන් හැඩ ගැන්වීම් කරගන්නා තත්වය‍ට පත්ව ඇත. රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රය සමඟ වක්‍රව හා ඍජුව සම්බණ්ධතා පවත්වන විවිධ ශිල්පීය, වෘත්තීය, සේවා හා නිශ්පාදන ආදී ලෙස පුළුල්ව ගොඩ නැගුණු තවත් ක්ෂේත්‍ර රාශියක් ද අද වන විට දකින්න‍ට හැකියාව ඇත. එසේම ‍රූපලා‍වන්ය‍ හා කේශාලංකරණ ශිල්පීන්ට ඉහල වටිනාකමක් සමාජ තත්වයක්  අද උරුමවී ඇති බවද පෙනේ.

වර්තමාන ශ්‍රි ලාංකේය රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රය මෑත කාලය තුලදි වඩාත් වේගයෙන් ව්‍යාප්ත වු සහ දියුණු වු ක්‍ෂේත්‍රයක් ලෙස හැඳින්වුවහොත් එය වඩාත් නිවැරදිය. එය මෙලෙස වර්ධනය විම‍ට බලපෑ කාරණා කිහිපක්ම ඇත. මෙම ක්‍ෂේත්‍රය‍ට පිවිසීමට අවශ්‍ය මාර්‍ගෝපදේශණයන් සහ මෙම ක්ෂේත්‍රයෙන් ඉදිරිය‍ට යාහැකි  මංපෙත් පිළිබඳව ඉදිරියේ දී අප සාකච්ඡා කරමු.

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
ශීල ප්‍රනාන්දු මහත්මිය
ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පීණී සමග
ශිරාන් පෙරේරා මහතා
ප්‍රධාන ලේඛම්/ප්‍රධාන විධායක නිළධාරි,
ලංකා වෘතීය කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගම‍ය.
(PHABA)
 
 
අදහස් ගණන : (00)   මෙය කියවාඇති ගනන : (00)
ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
ශ්‍රී ‍ලංකාවේ වේලාව
 
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov