කේශාලංකරණය
[හන්දියේ අත්වැල -
Brautyculture - 2009/10/26]
කේශාලංකාරයට
හා රූපාලංකරණය දීර්ඝ ඉතිහාසයක් ඇතිබව අප පසුගිය දිනක ඉතිහාසයක්
ඇති බව අප පසුගිය දිනක කථා කෙළෙමු. කේශාලංකරණය යනු මනුශ්‍යාගේ කේෂ
කල්යාණිය මැනවින් පවත්වාගෙන යාම සඳහා කරන්නාවු සත්කාරමය
ක්‍රියාදාමයන් සහ එම කෙස් කළඹ එම කෙස්කළඹ අලංකාරවත්ව තබා ගැණිම
පිණිස කරණු ලබන ක්‍රියාදාමයන්ය.
මෙසේ කිරීමට මිනිසා ශිෂ්ඨ සම්පන්න වීමට පටන් ගැනීමත් සමග පුරුදු
විය. කෙස් කළඹ මිනිස් ප්‍රතිරූපය සහ බාහිර පෞර්ෂ ප්‍රතිරූපය
පිළිඹිබු කිරීමට බලපාන ප්‍රධාන සාධකයක් නිසා එය රැක ගැණිම සහ
අලංකාරව තබාගැණිම කෙරෙහි නිරායාසයෙන්ම මිනිසා යොමු විය. ස්නානයේදි
හිස පොදු පිරිසුදු කිරීම, විවිධ තෙල් වර්ග, යුෂ වර්ග ගැල්වීම,
ආලේප කිරීම, සම්භාහනය කිරීම, හිස පීරා සකසා ගැණිම වැනි ප්‍රාථමික
ක්‍රම වේදයන් මගින් හෝ සිහි කල්පනාව ඇති සෑම මනුෂ්‍යයෙකුම
කේශාලංකරණය කිරීම සාමාන්‍ය සිරිතක් කොට ඇත.
එනමුදු මින්සු ශිෂ්ඨාචාරය ක්‍රමයෙන් දියුනුවත්ම මෙකී මුලික
ක්‍රමවෙදයන් සංකීර්ණ වු අතර අදවන විට එකී කේශාලංකරණ ක්‍රමවේදවන්
වඩාත් සංකීර්ණ තත්වයට පත්ව ඇත. Hair care industry ලෙස වඩාත්
වේගයෙන් දියුණු වු ක්ෂේත්‍රයක් ලෙස ශ්‍රි ලාංකික සමාජයේද
කේශාලංකරණය කෙරෙහි වර්ධනාක්මක යොමු වීමක් දැකිය හැකිය. කොණ්ඩ කැපීම
පිළිබඳව සැලකිමේදී බොබ් කට්, ෂොට් බොබ් කට්, ලේයර්, ලොන්ග්
ලේයර්ස්, ස්ලිදරින්ග්, එප් කට්, මෂ්රූම් කට්, ආදී නම් වලින්
හැදින්වෙන විවිධාකාර හැඩතල ගන්නා ක්‍රමවේදයන් හා විලාසිතාවන්
රාශියක් ඇති අතර මේ අතරට නව නම් වලින් හඳුන්ව නව විලාසිතා
එකතුවෙමින් පවතී. කේශාලංකරණය කිරීමේ ක්‍රමවේදයන් හා විලාසිතාවන්
රාශියක් ඇති අතර මේ අතුරට නව නම් වලින් හඳුන්වන විලාසිතාවන් එක්
වෙමින් පවති. කේශාලංකරණය කිරීමේ ක්‍රමවේදයන් හා විලාසිතාවන් විශාල
ප්‍රමාණයක් ඇති අතර ප්‍රාථමික කොණ්ඩා කැපීමක් කිරීම හා ඒ සඳහා
සූදානම් කිරීම පිළිබඳව ලබන සතියේ දී සාකඡ්චා කරමු.
|